32. කොටස

181 22 1
                                    

ටේහ්‍යොන් ජිමින් සමග ජිමින්ගේ නිවසට ගිය පසු ටේහ්‍යොන්ට දැනුනේ ඉතා විශාල අපහසු බවක්. වමනයට මෙන්ම කැරකිල්ලක් ද පැමිණි ටේහ්‍යොන් එක් වරම බිම ඉද ගත්තේය. එයට බිය වූ ජිමින් කිරීමට කිසිවක් නොදැන වට පිට බලමින් කැරකෙන්නට විය.

"අ..අනෙ..අනෙ..මට අමාරුයි."

"මො..මොකක්ද මං කරන්න ඕනි."

"ආහ් මගෙ බඩ..."

"ඉ..ඉන්න.."

ජිමින් එසේ කියා ටේහ්‍යොන්ව නැගිට්ටවීමට උත්සහා කළේය. එවිටම ජිමින්ගේ අප්පත් පැමිණ ටේහ්‍යොන්ව නැගිටුවීමට උදවු කොට ටේහ්‍යොන්ව නිවස තුලට ගෙන ගියේය. නිවස තුල තිබූ වේවැල් දිගු පුටුවකින් ටේහ්‍යොන්ව හාන්සි කර ජිමින් විගස කුස්සියට ගොස් වතුර වීදුරුවක් ගෙන ආවේ අප්පාගෙ අණටය. සෙමින් වතුර වීදුරුව හිස් කළ ටේහ්‍යොන් තරමක් සැහැල්ලුවකින් හාන්සි වී දෑස් පියා ගත්තේය.

"කන්න මොනවා හරි හදලා තියෙනවද ජිමින්."

"ඔව් අප්පා."

"මේ කොල්ලට ඔක්කොටම කලින් කෑම ටිකක් දීලා හිටියොත් හොදයි වගේ."

"හරි අප්පා."

"හ්ම්."

ජිමින්ගෙ අප්පා ටේහ්‍යොන් දෙස බලා එතනින් පිටව ගියේය. ජිමින් දිගු සුසුමක් ගෙන කුස්සියට ගියේය. ටික වේලාවකින් කෑම පිගානත් ගෙන ආපසු හැරුනු ජිමින් ගැස්සී ගියේ ටේහ්‍යොන්ව දැකීමෙනි. අඩවල් වූ දිගැටි දෑස් මත වැටී තිබූ කෙහෙ රැලි හා හෙම්බත් බවක් තිබුනු තොල් දෙස ජිමින් බලා සිටියේ අනෙකා මෙන්ම වශී වීමෙන්ය.

"මට...පිරිසිදු වීමට හැකිද."

"ආ..."

ජිමින් හිසත් පසකට හරවා ටේහ්‍යොන් දෙස බැලුවේ ඔහුගේ අමුතු කතා විලාසයට පුදුම වීමෙන් ය.

"නාන්න ඕනිද."

"ම්ම්..හ්ම්.."

ටේහ්‍යොන් මහත් අසරණ ලෙස හිස සලන විට ජිමින්ගේ හදවතම උණු වී ගියේය.

"කාලා හිටියොත් හොද නැද්ද."

"මට..."

"හරි හරි. එන්න එහෙනම්."

𝐕𝐀𝐌𝐏𝐈𝐑𝐄 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐒 🖤🥀🦇ᵃⁿ ᵘⁿᵉˣᵖᵉᶜᵗᵉᵈ ˢᵗᵒʳʸ*ᵗᵏDonde viven las historias. Descúbrelo ahora