15.කොටස

209 54 4
                                    

ටේහ්‍යොන් රාජකීය වස්ත්‍රයකින් සැරසී ගියේ ජන්කූක් සහා පැමිණි අය සිටි තැනටයි. ජන්කූක්ට එහයින් සිට ගත් ටේහ්‍යොන් පැමිණ සිටි අය දෙසත් බලා ජන්කූක් දෙසත් බැලුවේය. එවිට ජන්කූක් ටේහ්‍යොන්ට ඇස් වලින් සන් කරේ ලගට එන ලෙසයි. නමුත් ටේහ්‍යොන් සෙමින් හිස දෙපසට වැනුවේ එය ප්‍රතික්ශේප කරන බව කීමටයි. ජන්කූක් මද සිනහවකින් පැමිණ ඇති අය දෙස බලා ක්ශනිකව ටේහ්‍යොන් අසලින් හිට ගත්තේය. ටේහ්‍යොන් ගල් ගැසී ඉදිරියම බලා සිටියේ ජන්කූක් තමාට ගොඩක් සමීපව සිටීම පුරුදු නැති නිසාය.

"හොදයි...ජොන් ජන්කූක්."

ජන්කූක් සහ ටේහ්‍යොන් එකවර ඉදිරිය බැලුවේ පැමිණ සිටි අයෙක් කටහඩ අවදි කරන විටයි.

"මම ස්පයික්.මේ...කිම් ටේහ්‍යොන්. මම නිවැරදි කියලා හිතනවා."

"ඔව්. ඔබ නිවැරදි."

ටේහ්‍යොන් යන්තමින් සිනහා වී කීවේය.

ස්පයික් , වැමපයවරුන්ගේ ප්‍රධානියා.තරමක් වයස් ගතව සිටී. වංශ පහටම අයත් නොවේ. ස්පයික් ජීවත් වෙන්නේ වොශින්ටන් වලය. ඔහු මෙහි පැමිණෙන්නේ කිම් වංශයේ කුමරා හෝ කුමරිය අනෙක් වංශයක් සමග විවාහ වන බවට ආරංචිය ලැබුනු විට හෝ ඊට අමතරව විශේෂිතම දෙයකට පමණි. ස්පයික් ඔහුගේ 135ක් වන ජීවිතය පුරාවට මෙහි පැමිණ ඇත්තේ තුන් වරක් පමණි.

"ම්ම්...මේක අපි බලාපොරොත්තු වූ දෙයක් නොවේ."

"ඔබතුමා කුමක් ගැනද කියන්නෙ.?"

ජන්කූක් කලබලෙන් ස්පයික්ගෙන් ඇසූ විට ටේහ්‍යොන් ජන්කූක් දෙස බලා නැවත ස්පයික් දෙස බැලීය.

"කිසිවෙකුත් බලාපොරොත්තු වුයේ නෑ කිම් වංශයට කුමාරයෙක් උපදිවී යැයි කියා.මොකද අනෙක් වංශ සතරටම කුමාරවරු ඉපදුනු නිසා."

ටේහ්‍යොන් තරමක් දුකින් මෙන්ම ලැජ්ජාවෙන් බිම බලා ගන්නා විට ජන්කූක් ටේහ්‍යොන් දෙස බැලුවේය.

"හොදයි. ඒ දේවල් වලින් දැන් ඵලක් නැති බව මම සිතනවා. එසේනම් කිම් ටේහ්‍යොන් ඔබේ කැමැත්ත ඵල කළ යුතුයි. ඒ වගේම ජොන් ජන්කූක් ඔබත්."

ස්පයික් එසේ කියන විට ඔහුට පිටුපසින් සිටි තවත් පුද්ගලයෙකු කඩදාසි දෙකක් ජන්කූක්ටත් ටේහ්‍යොන්ටත් දික් කළේය. ටේහ්‍යොන් සහ ජන්කූක් ඒ කඩදාසි ගෙන ඒ දෙස බලා සිටියේය.

