ඔව් මන් උඹට ආදරේ කලා ...
දවසින් දවසෙ මගෙ ආදරේ වැඩි වෙද්දි ඒ ආදරේ හිත අස්සෙම තියන් පරිස්සම් කරන් මම ආදරේ කලා ....
තත්පරෙන් තත්පරේ ගෙවිලා යද්දි , දින , සති, මාස ගෙවිලා ගිහින් අවුරුදු ගෙවිලා යද්දි මන් උඹ දිහා බලාගෙන උඹටත් හොරෙන් උඹට ආදරය කලා ...
යුනි එකේ ඉන්නකන් වගේම , යුනි අව්ට් වෙලා ජොබ් එකට යද්දිත් මගෙ ඇස් මහන්සි නොඇරම උඹ පස්සෙ අවුරුදු ගානක් දිව්වා...
මගෙ ආදරය , මගෙ උමතුව උඹ වෙද්දි උඹත් නොදැන මන් උඹේ පස්සෙන්ම අවුරුදු පහක් බලාගෙන හිටියා.
මන් බය උනා කොච්චර ආදරේ කලත් , පිරිලා ඉතිරිලා යන්න මේ පපුව ඇතුලෙ ආදරේ පිරිලා තිබ්බත් ඒ ආදරේ උඹට කියන්න මන් බය උනා.
මන් කිව්වත් ඒ ආදරේ උඹ පිලිගනීද නැද්ද කියන එක ගැන මන් බය උනා.
ඔය ඇස් හිනාවෙද්දි මන් උඹත් එක්කම සතුටු උනා , ඔය ඇස් අඬද්දි මන් උඹ ලඟට එන්න බැරුව විඳෙව්වා , කෙල්ලෙක් එක්ක කතා කරද්දි පවා උඹත් නොදැන මන් ඉරිසියාවෙ පැලුනා...
හෙමින් හෙමින් ගිය අවුරුදු පහක් අස්සෙ උඹට ලං නොවීම මන් උඹ ගැන නොදන්න අංශු මාත්‍රයක් නැති උනා.
මේ ආදරෙත් හරි ලස්සනයි ... උඹ නොදන්න මන් විතරක්ම දන්න මේ ආදරේ හරි ලස්සනයි ....
අවුරුදු පහක් අවසානයේ මට අවුරුද්දකට England යන්න උනේ ඩිග්‍රිය කම්ප්ලීට් කරන්න ...
අවුරුදු පහක් තිස්සෙ උඹ දිහා බලන් හිටපු මට උඹෙන් ඈත් වෙන්න උනා ...
අඩුම ගානෙ උඹ ගැන වෙන කියන්නවත් කෙනෙක් නැති තැන, මන් උඹෙන් ඈතට යනවා කියන වේදනාව මුලු පපුවම බර කරද්දි මන් මෙහෙන් යන්න ගියා ...
හැබැයි මගෙ හිතේ එක දෙයක් තිබුනා...
"ඔව් මන් ආයෙත් ආව ගමන් මන් එනවා උඹ එක්ක කතා කරන්න . මගෙ ආදරේ කියන්න.මේ අවුරුදු පහ වගේ තව එකම එක අවුරුද්දක් ඉඳපන් මගෙ White Rose "
YOU ARE READING
White Rose
Фанфикඅවුරුදු ගානක් තනිව විඳි ප්‍රේමයක් ... අ|සම්මතයක් වූ ප්‍රේමයක් ... නිමානොවෙන බලාහිඳීමක් ... 🥀