ස්පින්ක්ස්

14 6 0
                                    

#Spinx #ස්පින්ක්ස්

ග්‍රීක විතරක්ම නෙවෙයි, ඊජිප්තු සහ පර්සියන් මිත්‍යවන්ගේත් සඳහන් වෙන සත්ත්වයෙක් තමයි සිපින්ක්ස් කියන්නේ...

ග්‍රීකයන්ට අනුව ගැහැණු සත්ත්වයෙක් වන ස්පින්ක්ස්ට සිංහ පාද සහ කුරුල්ලෙක්ගේ පියාපත් මෙන්ම මිනිස් ගැහැණියකගේ ඔලුවක් තිබෙනවා. ඇයගේ ප්‍රහේලිකාවලට පිළිතුරු නොදෙන ඕනෑම කෙනෙක්ව ඇය ආහාරයට ගන්නවා. හැබැයි ඔයා ඇයගේ ප්‍රහේලිකාවට පිළිතුරු දැනගන්න තරම් බුද්ධිමත්නම්... ඔයාව ඇය මුදාහරිනවා.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට පෙර යුගයේදී ස්පිනික්ස් සත්ත්වයාගේ ප්‍රතිමා දකින්න පුලූවන්. ඒ වගේම හෙරඩෝයස් විසින් මේ සත්තව කොට්ඨාසයේ තවත් ප්‍රභේද දෙකක් සඳහන් කරනවා. ඒ තමයි බැටලු හිසක් සහිත  ක්‍රිසෝපාන්ක්ස් (criosphinx) සහ පක්ෂි හිස සහිත හයරැකොස්පින්ක්ස් (hieracosphinx) යන දෙපිරිස.

ස්පිනික්ස් කියන ග්‍රීක වචනයට  "තදින් අල්ලා ගැනීම, මිරිකීම" වැනි තේරුමක් තිබෙනවා. මේ නමින් මේ සත්ත්වයාව අමතන්න ඇත්තේ සිංහයෙක්ගේ විලාශය ඇති නිසා ⁣විය හැකියි. ⁣සිංහයෙක් ගොඳුරක් අල්වාගත්තම ගොඳුර මියයනකල් ම ගෙල සිරකරගෙන අල්වාගෙන ඉන්නවා. මේ සත්ත්වයාගෙත් දඬයම් විලාශය එයට සමාන බව පැවසෙනවා.

🐚ඇපලෝඩරස්ට අනුව ස්පින්ක්ස්ට ගැහැණු හිසක්, කුරුල්ලෙක්ගේ වැනි පියාපත් සහ සිංහ වලිගයක් පවතිනවා.

🐚"ප්ලිනී ද එල්ඩර්"ට අන්ව දුඹුරු හිසකෙස් සහ පියයුරු සහිත ස්පිනික්ස් සත්ත්වයන් ඉතියෝපියාවේ නිර්මාණය වෙනවා.

🐚ස්ටැටියස්ට අනුව ස්පින්ක්ස් කියන්නේ පියාපත් සහිත යක්ෂණියක්. ඇයට සිනිඳු කම්මුල් සහ කැළැල් සහිත දුෂ්ඨ දෑස් වගේම කැටිගැසුණු පිහාටු ඇති සැහැල්ලු පියාපත් පවතිනවා.

🐚සමහර අවස්ථාවලදී ස්පිනික්ස්ට උකුස්සෙක්ගේ පියාපත් සහිත බව සඳහන් වෙනවා වගේම ඇයගේ වලිගය සර්ප හිසකින් ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා.

ග්‍රීක මිත්‍යාවේ සඳහන් පරිදි ස්පිනික්ස් යනු එක් සත්ත්වයෙක්. ඒ වගේම විනාශයේ සහ අවාසනාවේ සංඛේතයක්වන මැය echidna/ chumera/ ceto හෝ orthrus ගේ දරුවෙක් විය හැකි බවට විවිධ ස්ථානවල සඳහන් වෙනවා. බොහෝ අය පවසන්නේ ඇය ටයිපූන් සහ එචිඩ්නාගේ දරුවෙක් කියලයි. chios හි සංඛේතය වූ මෙම සත්ත්වයා කාලයක් කාසිවල පිටුපස කැටයම් කර තිබිලා තිබෙනවා.

