ලාමියා

70 14 1
                                    

ලාමියා කියන්නේ ග්‍රීක මිත්‍යාවට විතරක් සීමා වුණ කෙනෙක් නෙවෙයි. මෙයා ගැන මිත්‍යාවන් කිහිපයකම කියවෙනවා. ඒක නිසාම ලාමියා කියන මිත්‍යා චරිතය ගැන විස්තරයක් තමයි අද ගෙනාවෙ.

ග්‍රීක මිත්‍යාවට අනුව ලාමියා කියන්නේ කුඩා දරුවන්ව ආහාරයට ගන්න රාක්ෂණියක්. ඒ වගේම අනෙක් බොහෝ රාක්ෂයෝ වගේම ඇයත් උපතින්නම් රාක්ෂයෙක් නෙවෙයි.

ඇය සුන්දර තරුණියක්. ඒ වගේම ඇය සියුස්ගේ පෙම්වතියක්. නමුත් සියුස්ගේ ඊර්ෂ්‍යාකාර බිරිඳ හේරා මේ සම්බන්ධය දැනගත්තහම ලාමියාගෙ හැම ළමයෙක්වම සොරකම් කරලා විනාශ කරනවා. හේරා, ලාමියා ලවා ම ඇගේ දරුවන්ම මරා දමවන්න කියලා ඇයට ශාප කලා කියලයි කියන්නේ. ඇයගේ සිත් වේදනාව නිසා ඇයගේ ප්‍රතිරූපය කුඩා දරුවන් දඩයම්කර මරාදමන රාක්ෂණියක් විදිහ බව⁣ට පත්කළා.

Diodorus Siculus කියන ග්‍රීක ඉතිහාසඥයාට අනුව ලාමියා කියන්නේ Libya වල රැජිනක්. ඇය ඇගේ සෙබළුන්ට, රාජ්‍යයේ සිටින මව්වරුන්ගෙන් ඔවුන්ගේ ළමයින්ව උදුරාගෙන මරා දමන්න කියලා අණ කලාලු.

එක්තරා මිත්‍යාවකට අනුව හේරා විසින් ලාමියාගේ නිදාගැනීමේ හැකියාව නැති කළාලු. එමඟින් ඇයට නිතරම තම දරුවන්ගේ වියෝව සිහිවීමට සැලැස්වුවාලු. නමුත් සියුස් ඇයට ඉවත්කළහැකි ඇස් ලබාදීලා සහනය ලබා දුන්නාලු. ඒ වගේම සියුස් ඇයට තමන්ගේ රූපය වෙනස් කිරීමේ හැකියාවක් ලබා දුන්නාලු.

කොහොමහරි මේ මිත්‍යාව නිසා, අම්මලා තමන්ගෙ ළමයින්ව බය කරන්වලා ඔවුන්ට හොඳපුරුදු ඇතිකරවන්න ලාමියාගෙ නම යොදා ගත්තාලු. (හරියට ගෝනිබිල්ලා වගේ)

තවත් කතාවක සඳහන් වෙනවා ඇපලෝ ලාමියාව Argos කියන නඟරයට යැව්වා කියලා. එහේදි Coroebus විසින් ඇයව මරා දැම්මලු.

අන්තර්ජාලයේ සමහර තැන්වල ඇය පොසයිඩන්ගේ දුවෙක් විදිහටත් සලකනවා. එයා scylla කියන මුහුදු රාක්ෂියගේ මව විදිහටත් හඳුන්වනවා. ඒකාලෙ හිටියෙ නැති නිසා ඉතින් මමනම් දන්නෑ මේවගෙන් මොන කතාවද හරි කියලා.

ඒවගේම තවත් අය කියනවා ඇය උපත ලැබුවේ සර්පයෙක් සහ ළදැරියක් එක්කිරීමෙන්ලු.  ඒ ගැන මර්ලින් ටෙලි සීරිස් එකේ එපියකුත් තිබ්බා වගේ මතකයි. එහිදී ඇයව එම්පොසා (Empousa)ට යම් තරමකින් සමාන වෙනවා. සර්පයෙකුගේ යටිකයක් සහ සුන්දර ස්ත්‍රියකගේ උඩුකයක් සහිත ඇයට සාමාන්‍ය මිනිස් ගැහැණියක ලෙස වෙස් වලාගන්න පුලුවන්. එහිදී ඇය මනුෂ්‍ය පිරිමින් වශීකර ඇගේ ගොදුරු කරගන්නවා. ඉතින් මට කියන්න තියෙන්නෙ කොල්ලන්ට, ලස්සන කෙල්ලො දැක්කම පර්ස්සමින් ඉන්න. 👌 මොකද ඒ ලාමියා වෙන්න පුලුවන්. 🙄

ග්‍රීක මිත්‍යාවේ හැර වෙනත් මිත්‍යාවල මීටත් වඩා විවිධ විදිහට ලාමියාගේ චරිතය අඩංගු වෙනවා. ඇයගේ චරිතය පාදක කරගනිමින් විවිධ චිත්‍රපට පවා නිෂ්පාදනය වෙලා තියනවා. මම හිතන්නෙ ග්‍රීක මිත්‍යාවේ ලාමියා ගැන මෙයින් අදහසක් ලැබෙන්න ඇති.

#යූටර්පි

කාලෙකට කලින් ලියපු එකක්. 2019දි. 😅

මිත්‍යා වතWhere stories live. Discover now