ඔරායන්| Orion

25 9 0
                                    

ඔරායන් කියන්නේ ග්‍රීක මිත්‍යාවේ සඳහන්වන යෝධයෙක් වගේද දඩයක්කා⁣රයෙක්. ඔරායන්ව හැමෝම දන්නවානේ ඔහුගේ නමින් තියන තරු රටාව නිසා. එහෙනම් අද කියන්න යන්නේ එයාගෙ කතාව.

🐬👉 උපත

ඔරායන් කියන්නේ ගොර්ගොන් සහෝදරියන්ගෙන් කෙනෙක් වුන ඉවුරියේල් සහ පොසයිඩන් දෙදෙනාගේ දරුවෙක් බවයි සැලකෙන්නේ. ඔහුගේ උපත ගැන විවිධාකාර පුරාවෘතයන් සඳහන් වෙනවා. සමහරුන් පවසන පරිදි මොහුගේ පියා වන්නේ හයිරියස්. සියුස් සහ හර්මීස්ට පූජා පැවැත්වූ මොහු ඔහුගේ බිරිඳගේ සොහොනේදී ගවයෙක් පූජා කරනවා. ඉන් පසු පූජාව සාර්ථක වීමට ජලය යොදනවා. ඉන් මාස 9ක් ගතවෙද්දී ඔහු එතැනින් නැඟී සිටියාලු. ජලය සම්බන්ධ මේ පුරාවෘතය අනුව ඔරායන් තරු රටාවේ පිහිටීම සහ වර්ෂාව සමඟ ඇති සම්බන්ධය පැහැදිලි කරනවා.

මොහුගේ කඩවසම් බව සහ දඩයමට ඇති හැකියාව ගැන ඉතිහාස කතාවල සඳහන්වන අතර එක්තරා මිත්‍යාවකට අනුව අප්සරාවන් පනස්දෙනෙක් සමඟ යහන්ගතවූ ඔරායන්ට දරුවන් පනස්දෙනෙක් සිටිනවාලු. 😅

🐬👉 ඔරායන් සහ මෙරොප්

අප්සරාවන්ගෙන් සෑහීමට පත් නොවුනු ඔරායන් චියෝස් (Chios) වෙත ගියා. එහිදී ඔහු මෙරොප්(Merope) සමඟ ආදරයෙන් බැඳෙනවා. මේ මෙරොප් ගැන මිත්‍යා දෙකක් කියනවා. එකකට අනුව ඇය Pleiades කෙනෙක්, ඇගේ දෙමව්පියෝ වුණේ ඕෂනස්(Oceanus) සහ තේටිස් (Thetys). අනෙක් මිත්‍යාවට අනුව ඇය ඔයෙනොපියන්ගේ (Oenopion) දියණියක් වගේම ඩයනයිසස්ගේ ගේ මිනිපිරියක්ද වෙනවා. මේ මෙරොප්ලා දෙන්නෙක්ද එක්කෙනෙක්ද කියලා හරියටම වෙන් කරගන්න බෑ. මිත්‍යාව පැටලිලා තියෙන්නේ මේ ගැන හැම වෙබ් අඩවියකම වගේ...

ඔරායන්ගේ කතාවෙදි මෙරොප් ගැන කියන්නේ ඔයෙනොපියන්ගේ දියණියක් විදිහටයි. ඉතින් ඔයෙනොපියන් කියනවා මේ ශ්‍රේෂ්ඨ දඩයක්කාරයාට තමන්ගේ රාජධානියේ තියන රාක්ෂ උවදුරුවලින් ඔවුන්ව ගලවගත්තොත් තමන්ගෙ දුවව විවාහ කරදෙන බව. ඉතින් ඔරායන් රාජධානිය පුරාම සිටින රාක්ෂයන්ව මරා දැමුවා. නමුත් තමන්ගේ දියණිය ලබා දී පොරොන්දු ඉටු කිරීමට අකමැති වූ ඔයෙනොපියන් තවමත් රාක්ෂයන් රාජ්‍යයේ සිටින බව හැඟවුවා. නමුත් කෙසේ හෝ තමන්ගෙ ත්‍යාගය අයිති කරගැනීමට උත්සහ කළ ඔහු මෙ⁣රොප්ගේ කාමරයේදීම ඇයට හිරිහැර කරනවා.

