තමා පිටුපසින් ඇසෙන්නා වූ කිසිවෙකුගේ අඩි ශබ්දයත් රහසින් තම නම කොදුරන ශබ්දයත් මැද තමා දිව යන්නෙ කොහෙ ද යන්න ටේහ්‍යොන් නොදැන සිටියේය.නමුත් ඔහු කලුවරේ කොහෙ හෝ දිව යමින් සිටියේය. යන්තමින් පෙනුනු අලෝකයක් දෙසට ටේහ්‍යොන් ඇදෙමින් සිටියේය. ඒ අසල යමෙක් ටේහ්‍යොන් දෙස වියරුවෙන් මෙන් බලා සිටීම ද ටේහ්‍යොන් දුටුවත් ටේහ්‍යොන් හඩමින් ඒ දෙසට දිව ගියේය. නමුත් මේ කිසිවක් ඔහුටම සිතා ගත නොහැකි වී තිබිණ.තමා ඉදිරියේ සිටින්නේ කවුරුන් ද යන්න නොදන්නවා වූවත් ටේහ්‍යොන් ඔහු දෙස බලමින් හඩා වැලපෙන්නට වූවේය. උස මහත හැඩිදැඩි පෙනුමක් තිබූ නමුත් ටේහ්‍යොන් ඔහුගේ වෙනසක් දුටුවේය.ඔහුට තිබුනෙ රක්ත වර්ණ ගැන් වූ දෑස් යුගලයක් හා තියුණු දත් ය. නොසිතූ අයුරින් ක්ශනයකින් තමා අසලට පැමින ඔහු ටේහ්‍යොන්ගෙ ගෙල සැපීමෙන් ටේහ්‍යොන් කෙදිරිලි නගා බිම ඇද වැටුනේය.ඔහු ටේහ්‍යොන්ව අතහැර ඔහුගෙ මුව වටා තිබූ ටේහ්‍යොන්ගේ රුධිරය රස කරමින් ලෙව කෑවේය. ටේහ්‍යොන් වේදනාවෙන් මේ සියල්ල බලා සිටිත්ම ටේහ්‍යොන්ගෙ අවසන් මොහොත ලගා වෙමින් තිබිණි.
"මං ආදරෙයි...තාමත්..."
ටේහ්‍යොන් හඩමින් බිම වැතිර තවත් කියවන්නට ගියේය.අවසානයේ ටේහ්‍යොන්ගෙ දෑස් අදුරේ ගිලී ගියහ.────
"ජන්කූක්...."
ටේහ්‍යොන් නාදුනන වුවත් කිසිවෙකුගේ හෝ නමක් සිහිනයෙන් කියමින් දහදිය ද දමාගෙන නින්දෙන් අවදි විය."මහත්තයා...ටේහ්‍යොන් මහත්තයා...මොකද මේ...මහත්තයා...හීනෙන් බය වුනාද මහත්තයා..."
ටේහොන්ව අවදි කිරීමට පැමිණි ජිමින් නම් ටේහ්‍යොන්ගෙ ලගින්ම සිටි සේවකයා ටේහ්‍යොන්ට කතා කළ ද ටේහ්‍යොන් පිළිමයක් සේ ඇද වියලට හේත්තු වී ඔහේ බලා සිටියේය."ටේහ්‍යොන් මහත්තයා...ආ මෙන්න මේ වතුර වීදුරුව බොන්නකො..."
ටේහ්‍යොන් එවිට ජිමින් දෙස දෑස් ලොකු කොට බලා සිටියේය.කට වෙවුලවමින් සිටි ටේහ්‍යොන් දුටු ජිමින්ට තේරුනා ටේහ්‍යොන් යමක් කීමට යන වග."ජ්..ජි..ජිමින්..."
"මහත්තයා..."
"ම්..ම..මම හීනෙන්...මොනවද...කි..කිවුවෙ..."
YOU ARE READING
𝐕𝐀𝐌𝐏𝐈𝐑𝐄 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐒 🖤🥀🦇ᵃⁿ ᵘⁿᵉˣᵖᵉᶜᵗᵉᵈ ˢᵗᵒʳʸ*ᵗᵏ
Vampireතමාට අවසානයේ සියල්ල අහිමි වී ගොස් තිබූ තැන... පරණ මතයන් අලුත් කරවමින්... අරමුණු අමතක කරමින් ප්‍රේමයෙන් මත් වූ මතකයක්... නමුත් අවසානයේ දී කුමක් වේවි ද?? ───── This is An UNEXPECTED STORY !