"කිම් ටේහ්‍යොන් මෙම විවාහය සිය කැමැත්තෙන් සහ තම දෙමවුපියන්ගේ කැමැත්ත මත සිදු කරන බවට සහතික කළ යුතුයි.ඒ වගේම ජොන් ජන්කූක් ද තම කැමැත්තෙන් සහ දෙමවුපියන්ග්‍රෙ කැමැත්තෙන් සිදු වන බව සහතික කළ යුතුයි."

ස්පයික් ටේහ්‍යොන්ගේ සහ ජන්කූක්ගෙ දෙමවුපියන් සිහි කරන විට ටේහ්‍යොන් සහ ජන්කූක් එකවර දෙදෙනාගෙම මුහුණු දෙස බලා ගත්හ. ජන්කූක්ගේ මුහුණේ පිරී  ඉතිරී ගියේ වෛරය නමුත් ටේහ්‍යොන්ගේ දෑස් වල කදුළු පිරී තිබුණේය.

"ඇයි ජොන් ජන්කූක්...කිම් ටේහ්‍යොන්...කුමක් හෝ ප්‍රශ්නයක් ද."

"ආ නෑ නෑ..නැත්තෙමත් නෑ."

ජන්කූක් අවසන් වචන කිහිපය සෙමින් කෙදිරුවේ හිස පහතට හෙලමින් ය.

"ඇයි ජොන් ජන්කූක්..."

"හදිසි හේතුවකින් ටේහ්‍යොන්ගෙත් මගෙත් දෙමවුපියන් මිය ගියා.ඉතින් ඔවුන්ගේ අවසන් කැමැත්ත වූයේත් අප දෙදෙනාගෙ විවාහය. නමුත් එය ඔවුන් ඉදිරියේ සිදු වීමට වාසනාවක් නොවීය."

ජන්කූක් හිස බිමට හරවාගෙනම කියන විට ටේහ්‍යොන්ගේ දෑස් ලොකු වී බැලුනේ ජන්කූක් දෙසය. උණා තිබූ කදුළු කැට ටේහ්‍යොන්ගේ දෑස් වලින් වැටුනේය. ටේහ්‍යොන් කිසිවක් කීමට නොගියේ ජන්කූක් කිසිවක් පිලිනොගන්නා බවත් කෝපය වැඩි වන බවත් දැන සිටි නිසාය.

"ඕහ්..මට කණගාටුයි ජොන් ජන්කූක් සහ කිම් ටේහ්‍යොන්.."

ස්පයික් තම කළු හිස්වැසුම ගලවා අතට ගනිමින් කීවේය. ටේහ්‍යොන් බිම් බලාගෙනම සිටියේ කීමට කිසිවක් නොමැති නිසාය.

"ජොන් ජන්කූක්, දෙමවුපියන් ද නැතිව මෙම විවාහයට තීරණයක් ගැනීම අපට අපහසුයි..."

"ඔබතුමා කියන්න එපා මෙම විවාහය සිදු කිරීමට නොහැකි බවනම්..."

"නෑ ජන්කූක්...මම අදහස් කරන්නේ මෙය පුරුෂයන් දෙදෙනෙකුගේ විවාහයක් වන අතරත් ඔබ දෙපලගෙ දෙමවුපියන්ගේ ද කැමැත්ත සදහන් කිරීමටත් නොමැතිව අපට මෙය වොශින්ටන් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපහසු බව.තේරුම් ගන්න ජොන් ජන්කූක්."

ජන්කූක්ට ස්පයික්ට ඉහළින් කතා කිරීමට නොහැකි නිසාවෙන් ජන්කූක් කිසිවක් නොකියා පසක් බලා සිටියේ තරහින් වෙවුලමින් ය. ටේහ්‍යොන් ජන්කූක් දෙසත් ස්පයික් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටියේ ඊලගට කුමක් සිදු වේවිද යන්න සිතා ගත නොහැකිවයි.





























1k+ readers and votes 300+ 🥺🥺❤️
thank you so much dears...❤️

𝐕𝐀𝐌𝐏𝐈𝐑𝐄 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐒 🖤🥀🦇ᵃⁿ ᵘⁿᵉˣᵖᵉᶜᵗᵉᵈ ˢᵗᵒʳʸ*ᵗᵏWhere stories live. Discover now