Part 02

409 72 61
                                    

වෙඩින් එකේ ඔක්කොම වැඩ අපි දෙන්නා එකතු වෙලා කලා.. අපි දෙන්නා කියන හැඟීම මට ගෙනාවෙ අමුතුම සතුටක්..

මැරේජ් එකෙන් පස්සෙ අපි දෙන්නා වෙනම පදිංචියට යන්න ඕන කියලා තමයි අපේ දෙමව්පියෝ තීරණය කලේ..

"දැන්වත් අපිට නිදහසේ ඉන්න දියව් කොල්ලනේ.."

එයාගෙ පපා හිනාවෙවී කියනකොට මගේ පපාත් ඒක අනුමත කලා..

එයාගෙයි මගෙයි තේරීම අනුව මුලු හෝල් එකම එතකොට ටේබල්ස් හැමදේටම සුදුපාටත් ලා රෝසපාටත් තීම් එක විදිහට ගත්තා..
ඒකට මැච් වෙන්නම අපේ වෙඩින් ඩ්‍රෙස් එකත් ලෑස්ති කලා..

ලොකූ ප්‍රොසෙස් එකකට පස්සෙ අද තමා අපේ වෙඩින් ඩේ එක...

ගිය දවස් ටිකේම වංජිගෙ කටේ තිබ්බෙ..

"බදිනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි නේද වස්තුව.."

කියන එකයි..

අද නං එයා සුරලෝකෙන් බිමට ආව සුරදූතයෙක් වගේ.. මට වෙඩින් වොව් එකත් කියන්න අමතක වුනා එයා දිහා බලාගෙන ඉදලා..
එයාගෙ හිනාවට පියවි සිහියට ආව මං ලැජ්ජාවට රතුවෙලා ගියේ ඒ හිනාව තවත් වැඩි වෙද්දි..

අපි දෙන්නා හස්බන්ඩ් සහ හස්බන්ඩ් විදිහට ජීවිත කාලයම එකට දුකේදීත් සැපේදීත් මරණය තෙක් එකට ඉන්නවා හොදින් එකිනෙකාව රැකබලා ගන්නවා කියලා හැමෝගෙම ඉස්සරහ පොරොන්දු වුනා..

ඊට පස්සෙ මගේ ඉනවටේ අත දාලා එයා ලගට ඇදගෙන මාව කිස් කලේ ඔයා දැන් මගේ කියන්න වගේ..

කිස් එකෙන් පස්සෙ අපි දෙන්නාගෙ මුදු දාපු අත්දෙක උඩට උස්සලා අනිත් අත මිට මොලවලා එයා

"යෙස්.. මං එයාව මගේ කර ගත්තා.. "

කියලා කෑ ගැහුවේ සභාවේ හිටිය හැමෝම සතුටින් අත්පුඩි ගහද්දි..

ඇත්ත අපි ඒක කලා.. දැන් නීතියෙනුත් හදවතිනුත් මං එයාගෙ.. එයා මගේ.. අනේ ඒ හැඟීමට මං ගොඩක් ආදරෙයි..

අපි දෙන්නාගෙම ලගම යාලුවෝ කිහිප දෙනෙක් ඇවිත් හිටිය නිසා ඒ හැමෝම එක්කත් කතා කරලා එලියට ආවේ දැන් පිටත් වෙන වෙලාව හරි නිසයි..

Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now