අපිට ඊලගට හම්බු වුනේ පුංචි පැංචෙකුයි පැංචියෙකුයි.. දැන් අපේ පවුල සම්පූර්ණයි..
යුවාන් ටිකක් ලොකු වෙනකල් තව දරුවෙක් හදන්නෙ නැතුව ඉන්න අපි දෙන්නා තීරණය කලත් මේ පුංචි කුමාරයයි කුමාරියයි අපිට හොරෙන් අපි ලගට ඇවිත් තිබ්බා..ලන් යූවී, ලන් යූහී ඩැඩාගෙයි පපාගෙයි අයියාගෙයි මැණික් කැට දෙක..
දරුවෝ කියන්නෙ දෙමව්පියන්ට වටිනාම වස්තුවක්.. ආයූට අවුරුදු දෙකක් වෙද්දි වංජිට විසිහතයි මට විසිඅටයි..
දරුවෝ තුන්දෙනෙක් වැදුවත් වංජි මට කොයි වෙලාවකවත් එයාගෙ වයිෆ් කියලා කතා කලේ නෑ.. එයා නිතරම කිව්වෙ මේ මගේ හස්බන්ඩ් කියලා..
අපි දෙන්නාගෙ තරුණ වයසෙදිම ඩැඩාලා පපාලා වුන එක ගැන සමහර අයට ලොකු ප්රශ්නයක් වුනා..
අනේ ඇයි දැන්ම ළමයි හදා ගත්තෙ..
තව වයස තියෙනවානේ..
අපරාදෙ එන්ජෝයි කරන්න තිබ්බ කාලේ නේද මේ ළමයි තුන්දෙනෙක් අස්සෙ ගෙවිලා යන්නෙ..
හ්ම්.. අපි දෙන්නට නැති ප්රශ්න තමයි රටේ ලෝකේ අයට තියෙන්නේ.. වංජි නං කිව්වෙ..
"එයාලා අපිට කන්න අදින්න දෙන්නෙ නෑනේ.. ඇයි ඉතිං එයාලා කියන ඒවා ගනං ගන්නෙ වස්තුව.."
ඇත්ත තමයි ජීවිතේ අපේ නං ඇයි අපි වටේපිටේ අය කියන දේවල් ගැන හිතන්නෙ..
අද මට හොස්පිට්ල් එකේ සජරි එක ඉවර කරලා මගේ රූම් එකට එනකොට නර්ස් කෙනෙක් ඇවිත් කිව්වෙ තුවාල වුන පේෂන්ට් කෙනෙක් ගෙනත් තියෙනවා කියලා.. අනේ හරි මහන්සියි..
ඒත් කාමරේට ගිහින් තුවාලකාරයා කවුද කියලා දැක්කම මගේ ඇගේ ලේ වතුර වුනා..
YOU ARE READING
Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction"මම මැරෙන කල් ඔයාව සතුටින් තියනවා වස්තුව..." අපි ආදරේ කරන අය ජීවත් වුනත් මැරුණත් හැමදාම අපේ හදවතේ ඉදීවි...