❁...24

397 115 4
                                    

එදාත් පුරුදු පරිදිම යුන්ගි සියොක් හෝ එක්ක පැනලා ආවේ නගරයේ අමුතු උත්සවයක් පැවැත්වුනු නිසා.. සියොක් හෝත් උනන්දුවෙන් හිටියේ මෙහෙම දේකට කලින් සහභාගී වෙලා නැතිමනිසා..

එදා අලුත් අවුරුද්ද දවසක්..

පරන අවුරුද්ද ගෙවිලා අලුත් අවුරුද්දේ පලවෙනිම දවසට අඩිය තියන්න තව ඉතුරුවෙලා තිබුනේ හෝරා කීපයක් විතරයි.. ඒ නිසාම අලුත් රසකැවිලි වගේ හුගක් දේවල් වලින් වීදි පිරිලා ඉතිරිලා ගිහින් තිබුනේ නගරය කාර්‍යබහුල කරන ගමන්..

ඒ හැමදේම එහෙම වෙන අතරේ යුන්ගිගේ හිතම නතරවෙලා තිබුනේ යුන්ගිට අඩි කිපයක් ඉදිරියෙන් යන සියොක් හෝ දිහාවට.. සියොක් හෝ ගෙ උනා දාපු ඝනකම් වරල හුලං පාරවල් නිසා හතර අතේ විසිරෙන ගමන් තිබුනත් යුන්ගි ඒ පෙනුමට ආස කලා.. ඉනෙනුත් පහලට වැටෙන කොන්ඩය මෙහෙම සියොක් හෝ උනා දාලා ඉන්නෙ බොහොම කලාතුරකින් එන දවසක විතරයි.. කොන්ඩයේ උඩ කොටස කූරක් වගේ පෙනුන කොන්ඩ කටුවක අමුනලා අමුතු මෝස්තරයකට මලක් වගේ රදවලා තිබුනා වගේම ඇහි පිහාටුවල ගෑවෙන අකීකරු කොන්ඩ කැරැල්ල යුන්ගිට පරන සිදුවීමක් මතක් කරලා හිනහවකින් කම්මුල් රතු කලා..

සියොක් හෝ මුලු කොන්ඩයම එක සමානව තියාගෙන හිටියත් දවසක් සියොක් හෝ නිදාගෙන ඉදී යුන්ගි සියොක් හෝට හොරෙන් ඒ කොන්ඩ කැරැල්ල ඇහි පිහාටුවල ගෑවෙන්නම කපලා දැම්මෙ හිත එහෙම කරන්න කියලා අමුතු ආසාවක් යුන්ගිගෙ හිතට පැටෙව්ව නිසා..

අවදිවුනු සියොක් හෝ ගෙන් බැනුම් කෝටිගනනක් වගේම පහරවල් කීපෙනුත් කෑවත් යුන්ගි එදා සියොක් හෝ ගෙ කොන්ඩෙ කපපු එක ගැන මොහොතක්වත් දුක් වුනේ නැහැ.. මොකද ඒකෙන් සියොක් හෝ ව දෙගුනයක්ම ලස්සන කලා..

"ච්ප්! හියුන්ග්නිම් කොහෙද ඔය බලන් ඉන්නෙ.."

යුන්ගිගෙ අතකට වැදුනු අවාන් පාර නිසා යුන්ගි හොද සිහියට ආවා..

"ආ-අහ්.. කොහෙවත් නෑ.."

යුන්ගි මෙච්චරවෙලාම බලන් ඉදලා තියෙන්නෙ සියොක් හෝ හොදට ඉන කඩලා ඇවිදගෙන යද්දි දෙපැත්තට යන පිටුපස දිහා..

"ලැජ්ජා නෑ!!?"

සියොක් හෝ දෙකක් රවලා යුන්ගිට පේන්න ඇහිබැමක් ඉස්සුවා..

"මොකට ලැජ්ජා වෙන්නද..? අපි ටික දවසකින් විවාහ වුනාම ඔයා හිතාගෙන ඉන්නෙ අපි මොනව කරනවා කියලද.."

යුන්ගි අහද්දි සියොක් හෝ රතු වෙලා රතු වෙලා පිපිරෙන්න ආවා..

"විකාර.."

සියොක් හෝ ඇස් කැරකුවා..

"විකාර නෙමෙයි.. හිතලා බලන්න අපි මොනවා කරයිද..?"

"හියුන්ග්නිම්!!!!!!!"

"මොකද මොකද.. රාජ්‍යයේ බාලම කුමාරයට ලැජ්ජ හිතිලලු.. ඕමෝ ඕමෝ නේද!!??"

යුන්ගි සියොක් හෝ කතාකරන විදියට කියවගෙන ගියා..

"පිස්සු.."

සියොක් යුන්ගිගෙ කකුලක් පාගලා ඉස්සරහට ඇවිදගෙන ගියා වුනත් එකපාරටම...

KATZUKI-THE EMPRESS | SOPE| COMPLETEDWhere stories live. Discover now