My White Rose ...
මන් උඹට මෙච්චරකල් නොකිව්ව කතාවක් කියන්නද ම්ම් .අවුරුදු 10 ක් තිස්සෙ කාටවත්ම නොකීව රහසක්, මගෙ හිත විතරක්ම දන්න රහසක්, මන් කියන්නද උඹට ... ම්ම්ම්....
දන්නවද උඹ මාව අඳුරගත්තෙ මීට අවුරුදු 4කට කලින් උනාට මන් උඹව දන්නෙ ඊටත් අවුරුදු හයකට කලින්.
එතකොට මට 21යි. හ්ම්ම් ... පොඩි කොල්ලෙක්.
මන් එදා හරි අහම්බෙන් උඹව දැක්කෙ. එදා වැස්ස දවසක් ගෙදර යන්න හිතාගෙන බස් එකට නැගපු මම ජනේලයක් ගාවින් වාඩිවෙලා හෑන්ඩ්ෆ්රී කනෙක්ට් කරගත්තෙ පුරුදු විදිහට මගෙ මනෝපාරක් ගහන්න හිතාගෙන. සින්දුවක් එක්ක වෙනම ලෝකෙක තනිවුන මම හරි අහම්බෙන් ඇස් උස්සලා බලද්දි දැක්කෙ වැස්සෙ තෙමි තෙමීම උඹ සීයා කෙනෙක්ට පාර පනින්න උදව් කරන විදිහ.
හරි අහම්බෙන් දැක්ක උඹව මතකෙන් මැකිලා ගියත් මන් ආයෙත් උඹව දැක්කෙ ඊට සති දෙකකට පස්සෙ යුනි එකේදි. මතකෙන් මැකිලා ගිහින් කියලා හිතුවත් මටත් නොදැනීම මගෙ මතකෙ ඉඩක් වෙන් කරන් තිබුන උඹව මන් දෙවනි සැරේට දැක්කෙ එදා.
මම ඇවිදන් යන්න කම්මැලිකමට ඉඳගෙන ඉන්න තැන ඉඳන්ම විසිකරපු කොල ගුලිය ඩස්ට්බින් එකට මෙහායින් බිමට වැටෙද්දි ඒක අරන් ඩස්ට්බින් එකට දාපු උඹ එක තප්පරයක්වත් නොඉඳ යන්න ගියේ මගේ මතකෙ ආයෙත් අව්ස්සලා දාලා.
උඹ මගෙ සීනියර් කෙනෙක්. සීමාවක් නැති, පාලනයක් නැති කේන්තිය නිසා වැඩි කතාබහක් නැතුව හැමවෙලේම තනියම ඉන්න බලන මම, උඹ මගෙම සීනියර් කෙනෙක් කියලා දැනගත්තෙ එදායින් පස්සෙ.
එදායින් පස්සෙ යුනි එක ඇතුලෙ මන් සැරින් සැරේ ඔය රූපේ දකිද්දි සමහර දවස් තිබුනා මන් ඒ වෙනුවෙන්ම කැම්පස් එකට ආව.
මේ කේන්තිකාරයගේ හිත ටිකෙන් ටික උඹ හෙල්ලුවා. මගේ හීන අස්සට පවා උඹ හොරෙන් හොරෙන් රිංගන්න ගත්තා.
මගෙ සුදු රෝසමල,
මටත් නොදැනීම මම උඹට ආදරේ කරන්න අරන් තිබුනා.සුදු පාට කමිසෙකින් හැඩවෙලා එන උඹේ රූපේ මගෙ මුලු හිතම හොල්ලලා තිබුනා.
ඔය මූනෙ ඇඳෙන හීනි හිනාව සුදු පාටත් එක්ක උඹට පින් පාටක් ගේද්දි මන් නොදැනීම උඹට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න අරන් තිබුනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේක කතාවක් නෙවෙයි 👉👈 ඒ නිසා එපි පොඩියිනෙ කියලා හිතන්න එපා 😋
පාලුවක් දැනෙන වෙලාවක ගලපන වචන ටිකක් විතරයි
YOU ARE READING
White Rose
Fanfictionඅවුරුදු ගානක් තනිව විඳි ප්රේමයක් ... අ|සම්මතයක් වූ ප්රේමයක් ... නිමානොවෙන බලාහිඳීමක් ... 🥀