Happy Birthday To You
Happy Birthday To You
Happy Birthday My Love
Happy Birthday To You ....හැමෝම සතුටින් විශ් කරන දවස, හිනාවෙවී සමරන දවස, පාටිදාලා සතුටුවෙන දවස ...
හැබැයි අද,
අද එයාගෙ දවසේ එයයි මමයි විතරයි මගෙ වේදනාව පිරුනු කටහඬ එක්ක.අදත් මම ආවා උඹව බලන්න... ඔව් අද මම නෑවිත් කොහොමද. මගෙ සතුට, මගෙ සැනසීම, මගෙ උමතුව, මගෙ ආදරය , මගෙ හැමදේම උඹම වෙනකොට මම අද නෑවිත් කොහොමද .
උඹේ උපන්දිනය දවසෙ මන් නෑවිත් කොහොමද ?
මගෙ අතේ තිබුන එයා ආසම පාට උන ලානිල් පාටිනුත් මන් ආසම පාට උන දම් පාටිනුත් හැඩවුන කේක් එක උඩ මෙච්චරවෙලාම දඟ කරපු ඉටිපන්දම්වල දැල්ල සීතල හුලං පාරක් එක්ක නිවිලා යද්දි කේක් එක පැත්තකින් තියපු මම එයා දිහා බලන් හිටියා. එයාත් මන් දිහා බලන් හිටියා වෙනදා වගේම ඒ මූන හිනාවෙන් පුරවගෙන.
ඒත් ඇත්තටම වෙනදා වගේමද ?
හ්ම්.......
හුලඟත් එක්ක ලඟ තිබුන සුදු රෝස පඳුරක පෙති බිම විසිරිලා යද්දි ගහෙන් ගිලිහිලා වැටුනු පෙති හුලඟත් එක්ක ඒ මේ අත දුවද්දි ඒ සමහරක් එයා වෙනුවෙන් එයා ලඟට ආවා.
සුදු රෝස...
ඔව් එයා ආස කරපු මල... අනිත් හැමෝම ආදරය කියද්දි රතු රෝස හෙව්වට එයා එතනදිත් හෙව්වෙ සුදු රෝස. පිරිසිදුකම , පාරිශුද්ධත්වය , නැව්ම් බව පෙන්නන සුදු රෝසමල්වලට එයා ආදරය කලා.
YOU ARE READING
White Rose
Fanficඅවුරුදු ගානක් තනිව විඳි ප්‍රේමයක් ... අ|සම්මතයක් වූ ප්‍රේමයක් ... නිමානොවෙන බලාහිඳීමක් ... 🥀