"ශන්ගා.. මැණික කෝ ඔයා ලෑස්තිද.."
යීබෝ ලෑස්ති වෙලා ඔරලෝසුව අතේ බැඳගත්තෙ උඩ තට්ටුව දිහා බලාගෙන කෑ ගහන ගමන්..
"ඉන්නෝ.. මේ එනෝ..."
ශාන් බ්ලෙසර් එක හද හද දඩිබිඩියෙ පඩිපෙල බැස්සෙ යීබෝගෙ ඇගේ ලේ වතුර වෙද්දි..
"ශන්ගා බලාගෙන...!! වැටෙයි මනුස්සයෝ.."
යීබෝගෙ කෑගැහිල්ල කනකට ගත්තෙ නැති ශාන් අන්තිම පඩි දෙක තුනක් තියලා බිමට පැනලා කට පුරෝලා යීබෝ දිහා බලලා හිනා වුනා..
ඒත් යීබෝගෙ මූණ දැක්ක ගමන් ඒ හිනාව වාෂ්ප වෙලා ගියා. කොල්ලා බෙල්ලත් කසන ගමන් එතනින් හෙමීට මාරු වෙන්න හදද්දි..
"කොහෙද ඔය මහත්තයා මාරු වෙන්න හදන්නෙ.. ම්..."
කන ලගින්ම ඇහුන ඒ කටහඩට ශාන් වෙව්ලලා ගියේ ඒ ටෝන් එක එච්චරම ලස්සන නිසයි..
"බෝ..දි බෝ.."
"බොබ්.. බොබ්.. ගාන්නෙ මොකද ශන්ගා.."
ශාන් හෙමීට යීබෝගෙ දිහාට හැරිල එයාට දාන්න පුළුවන් උපරිම අහිංසක හිනාව දැම්මෙ ඒකට යීබෝ මෙල්ල වන වග දන්න නිසයි..
ඒත් අද නං ඒක හරි යන්නෙ නෑ වගේ..
"ඇයි ශන්ගා ඔහොම කරන්නෙ.. නිකං හරි කකුල් දෙක ලිස්සුවා නං...!!"
යීබෝ කිව්වෙ එච්චරයි.. එහෙම කියලා එයා ගිහින් එලියෙ නවත්තලා තිබ්බ වාහනයට නැග්ගා..
යීබෝ ගිය දිහා දුකෙන් බලං හිටිය ශාන්ට එයා කල වැරැද්ද තේරුනත්..
'මේ මං පුරුදු වෙන්න කරන ඒවා නෙමෙයි නේ..'
'සෙරමනි එකට යන්න තිබ්බෙ නැත්තං අද මං ඉවරයි...'
එක එක දේවල් ගැන හිතමින් ශාන් ඇවිත් යීබෝගෙ එහා පැත්තෙන් ඉදගත්තෙ යීබෝ තවමත් අහක බලාගෙන ඉඳිද්දි...
'දැන් මෙයාව යාලු කරගන්නෙ කොහොමද..'
ශාන් හෙමීට යීබෝ ලගට ලන් වුනත් එයා තව ටිකක් එහාට වුනා.. ඒත් ශාන් නෙමෙයි වැඩේ ඇතෑරියේ.. අන්තිමට යීබෝ දොරටත් ශාන්ටත් අතරමැද හිර වුනේ ස්ටිකරයක් වගේ..
YOU ARE READING
Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction"මම මැරෙන කල් ඔයාව සතුටින් තියනවා වස්තුව..." අපි ආදරේ කරන අය ජීවත් වුනත් මැරුණත් හැමදාම අපේ හදවතේ ඉදීවි...