29.කොටස

245 37 3
                                    

ජන්කූක්ව වළලා සියල්ලෝම එතනින් ගිය පසු ජන්කූක්ට නැවත සිහිය පැමිණියේය. පස්වවලින් යට වී තිබුණි නිසා ජන්කූක්ට හුස්ම ගැනීම අපහසු විය. අවසානයේ ජන්කූක් තමාට ගත හැකි අවසාන තීරණය ගැනීමට තීරණය කළේය. තම කය පස් වීමට ඉඩ තබා ජන්කූක් ආත්මයෙන් වළ තුළින් ගොඩට ආවේය.ජන්කූක් තමාගෙ අත් අල්ලා බලමින් සුසුමක් හෙලුවේ සිදු වූ දේවල් ගැන සිතා ගැනීමට නොහැකිවයි.

අවුරුදු දෙක තුන ගෙවී ගිය මුත් ජන්කූක්ට ටේහ්‍යොන්ව සොයා ගත නොහැකි විය. ටේහ්‍යොන්ට සිදු වූයේ කුමක්ද යන්නවත් ජන්කූක්ට සිතා ගැනීමට නොහැකි විය.

Flashback end ~

_______

ටේහ්‍යොන් පියවි සිහියට පැමිණියේ ගෙල සිර වන බවක් දැනුනු නිසාය. දෑස් විවර කළ ටේහ්‍යොන් දුටුවේ ජන්කූක් තම හැඩි දැඩි දෑත්  වලින් තම ගෙල තව තවත් සිර කරනා අයුරුයි.

"අහ්...අ..අතහරින්න...ජ..ජන්කූක්..."

"අවුරුදු ගනනාවක් මං උබව හෙවුවා ටේහ්‍යොන්...අවසානයේ ඒ කාලෙකට කලින් වින්ද ලේ රස මට දැනුනා."

"මොනවද මේ කියන්නෙ."

"කෝ කෝ උබේ දෝහියුන්ග්. කෝ..."

"ජ..ජන්කූක්...අහ්."

ජන්කූක් ටේහ්‍යොන්ගේ ගෙල තවත් තදින් අල්ලාගෙන ඉහලට එසවුවේය. ඊලග මොහොතේ ජන්කූක් ටේහ්‍යොන්ව වේගයෙන් විසි කළේය. ටේහ්‍යොන් විසි වී ගොස් බිත්තියේ වැදී බිම ඇද වැටුනේය. කෙදිරිලි නගමින් බිම ගුලි වූ ටේහ්‍යොන් දෑස් තදින් වසාගෙන වේදනාව පාලනය කර ගත්තේය.

"උබ දෝහියුනුත් රවටා තවත් එකෙකු සමග පැන ආවද..ආ..."

"ජ..ජන්කුක් ඔ..ඔයා හිතන් ඉ..ඉන්න දේවල් වැ..වැරදි...ආහ්..."

"ටේහ්‍යොන් මහත්තයා.."

"ඔ..."

කාමරය පිටතින් ඇසුනු යමකෙකුගේ කටහඩට ජන්කූක් කීමට ගිය දේ නැවතුවේය. ජන්කූක් ටේහ්‍යොන් දෙසත් දොර දෙසත් මාරවෙන් මාරුව බැලුවේය.

"කවුරුන්ද ඒ. දෝහියුන්ග් ද.!"

"ජ..ජන්කූ..."

දොර විවර කිරීමට ඉදිරියට ඇදුනු ජන්කූක්ගෙ කකුල අල්ලාගෙන ටේහ්‍යොන් හඩන්නට පටන් ගත්තේය. එහෙත් ජන්කූක් ටේහ්‍යොන්ට පයින් ගසා ගොස් දොර විවර කළේය.

𝐕𝐀𝐌𝐏𝐈𝐑𝐄 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐒 🖤🥀🦇ᵃⁿ ᵘⁿᵉˣᵖᵉᶜᵗᵉᵈ ˢᵗᵒʳʸ*ᵗᵏWhere stories live. Discover now