මේ අපරාධය කණවැකුණු ඔයෙනොපියන් ඩයනයිසස්ගේ උපකාරය ඉල්ලනවා. ඩයනයිසස් මෙම දඩයක්කරුව වයන් ලබා දී බීමත්කරන අතර සැටර්වරු විසින් මොහුගේ දෙ ඇස් අන්ධ කරනවා. අසරණ මෙරොප් පසුව සිසිපස් (Sisyphus) සමඟ විවාහ වෙනවා. Pleiades තරු රටාවේ මෙරොප්ගේ තරුව වඩාත් දීප්තිමත් වීමට හේතුව ඇයගේ සොයුරියන් අතරින් මනුස්සයෙක් සමඟ විවාහ වූ එකම තැනැත්තිය ඇය වීමයි.

හේලියස් (Helios) විසින් ඔරායන්ට නැවත පෙනීම ලබාදුන්නාලු. එයට හේතුව ලෙස හඳුන්වන්නේ ඔහුගේ සොයුරිය මෙම කඩවසම් තරුණයාට පෙම් බැඳීමයි. නමුත් ඒ ගැන වැඩි විස්තර සඳහන් වෙන්නෙ නෑ. හේලියස් ගෙ නංගි සිලේනා කියන්නෙ සඳට අධිපති පැරණි දේවතාවිය... මේ අනුව සඳට අධිපති නව සහ පැරණි දේවතාවියෝ දෙන්නම ඔරායන්ට අාදරයකරපු බවයි කියන්න තියෙන්නෙ.

🐬👉 ඔරායන් සහ ආර්ටිමිස්

මේ ගැනත් විවිධ කතා තියෙනවා. ඒ අතරින් ප්‍රසිද්ධම එක විස්තර කරන්නම්. මෙහිදී ඔරායන් ආර්ටිමිස් සමඟ ආදරයෙන් බැඳෙනවා. ඔරායන් කියන්නේ දඩයක්කාරයෙක්. එ වගේම ආර්ටිමිස් කියන්නේ දඩයමට අධිපති දේවතාවිය. මම කලින් කියපු ඔරායන්ගේ වටේ යෑම් ගැන දන්නෙ නැත්නම්... මේ දෙන්නා හොඳට ගැළපෙන බව ඕන කෙනෙක්ට හිතේවි. මොකද ආර්ටිමිස් කියන්නේ පාරිශුද්ධත්වයේ දෙවඟනක්.

ඉතින් මේ ආදර සම්බන්ධය තමයි ආර්ටිමිස්ගේ පළමු සහ එකම ආදර කතාව වුණේ. ආර්ටිමිස් දෙවඟන ඔරායන් නිසා ඇයගේ රාජකාරි පවා පැහැර හැරියාලු. ඉතින් මේගැන කෝපයටත්, ඔවුන්ගේ ආදරය ගැන ඊර්ෂ්‍යාවටත් පත් වූ ඇපලෝ, ආර්ටිමිස්ගේ නිවුන් සොයුරා උපායශීලීව ආර්ටිමිස් ලවාම ඔහුව මරාදැම්මාලු. ඉතා ඉහළ අහසට ආර්ටිමිස් කැඳවා ගෙන ගියපඇපලෝ ඇයටඅභ්යෝග කළාලු ඈත තියෙන ඉලක්කයකට දුනු විදින්න. ඉතින් ඒ මොහොතේ ඔරායන් දියේ පීනමින් තමයි ඉඳලා තියෙන්නෙ. ඇපලෝගෙ ඉලක්කය වෙන්නේ ඔහුයි. ඔවුන් සිටියේ බොහෝ ඉහළින් නිසා ඒ ඔරායන් බව හඳුනගෙන්න බැරිවෙන ආර්ටිමිස් ඔහුට හී තලය විදිනවා.

සිදු වූ අනතුර ගැන දැනගත් ආර්ටිමිස් ⁣පසුව බොහෝ දුකට පත්ව ඔහුව අමරණීය කිරීමට තරු පන්තියක් ලෙස අහසේ රැඳවුව බව පැවසෙනවා.

ඔරායන් ගැන එක එක මූලාශ්‍රවල විවිධාකාර විස්තර තියෙනවා. ඉතින් මම හිතනවා මේ විස්තර ටික ප්‍රමාණවත් කියලා.

මම #යූටර්පි

මිත්‍යා වතDonde viven las historias. Descúbrelo ahora