"මං තමුසෙට ආදරේ කරේ නෑ.. අපි හොඳම යාළුවෝ. අමතකද ඒක?"
අවසානෙදි සීතල යුවතියක් කඳුළු සැලුවා. දරාගත නොහැකි වේදනාව හමුවේ ඇය උණුසුම් කඳුළු බිඳුවකට උපත දුන්නා. ආදරයේ නාමයෙන් ඉපදෙන තවත් කඳුළු බිඳුවක්...
"මං පපාගෙන් කම්මුල් පාරක් කෑවේ ඔයා නිසා යාරා."
කයිරා හඩා වැලපුණා. යාරාගේ වදන් පිහි පහරවල් මෙන් දැනෙද්දි ඈ ට වෙන පිළියමක් නෑ. සම්බන්ධයක් නැති නම් යාරා ඇගේ ලිංගික සහයිකාව වුණේ ඇයිද කියන්න නොදැන කාරා රිදව ගත්තා. යාරා මෙතෙක් දවස් නොඉවසිල්ලෙන් සිටි සිපගැනීම ඊටත් වඩා කයිරාගේ බලාපොරොත්තු තම දෑස් අභියස බිඳ වැටෙද්දි කයිරා හඩා වැලපුණා.
"මං පපාට විරුද්ධ වුණා ඔයා නිසා. ඇයි මට මෙහෙම කරන්නේ?"
"ඔයා පපාට විරුද්ධ වුණේ සමලිංගික නිසා මිසක් මං නිසා නෙවෙයි කයිරා."
කෝපි පැහැ යුවතිය නැවතත් ඇය ඉදිරියේ. කයිරාගේ යහන මතදී නග්න වූ ඔවුන් තවමත් එලෙසමයි.
"මං සමලිංගික වුණේ ඔයා නිසා යාරා. ඔයාට ආදරේ කරපු නිසා."
කයිරා උත්සහා කරා යාරාව ස්පර්ශ කිරීමට. නමුත් අප්පිරියාවෙන් මුව වසාගත් යාරා ඇගෙන් ඉවත් වුණා.
"මං කයිරාට ආදරේ නැත්තන්, කයිරට පුළුවන්ද මං වෙනුවෙන් මැරෙන්න?"
යාරාගේ මිහිරි වදන් හමුවේ කයිරා හිස උස් පහත් කරේ තමන්ගේ ප්‍රියතම දේ කෝපි පැහැ දෙනෙත් හිමි යුවතිය බව නැවතත් ඔප්පු කරමින්.
"මැරෙන්න!! මං වෙනුවෙන් මැරෙන්න. අපි ආදරේ කරන්න නම් අපි මැරෙන්න ඕනි. කයිරා, මේ අහන්න. අපි වෙනුවෙන් මේ දේ කරන්න."
යාරාගේ වශීවන සුළු බැල්ම නිසා කයිරාගේ මුළු ආත්මයම විනිවිද යන්නාක් මෙන් ඇයට දැනුණා. 'මැරෙන්න!!!' අවසන් වතාවේ ඇයගේ දෙසවන් තුළ රැව් දුන් වචනය.
තම ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කළ පිස්තෝලය ඇගේ දෑස් ඉදිරියේ තියෙද්දිත් යාරාගේ දෙනෙත් වල ලියවුණේ මරණය පමණයි. කයිරා තමන්ව ඉලක්ක කර ගැනීමට මොහොතකට පෙර යාරාගේ හිස් මුදුනෙන් කිඳා බැස ඇති උණ්ඩය සහිතව ගලාගෙන එන ලේ දුටුවා. ඔව්.. ඒ කයිරාගේ පළමු උණ්ඩය.
"ඔයා දන්නවද යාරා කියන නමේ තේරුම? ම්ම්..
...යාරා කියන්නේ යාළුවා විතරමයි කයිරා."
"සමාවෙන්න මිස්ටර් ජෝන්. අපිට කයිරාගේ මළ සිරුර වගේම හිස් පතරොමක් ඒ නිවසේ තිබිලා හම්බුණා. මරණ පරීක්ෂණයට අනුව ඒක සියදිවි නසා ගැනීමක්."
-END-
"Two Queens in a King-sized bed"
ඒක ලස්සන සින්දුවක්..
Blacklove.
YOU ARE READING
•Tᴡᴏ Qᴜᴇᴇɴꜱ ɪɴ ᴀ ᴋɪɴɢ-ꜱɪᴢᴇᴅ ʙᴇᴅ• | ɢʟ✔️
No Ficción"ɪ'ʟʟ ᴋɪꜱꜱ ʏᴏᴜ ᴀɴʏᴡᴀʏ ᴏɴ ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ᴅᴀʏ" ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ɢʟ ɴᴏɴ ꜰɪᴄᴛɪᴏɴ ʙʟᴀᴄᴋʟᴏᴠᴇ