කීස් අතර සාමකාමීව එහා මෙහා වෙන දිගු ඇඟිලි තුඩු මවන සංගීතය කලහකාරී ඝෝෂාවක් පමණක්ම වුණා. පියානෝවේ බඳ සහිත කොටස මත අකීකරු ලෙස වාඩි වී සිටින කෝපි පැහැති දෙනෙත් හිමි තරුණිය කයිරාගේ වාදනයේ කලහකාරී බව එන්න එන්නම වැඩි කරන්නේ අනවසරයෙන්. යාරාගේ ධවල පැහැ සළු තවමත් ගිනි උඳුන අසලින් සෙලවී නැති බව කයිරා නෙත් කොනින් දුටුවා.
"ආයෙත් කියන්න ඒක."
යාරා ඇයැදුවේ කාලවර්ණ සළු වලින් ආවරණය වෙලා උන්නු තරුණියට. නමුත් ඇය පියානෝවේ ස්වර සමඟයි.
"ආයෙත් කියන්න... දවස් දෙකකින් නත්තල කියලා ආයෙත් කියන්න."
කෝපි පැහැ දෙනෙත් අඩවන් වූ තරුණිය දිගු කෙස් කලඹ තවත් දිගු කරමින් පිටුපසට නැඹුරු වීමෙන් සිදු වුණේ පියානෝවේ ශබ්දය අහේතුකව වේදනාකාරී වීම. ඇගේ ඇඟිලි තුඩු වලට පවා වේදනාව ඉහිළිය නොහැකියි. නමුත් යාරා තවමත් සිටියේ පියානෝවේ බඳ සහිත ප්රදේශයේ.
"ම්ම්... ඔය සද්දෙ මූසලයි... කණට අමාරුයි... වේදනාකාරී..."
ආවේගශීලී ඇඟිලි තුඩු දිගේ තම දෙනෙත් ගෙන ගිය යාරා ඒ අත් වල දරදඬු බව දෙනෙත් වලින් විඳගත්තේ හෙටක් නැහැ වගේ. ඒ දෑතේ ස්පර්ශය තමන්ට වුවමනා බව පෙන්වීමට මෙන් යාරාගේ මුවින් සිහින් කෙඳිරිල්ලක් පිට වුණෙත් පියානෝවේ කීස් අතර ගමන් කල කයිරාගේ ආවේගශීලී ඇඟිලි නතර වූයේත් පරිසරය පුරා නිහඬතාවය පැතිරී ගියෙත් එකම වෙලාවෙදි.
"ආයෙත් කියන්න ම්ම්.."
"කයිරා දවස් දෙකකින් ඇත්තටම යාරාව කිස් කරනවා."
"මං බලන් ඉන්නවා..."
යාරාගේ සිනිදු පාදයක් නොසන්සුන් ලෙස පියානෝවේ උච්චතම ස්වරයක් මත තද වුණේ ටයිල් පොළොව මතට කාලවර්ණ දිගු ගවුමක් වැටෙද්දි. යාරාගේ දෙතොල් වලින් හඩ නොනැගෙන තරමේ හිනාවක් මතු වුණේ කයිරා මෙතෙක් දුටු සුන්දරම දසුන යාරා වෙද්දි. ඔවුන් කයිරාගේ ඒ විශාල මැදුරේ දෙතැනකට වී එකිනෙකාව වින්දනය කරනවා.
"කයිරා කියන නමේ තේරුම දන්නවද? ම්ම්...
...ඒක සරාගී කුණාටුවක්."
_____________________________________
Blacklove ✨️
YOU ARE READING
•Tᴡᴏ Qᴜᴇᴇɴꜱ ɪɴ ᴀ ᴋɪɴɢ-ꜱɪᴢᴇᴅ ʙᴇᴅ• | ɢʟ✔️
No Ficción"ɪ'ʟʟ ᴋɪꜱꜱ ʏᴏᴜ ᴀɴʏᴡᴀʏ ᴏɴ ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ᴅᴀʏ" ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ɢʟ ɴᴏɴ ꜰɪᴄᴛɪᴏɴ ʙʟᴀᴄᴋʟᴏᴠᴇ