❁...18

397 121 0
                                    

මාලිගයෙන් පිට 'නගරය' කියන්න පුලුවන් තැනක යුන්ගි වගේම යුන්ගිගේ ලොකු අතකට පිටිපස්සෙන් සියොක් හෝ හැංගිලා බලාගෙන හිටියේ පුදුමෙන් ඇස් පුරවගෙන වගේම අහිංසකව.. යුන්ගිට තවමත් බලාගන්න පුලුවන් වුනේ හරියටම සියොක් හෝ ගේ හැම මොහොතකම වගේ අදුන් වලින් වටවෙලා තියෙන දිග ලස්සන ඇස් විතරයි.. එතනින් පහල පුරුදු විදියටම දුහුල් රෙදිකඩකින් ආවරනය කරන් තිබුනා..

"මට හිතාගන්න බෑ සියොක් හෝ කොහොමද ඔයා මුලු ජීවිතකාලයක්ම අර අංගනයක් ඇතුලෙ තනියෙම එලියටවත් බහින්නෙ නැතුව හිටියේ කියලා.. අඩුම තරමේ මම දවසකට හොස්ටල් එකෙන් සියපාරක්වත් එලියට යනවා.."

"අහ්.. හො-හො මොකක්!?? හියුන්ග්නිම් ඒ මොකක්ද.."

"හොස්ටල් එක කියන්නෙද.. ඒ කියන්නෙ නිකම් මම නැවතිලා ඉන්න තැනක් වගෙ එකක්.. මම අහපු එකට උත්තර දෙන්නකො.."

"තනියක් නෑ එහෙම ලොකුවට.. මගේ වැඩිමහල් සහෝදරයො දෙන්නම මාව බලන්න නිතර එනවා.. ඒ ඇරෙන්න මං ගාව හා පැටවු වගයක් ඉන්නවා.. මම හියුන්ග්නිම්ට පස්සෙ පෙන්නන්නම්.."

සියොක් හෝ තවමත් යුන්ගිගෙ අත වලට මුවා වෙලා අවානකිනුත් මූන වහගෙන රහසින් මුමුන මුමුන මනුස්සයෝ අතරින් ඉස්සරහට අඩිය තිබ්බේ බොහොම පරිස්සමින්..

"සියොක් හෝ බයෙන් ඇවිදින්න එපා සාමාන්‍ය විදියට ඇවිදින්න.. කවුරුත් ඔයාව පැහැරන් යන්නෙ නෑ.. මේ බලන්න.. ඔය අවාන අහකට කරගන්න.. මගෙ අතින් මෙහෙම අල්ලගන්න.. එතකොට ඔයා අතරමං වෙන්නෙ නෑ.."

"ම්-මට ටිකක් බයයි වගේ.. මම කලින් මෙහෙම තැනකට ඇවිත් නෑ.."

යුන්ගි මොකුත් නොකිය හිනාවුනා..

"ඒකට කමක් නෑ මම ඉන්නවනේ.. බය නොවී නිදහසේ ඉන්න.."

යුන්ගිගෙ වචන සියොක් හෝ ජීවිතේටත් වඩා ඉහලින් විශ්වාස කලා..

යුන්ගිගෙ අතක පැටලුනු සියොක් හෝ ගෙ අසාමාන්‍ය සිනිදු අත් යුන්ගිගේ හදවතේ ගැස්ම හුගක්ම වැඩි කලත් ඒ ගැන යුන්ගිට පසුතැවීමක් ඇති කලේ නෑ.. යුන්ගිට සතුටක් දැනුනේ යුන්ගිගෙ හිතේ සියොක් හෝ ගැන යම් පැහැදීමක් තියෙන නිසා වගේම සියොක් හෝ හුගක්ම හරස් ප්‍රශ්න නාහා යුන්ගි කියන දේ උනන්දුවෙන් අහගෙන වෙලාවේ හැටියට ඒවාට උත්තර දෙන නිසා.. යුන්ගිට හොදම යාලුවෙක්ගේ අඩුව මුලුමනින්ම නැතිවෙලා ගියා..

KATZUKI-THE EMPRESS | SOPE| COMPLETEDWhere stories live. Discover now