යුන්ගි හිටියේ නිදන කාමරයේ පහත් මේසය ලග ඉදගෙන දල්වපු ඉටිපහන් වල දැල්ල අතරින් සුලැගිල්ල එහෙ මෙහෙ කරන ගමන්.. රෑ බෝ වෙලා..
" ආ...හ්!! මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ.. "
පහත් මේසය කොනක තිබුනු පලිගු කැඩපතින් පේන ප්රතිබිම්බය දිහා යුන්ගි බලාගෙන මිමිනුවේ කලකිරීමෙන්..
කොන්ඩය උරහිස ගානට වැවුනු යුන්ගි පරන තාලයේ රාත්රී නිදන ඇදුමකින් සැරසිලා හිටියා වගේම යුන්ගිට පෙනුනා යුන්ගිගේ 'කුටියට' පිටතින් සේවිකාවක් එක්ක තව සේවකයන් කිහිප දෙනෙක් නිදි නැතිව බලා ඉන්නවා..
එදා අවදි වුනායින් පස්සෙ යුන්ගි අනවශ්ය විදියේ සැලකිලි බොහොමයකින් පීඩාවට පත් වෙලයි හිටියේ..
පලවෙනි කාරනය,
යුන්ගි එලියට ගියත් වෙන කොහේ හරි ගියත් කට පුරා 'උතුමානනි' කියාගත්තු සේවකයො රොත්තක් යුන්ගිව වට කරගෙන හිටපු එක..
අනික් කාරනය,
ජීවීතේට දකපු නැති මිනිස්සු කොට්ටාසයක් යුන්ගිගේ අම්මා,තාත්තා,සහෝදරී,ආච්චිඅම්මා,සීයා,නැන්දා වෙලා හිටපු එක..
අමතර කාරනය,
තමන්ට තේරෙන්නෙ නැති විවාහ ගිවිසකට නිතරම තම නම ඈදා ගන්න එක..
මේ දේවල් යුන්ගිට ගෙනාවේ වෙහෙසක්.. කොහොම නමුත් යුන්ගි හොදින්ම දැනන් උන්නු කාරනය තමයි තමන් කොහෙත්ම මෙහෙට අයිති මනුස්සයෙක් නොවෙන බව.. යුන්ගි දැනගෙන හිටියේ නෑ උසස් පාසලේ නේවාසිකාගාරෙන් එකපාරට අතුරුදහන් වෙලා සියවස් ගානකට පස්සෙ ලී පොලොවකින් තමන් අවදි වුනේ කොහොමද කියන්න..
ඒ එක්කම යුන්ගිගෙ හිතට එකවරම හොද අදහසක් මතුවුනා..
" මේ කාමරේ දිනපොතක්.. මේ කෙනාගෙ දිනපොත කොහෙද.. ඒක මම හොයාගන්න ඕන.."
යුන්ගි කැඩපතින් පේන මූන දිහා බලාගෙන ඉක්මනින් නැගිටුනා..
BINABASA MO ANG
KATZUKI-THE EMPRESS | SOPE| COMPLETED
Fanfictionදේගු උසස් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබපු යුන්ගි හදිසියේ සිය දිවි නසා ගන්න හේතුව මොකක්ද..? "I began to pray for a miracle." "There's one thing I still haven't told you: I now believe, by the way, that miracles can happen."