Epilogue - 3

681 127 27
                                    

"ටේහ්යුංනා ඇයි උබ අද මාව ඇහැරුවේ නැත්තේ? බලපං ඇකඩමිය පටන් ගන්නත් ලං වෙලා"
ජිමින් ඉක්මනට ඔහුගේ සොහොන් කොතින් අවදිව ඇකඩමියට යාමට සූදානම් වුණා. ඔවුන් දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇති අතර වෙනත් දින වලදී නම් ටේහ්යුං විසින් ඔවුන්ව අවදි කරවුවද අද ටේහ්යුං එලෙස කර නැත.

"ටේහ්යුං?"
ජිමින් ටේහ්යුංට ඇමතුවද ඔහුගෙන් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නැහැ.

"ටේහ්යුං උබ මැරිලද?"
ජිමින් ටේහ්යුංගේ ඇස් ඉස්සරහින් අත එහේ මෙහේ කලා.

"අපි මැරිලා හුගක් කල් ජිමින්... ආපහු අපිට මැරෙන්න බෑ"
ටේහ්යුං පාවෙලා ගොස් කනත්තේ කෙලවරක වෙන්න තිබුණු තාප්පය උඩින් වාඩි වුණා. ජිමිනුත් ඔහු පසුපසම එතනට පැමිණියා.

"ඒකත් ඇත්ත තමයි... උබ මැරිලත් නැත්නම් ඇයි ඔහොම ඉන්නේ? අපිට හොදටම පරක්කු වෙලා ඇකඩමි එකට යන්න... එන්න යමු දැන් අපි"
ජිමින් ටේහ්යුංට පෙරැත්ත කලා.

"ඔයා යන්න ජිමින් මට අද එන්න බෑ වගේ..."

"උබට උණ සන්නිපාතයවත් හැදිලද?" ජිමින් ටේහ්යුංගේ නලලට අත තියලා බලද්දී ටේහ්යුං ඔහුගේ අත ගසා දැමුවා.

ටේහ්යුං ඊයේ රාත්‍රීයේ සිටම යම් කරුණක් ගැන සිතන බව දුටු ජිමින් මදකට නිශ්ශබ්ද වුණා. නමුත් නිහැඩියාව බිද ටේහ්යුං කතා කලා.

"ඔයා දවසක් ඇහුවා නේද අපිට ආපහු ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නේ කියලා..."
ටේහ්යුං අසද්දී ජිමින් ඒ පිලිබඳව මදක් මතක් කරා.

"ආ ඔව්නේ... ඒත් එදා උබ කිව්වේ මෙහෙම ජීවත් වෙන එක හොදයි කියලා... කන්න ඕන නෑ, ලෙඩ නෑ, අවුලක් නැතුව ඉන්න පුළුවන් නිසා ඔයා ඒ අවස්ථාව මග අරිනවා කියලනේ කිව්වේ..."
ජිමින් එදින ටේහ්යුං විසින් පැවසූ උත්තරය ගැන පවසා සිටියා.

"හම් ඒත් අද මට ඕනා ආපහු ජීවත් වෙන්න... හැබැයි ඉක්මනට ලොකු වෙන්න ඕනා- හරියට එයාගේ වයසේ තරමටම"
ටේහ්යුං කටහඩ ගොඩක් දුර්වල වී මෙන් වෙව්ලනවා.

"ටේහ්යුං උබ ඊයේ රැයින් පස්සේ හෙනට වෙනස් වෙලා... මේ අහපං මං උබෙන් ඒකට හේතුව අහන්න දැන් යන්නේ නෑ... ඒත් මං කැමති නෑ උබ ඔහොම පැත්ත ගහලා ඉන්නවට ඒක නිසා වරෙන් දැන් ඇකඩමියට යන්න..."
ජිමින් එලෙස පවසා ටේහ්යුංවත් ඇදගෙනම මෙන් ඇකඩමිය තුලට ඇතුල් උනා.

ජිමින් කෙලින්ම ටේහ්යුංවත් රැගෙන ඔවුන්ගේ පන්ති කාමරය වෙතට යාමට සැරසුනත් ටේහ්යුං ඔහුව නතර කලා.

"තව ටික වෙලාවක් තියෙනවානේ පන්ති පටන් ගන්න මං ටිකක් අර පැත්තට ගිහින් එන්නම්"
ජිමින්ගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවූ ටේහ්යුං ඔහු කිසිවක් පැවසීමට පෙරම එතනින් වහා පියඹා පැමිණියා

ටේහ්යුං පැමිණියේ පෙර දින තවත් හොල්මනක්ය කියා මනුෂ්‍ය ජන්ග්කුක්ව සිප ගත් ස්ථානයටයි.

පෙරදින තමන් විසින් මනුෂ්‍ය කොල්ලෙක්ව සිප ගත් ආකාරය මතක් වූ ටේහ්යුංට සෙමින් මුහුණේ සිනහවක් ඇදුනා.

"ඔයා ඇයි මනුස්සයෙක් උනේ?"
ටේහ්යුං ගොඩක් දුක්මුසුව පැවසුවා.

ඔහු සිතුවේ ඔහු එතන තනිව සිටිනවා කියලා උනත් එතන තවත් අයෙකු සිටියා. ටේහ්යුංගේ කතාව අහගෙන සිටි ඔහු තම හඩ අවදි කලා.

"ඔයා ඇයි මැරුනේ කිම් ටේහ්යුං?"











-The End-









_________________________________

දැන් නම් ඇත්තටම ඉවරයි හොදේ කතාව.

කතාව ලිව්වි මගේ යාලුවා මං එයා ලියලා දුන්න එවාගේ මිස්ටේක්ස් හදලා දැම්මා විතරයි. Epilogue එක නම් මමයි ලව්වේ. ඉතින් ඒ දෙකේ භාෂාව හැසිරවීමේ පොඩි පොඩි වෙනස්කම් ඇති ඒක ගනන් ගන්න එපා.

Part 2 එකක් නෑ මං කතාව complete කලා epilogue එකෙන්. ඒ දෙන්නා එකතු වෙයිද නැද්ද කියලා ඔයාලට හිතන්න පුලුවන්.

කතාව ගැන පුංචි අදහසක් දාඛෙන යන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

Bye
Sarangeo💚💜

The Ghost Proof |TK|✔Where stories live. Discover now