Wei's pov
උදේ ඉදන් අපේ ගෙදර හරියට යුධ පිටියක් වගේ.. හ්ම්.. ඒකට හේතුව අද මාව බලන්න මනමාලයෙක් එනවා..
ඔව් ඔව් ඔයාලට ඇහුන විදිහ හරි මනමාලියක් නෙමෙයි.. මනමාලයෙක්.. පපාගෙ හොදම යාලුවෙක්ගෙ පුතෙක් ලු...
ආ.. එයාලා ආවද කොහෙද..
"සුදු පුතා.. එන්න යන්න. අන්න අර මිනිස්සු ආවා.."
මමා එහෙම කියාගෙන කාමරයෙන් එලියට යන්න යනකොට මාත් ඒ පස්සෙන්ම ගියා..
මමාත් එක්කම ඉස්සරහට ආව මං බිම බලාගෙනම හිටියා. ඇත්තටම මට ඔලුව උස්සලා බලන්න ගොඩක් ලැජ්ජා හිතුනා.."ආ.. ඔය ආවේ මගේ පුතා වෙයි වූශියෑන්.."
මට ඇහුනා පපා එහෙම කියනවා..
"අනේ හරිම හුරතල් පාටයි.. එන්න පුතා මෙතනින් ඉදගන්න.."
හරිම කාරුණික කටහඩක් ඇහුන නිසා මං ඒ දිහා හෙමිහිට ඔලුව උස්සලා බලලා ඒ ගෑනු කෙනා ලගින් ඉදගත්තා. එයාගෙ කටහඩ වගෙම එයත් ලස්සනයි..
"මෙයා බීජින් හෙල්ත් කෙයා හොස්පිට්ල් එකේ ඩොක්ට කෙනෙක්.."
පපා එහෙම කියනකොට අර ගෑනුකෙනා මගේ ඔලුව අතගෑවා..
"මෙතන අපි කතා කරනවට වඩා මේ දෙන්නට කතා කරගන්න දෙන එක නේද හොද.."
ඒ ඇහුන පිරිමි කටහඩ දිහාට ඇස් යැව්ව මම දැක්කෙ මගේ පපාගෙම වයසෙ කියන්න පුලුවන් පිරිමි කෙනෙක්.. එයා නං ටිකක් සැර පාටයි..
එහෙම්ම මගේ ඇස්ගියේ ඒ පිරිමි කෙනා ලග ඉදගෙන හිටිය කෙනා ලගට..
වාත්තු කලා වගේ මූණ.. පිම්බුන රෝසපාට දෙතොල්.. සෘජු නහය.. හීනි ඇස්.. දිග ඇහි බැම.. එයා ඇත්තටම ලස්සනයි.. ඇදන් ඉන්න ඇදුමෙ පාටට ඒ ඇගේ පාට හොදට කැපිලා පෙනුනා.. ඒ සෘජු බැල්ම කෙලින්ම වැටිලා තිබ්බෙ මගේ දිහාට..
YOU ARE READING
Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction"මම මැරෙන කල් ඔයාව සතුටින් තියනවා වස්තුව..." අපි ආදරේ කරන අය ජීවත් වුනත් මැරුණත් හැමදාම අපේ හදවතේ ඉදීවි...