හේරා හෝ ඒරිස් විසින් ඉතියෝපියාවේ සිට ස්පින්ක්ස්ව ග්‍රීසියට ගෙන ආ බවත් ඉන්පසු ඇය තමන්ටබහමුවන සියලුම සංචාරකයින්ගෙන් ප්‍රහේලිකා ඇසීමට පටන්ගත් බවත් කියවෙනවා. මෙයින් ප්‍රසිද්ධ ප්‍රහේලිකා කිහිපයක් තිබෙනවා. ඒ ප්‍රහේලිකා කිහිපයක් විස්තර කරන්නම්. මේ ප්‍රහේලිකා දැනගෙන ඉන්න එක හොඳයි. මොකද බැරිවෙලාවත් ස්පිනික්ස් මුණගැහුණොත්... ඔයාගෙ ජීවිතේ බේරෙන්නෙ ඔයා නිවැරදි උත්තරය දුන්නොත් විතරයි.

(1)👉 එකම කටහඬක් ඇති සත්ත්වයෙක් වුණත් මුලදී කකුල් හතරකි; පසුව කකුල් දෙකක්වන අතර අවසානයේ කකුල් තුනකි. මේ කවුද? (මේකම ටිකක් වෙනස් විදිහකටත් අහනවා. උදේට කකුල් හතරෙන් දවල්ට කකුල් දෙකෙන් හවසට කකුල් තුනෙන් ඉන්නෙ කවුද කියලාත්)

පිළිතුර : මිනිසා
ළඳරු අවධියේ දණගාද්දි කකුල් හතරෙන් යනවා. වැඩෙද්දි කකුල් දෙකෙන් ඇවිදිනවා. වයසට ගියාම හැරමිටියත් එක්ක කකුල් 3ක් බවට පත්වෙනවා.

(2) 👉 සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. එක් අයෙක් අනිකාට උපත දෙනවා. ඒ තැනැත්තිය යළිත් මුල් කෙනාට උපත ලබාදෙනවා. ඔවුන් කවුද?

පිළිතුර: රාත්‍රිය සහ දහවල

ඊජිප්තු මිත්‍යාවේදී ස්පින්ක්ස් සත්ත්වයාව වඩාත් කතාබහට ලක්වෙන්ගේ ගීසාහි පිරමීඩ ආශ්‍රිතවයි. නිර්මාණය කළ දිනය ගැන නිශ්චිත සඳහනක් නොවුනත් ගීසාවල නයිල් ගඟේ බටහිර නිම්නයේ ස්පිනික්ස්ගේ ප්‍රතිමාවක් නැගෙනහිරට මුහුණලාසිටින පැරිදි ඉදිකර තිබෙනවා. මේ ප්‍රතිමාව ඉදිකලේ කුමන කාලයේද කියලාවත්, කුමන පාරාවෝ⁣ රජ කෙනෙක් විසින් එය ඉදිකලාද කියලාවත් නිශ්චිතව තවමත් සොයාගෙන නෑ. ස්පින්ක්ස්  ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨ සංකේතයක් ලෙස හඳුන්වනවා. ඔවුන්ගේ කාසි, මුද්දර සහ නිල ලේඛනවල ස්පින්ක්ස්ගේ රූපය යොදා තිබෙනවා.

මේ අනුව ස්පිනික්ස් සත්ත්වයා ඊජිප්තුවේදී ආරක්ෂකයෙක් ලෙසත්, ග්‍රීසියේදී මිනීමරු යක්ෂයෙක් ලෙසත් ලෙස වෙනස්ම පෞරුෂයන් දෙකකින් විස්තර කරනවා.

ස්පිනික්ස් ගැන තොරතුරු ⁣මෙපමණයි.

මම #යූටර්පි

මිත්‍යා වතTempat cerita menjadi hidup. Temukan sekarang