[ A/N :. ඇත්තටම මම ඔපෙරා ගැන ලොකු අධ්යනයක් කරලා නෑ...මම නිතරම නාට්ය ඔපෙරා බලනවා..අහනවා.. ඒවයින් ගත්ත අදහස් වලින් මේ ලිව්වෙ... නොතේරෙන තැනක් තිබ්බොත් කියන්න..මෙතන මං පාවිච්චි කරල තියෙන්නෙ සංගීතය එක්ක නිහඬ අභිනයන් තියෙන ඔපෙරාවක්...හරියට බැලේ නාට්ය වගේ එකක්.
_Sara❤️]-----------------------------------------------------
හතරවටින් ම ආලෝකවත් වෙලා තිබුණු ඔපෙරා රඟහල ඉදිරියේ ටේහ්යාන් හිටගෙන හිටියෙ හිස් බැල්මකින්....එයා ඉස්සර මෙතනට තරම් වෙන කොහේටවත් කැමති නැතිව ඇති... ඒත් කාලය වෙනස් වෙනවා හා සමානවම අපේ රුචිකත්වයන් වෙනස් වෙන නිසා ඒ අදහස දැන් වෙනස් වෙලා තිබුණා.. ඒත් ඒ පරණ මතක ටේහ්යාන් ට ගොඩක් කරදර කරන නිසා වෙන්න පුළුවන් .....එදා තිබුණු හිස් බැල්මට වඩා වෙනස් හිස් බවක් අද ටේහ්යාන් ගාව තිබුණේ.... රඟහල ආලෝකමත් වෙලා තිබුණු විදිය ටේහ්යාන් ට පරණ දෙයක් මතක් කරා
ඔහුට දැනුනෙ හරියට ඔහු වසර ගණනාවක් ආපස්සට ගිහින් වගේ.... ජන්කුක් මුණගැහුණු රාත්රිය වගේ...
පඩිපෙල පාමුල ටේහ්යාන් කලිසම් සාක්කු වලට අත් දෙකත් දාගෙන වටේම බලාගෙන ඉද්දි ටේහ්යාන් එයා එක්ක නොයෙන බව නොවැටුණු ජොඈන් මූනෙ පිරිච්ච හිනාවකුත් එක්ක වම් පඩිපෙල නගින ගමන් හිටියෙ.... ඒත් ටේහ්යාන් නෑ කියලා දැනුන නිසා ජොඈන් හැරිලා බලද්දි දැක්කෙ පඩිපෙල පාමුල හිටගෙන ඉන්න ටේහ්යාන්
" ටේහ්යාන්....එන්නකො"
අමුතු කෝළ බවක් මූනට ආරූඪ කරගත්ත ජොඈන් කතා කරද්දි දැහැනෙන් මිදුණු ටේහ්යාන් ඔරවලා ජොඈන් දිහා බැලුවා...
ඒ බැල්මට ගැස්සිලා ගියපු ජොඈන් කට වහගත්තත් ටේහ්යාන් එනකං එතනම හිටගෙන හිටියා.... ටික වෙලාවකින් කේන්තියෙන් හුස්මක් පිට කරපු ටේහ්යාන් පඩිපෙල නැගගෙන ජොඈන්වත් මග ඇරිලා යන්න ගියත් එක සැරේම ජොඈන් ටේහ්යාන් ගෙ අතේ එල්ලුනේ ටේහ්යාන් ගෙ කේන්තිය උපරිමෙන්ම වැඩි කරලයි....එයා දෙපාරක් නොහිතා අත් ගසලා දැම්මෙ ඒ වේගෙට ජොඈන් පඩිපෙලේ ගරාදි වැටේ වේගයෙන් හැපෙද්දියි
YOU ARE READING
OPERA... || TAEKOOK || Slow Update ||
Fanfiction"හද මාසෙ එක දවසක් ඇර හැම දවසක්ම ලෝකෙට පේන්න පායනව. අදුර නැති කරන්න එයාට හැමදාම එන්න වෙනව. එයාට ඇත්තටම එන්න ඕන උනත් නැතත් එයාට එන්නම වෙනව. මුලු ලෝකෙම එයාව බලාපොරොත්තු වෙනව. හරියට මං වගේ... මං මේ කිසි දෙයක් කරන්නෙ මට ඕනවට නෙවෙයි, මට ඕන නෑ ජන්කුක්. ඒත්...