කවුරුවත්ම පේන්න හිටියේ නැති ක්ලාස් එක ඇතුලේ තිබුනේ එකම එක බෑග් විතරමයි! ඒ කියන්නේ තාම කවුරුත් ඇවිත් නෑ.තියෙන බෑග් එක කාගෙද කියන්න හොදටම දන්න කෙල්ල එයාගේ බෑග් එකත් ඒ ලගින්ම පුටුවක තියලා ජනේලෙන් එලිය පේන පිට්ටනිය දිහා බැලුවා..
පේන්න හිටියේ නෙට්බෝල් කරන ගෑණු ලමයි ටික විතරයි. එයාට හිතුනේ එයා අද කලින් කියන එක විතරයි. ඉතින් දැන් එයාට කරන්න තියෙන්නේ අර බෑග් එකේ අයිතිකාරයව හොයාගෙන යන එක. එයා දන්නවා දැන් ඒ අයිතිකාරයා ශුවර් එකටම පොඩි ලමයි ටිකකට බොරුවක් කියලා ආතල් එකක් ගන්නවා ඇති කියන්න..
කෙල්ල බෝඩ් එකේ ලියලා තිබුණ කාටුබූටු ටිකත් මකලා දාලා එලියට යන්නයි ලෑස්ති වුණේ! එයා අතේ තිබුණ හුණු ටිකත් ගසන ගමන් පන්තිය එලියට කකුල තිබ්බා.ඒත් ඒ සැනින්ම කෙල්ල අඩියක් පිටිපස්සට ගියේ තමන් ඉස්සහරට ආපු මනුස්සයාව විතරයි! කෙල්ලට පෙනුනේ ඒ කෙනාගේ පපුව ටික හරියයි..මොකද ඒ තරම්ම එයා උසයි..
කෙල්ල ඒ කෙනාගේ මූණ බලන්න ඔලුව උස්සන්නත් කලින්ම කට ඇදවෙලා ගියේ ඒ කෙනාගේ කටහඩ ඇහුන නිසා...
"ආආආ... "
හරිනේ ඉතිම්? අදත් එයා වැඩ පටන් අරන්..කෙල්ල ඒ කෙනාගේ මූණ දිහා බැලුවා.පැණි මූණකුත් එක්ක තමන් දිහා බලන් ඉන්න කොල්ලගේ මූණට දෙකක් අනින්න කෙල්ලට හිතුනත් කොහොමද ඒක කරන්නේ? ඒ තරමට කොල්ලා උසයි!! උසයි තමයි.හැබැයි කෙල්ල මිටියි..
"ආයිශ් වාතේ "
ඇහිබැමි අකුලගත්ත කෙල්ල එතනින් යන්න හැදුවත් කෙල්ලට යන්න නොලැබුනේ ඒ කෙනාගේ තමන්ගේ මග හරස් කරපු නිසා.කෙල්ල ඔරෝන ගමන් ඒ කෙනාගේ මූණ දිහා බැලුවා.
"ගුඩ්මෝනිම් කියලාවත් කියන්නේ නැද්ද අනේ? "
"ඒ මොකටද? තමුසෙවත් මහ වාතයක් ඕයි!! ආවා මෙතන මෝනිම් කියන්න..දිගන්චියා"
කෙල්ල එහෙන්මම කොල්ලාව තල්ලු කලේ කොල්ලා හිනාවෙවීම බිත්තියේ වැදෙනකොට. කෙල්ල දන්නවා ඒ බිත්තියේ වැදුනේ තමන් තල්ලු කරපු නිසි නෙවෙයි කියන්න! එයා එහෙම කලේ තමන් හයියෙන් තල්ලු කරා කියලා පෙන්නන්න..
VOCÃ ESTÃ LENDO
Don't Leave Me ll JJK FF ll
Fanficāˇāļ¸āˇāļģ āˇāˇāļģāļ¯āˇ āļāˇāļēāˇāļąāˇāˇ āļāˇāļ¯āˇāˇāļāˇ āļąāˇāˇāˇāļģāļ¯āˇ āļāļģāļąāˇāļą āļļāˇāļģāˇ āˇāˇāļą āļāļģāļ¸āˇ āļ¯āļģāˇāļĢāˇ.. āļāļāˇāļąāˇ āļ āˇāļāˇ āˇāˇāļģāˇāļ¯āˇāļ¯āļāˇ āļāļģāļąāˇāļą āˇāˇāļāļąāˇāˇ āļąāļ¸āˇ āˇāˇāļēāˇāˇāļģāļēāļāˇ āˇāˇāļāļąāˇāļą āļāļą.!! Nara__Jk Jk ff