01

366 29 1
                                    

කනට මිහිරි සංගීතයක් වැනි සිනා හඩ ඇගේ මුවින් නොකඩවා ගලා ගිය දවස වේගවත්. වසරක සුන්දරතම දින කිහිපය මේ ගෙවී යන බව ඇය කෙසේ නම් විශ්වාස කරන්නද? කොළ වියලෙන සරත් ඍතුවවත් කටුක ග්‍රීෂ්මයවත්, නොහඳුනන වසන්තයවත් නෙවෙයි... ගත හිරිවට්ටන ශීත ඍතුවයි.

"දැන් ඇති. ඔයාව සීතලට ගල් ගැහෙයි."

ශීත සමයට වඩා ඇය ප්‍රිය කරන දේ... ඇගේ සිනහව හා කටහඬ. නොසෙල්වෙන ජල කඳ නාස් පුඩුවල ගෑවෙන නොගෑවෙන තරමට උණුසුම් ජලයේ ගිලී සිටි ඇය එක්වරම දෙනෙත් විවර කරේ ඒ සමඟ කැලඹුණු ජල ධාරාව එක් රැල්ලක් නගමින් ගැස්සෙද්දි.

"ඔයා ඇතුළට ආවේ කොහොමද?"

"මගේ විදිහට."

නැවතත් කන් පිනවන සිනහවක් සමඟින් ඇය පිළිතුරු දුන්නා. ඔවුන් අතර වාතය නොසන්සුන් වුණත් ඔවුන් දෙදෙනාම එකිනෙකාගේ දෑස් තුළ සන්සුන්.

"කයිරා, ඔයා පැය දෙකකට වැඩියි ඇතුළට ඇවිත්."

"පැයයි විනාඩි පනස් නමයයි."

කයිරා නිහඬ වෙනවාත් සමඟම පසෙකින් තිබුණු එලාම් එක වැදුණේ අනෙක් තරුණිය සෑහීමකට පත් බැල්මක් ඇය වෙතට එල්ල කර නානකාමරයෙන් පිටතට පැමිණෙද්දි. මොහොතකට පසු කයිරා පිටතට පැමිණියත් අනෙක් තරුණිය ඇගේ විශාල යහන මතවත්, සෝපාව මතවත්, ක්ලෝසෙට් එක තුළවත්, කණ්ණාඩි මේසය ඉදිරියේවත් නොසිටි නිසා තෙත බේරෙන හිස කෙස් පිහදාමින් සිටි ඇගේ දෙනෙත් නොසන්සුන් වුණා.

"ෆූ.. ම‍ං මෙහේ."

කණ පිටුපසින් දැනුණු සුළං පොද පිටත ශීතලටත් වැඩිය සිසිල් ලෙස කයිරාට දැනුණා. දෙනෙත් යන්තමින් පියවී ගියත් ඒ දෙනෙත් තුළ වූයේ සැනසිලිදායක බවක්.

"යාරා, මං හිතුවේ ඔයා ගිහින් කියලා."

"මං කොහෙවත් යන්නේ නෑ නත්තල වෙනකන්. ඔයා යන්න කිව්වත් මං ඉන්නවා. මොකද කයිරා මට පොරොන්දු වුණා එදාට....



මාව කිස් කරනවා කියලා..."
_______________________________________
Blacklove :|
ඔක්කොම දීලා තියෙන්නේ.
මේක චූටිම චූටි කතාවක්.

•Tᴡᴏ Qᴜᴇᴇɴꜱ ɪɴ ᴀ ᴋɪɴɢ-ꜱɪᴢᴇᴅ ʙᴇᴅ• | ɢʟ✔️Where stories live. Discover now