"නාරාහ් "
"ඕහ් "
සෝහාත් එක්ක වල් කතාවක් කියෝ කියෝ ඈත මල් කඩන කපල් එකක් දිහා බලාගෙන හිටපු මගේ අවධානේ ගියේ
අපිට ටිකක් එහායින් හිටපු සර් දිහාවට.."එන්නකෝ "
මමත් හෙන සංවර විදියට සර් දිහාවට යනකොට මට දැනුනා පිටිපස්සේ හිටපු සෝහා හයියෙන් මගේ පස්සට පාරක් ගැහුවා! යක්ෂණී.. පස්සේ අල්ලගන්නම් කියලා හිතාගෙන මම සර් ගාවට ගියා..💔
"අද මට පීරියඩ් එකට එන්න වෙන්නෑ..මම ලමයි ටිකකට කිව්වා..මේ තියෙන්නේ ආර්ට් රූම් එකේ යතුර! අද ඩබල් පීරියඩ් නිසා ඔයාලා ඒකට වෙලා ඉන්න.. "
"අරස්සෝ"
ඉහේ මලක් පිපුණා වගේ සීන් එකක් දැනෙනකොට දුන්න යතුර බදාගෙනම දුවලා ගිහින් සෝහාගේ බෙල්ලේ එල්ලුනේ ඉන්නේ ස්කෝලේ කියලාවත් ගාණකට නොගෙන..වටේ හිටපු අපිට වඩා බාල ලමයි මැජික් වගේ අපි දෙන්නා දිහා බලනකොට ඒකිත් මාව බදාගෙනම ක්ලාස් එකට ගියා..
"අඩෝ ඩබල් පීරියඩ් උට්ටෝඕඕඕ "
"තොපිට හිස් වුණාට අපිට තියෙයි උට්ටියේ? "
" ඉතින් පල "
පන්තියට ගියපු වෙලේ ඉදන් අරකිගේ මූණ චොර වෙලා.පව් මොනවා වුණත්!! ඒ වුණාට ඕකි මට කරන කුහකකම් වලට ඕක හොද වැඩී..තව ටික වෙලාවකින් පීරියඩ් එක ඉවරයි.යූහූ..ඊට පස්සේ ආතල් එකේ හිටිය හැකි..අම්නේ ඉතිම් අපේ සර් කොච්චර හොදයිද නේත???
.
.
.
.
.
.
.
.
."යා ඔක්කොමලා ආවද? "
ඔන්න බලන් හිටපු මොහොත උදා වුණා!! හම්බෝ..මොන හේතුවකට මන්දා ලමයිනුත් අද අඩුයි.උන්ට පින නෑ මේවාගේ ආතල් එකක් ගන්. ගෑණු ලමයි හයයි.පිරිමි ලමයි දහයයි.හම්මෝ දැන් පීරියඩ් දෙකක් නේද?
මම ඉතින් ආතල් එකේ ගිහින් ඉස්සරහ පෝලිමේ කොනෙන් ඉදගත්තා.ඊට එහාපැත්තෙන් මගේ යාලුවෝ දෙන්නෙක් හිටියා.අනිත් අයත් යාලුවෝ තමා. ඒ වුණාට චූඌඌට්ටක් දුරින්..
හැමදේම හරි සාමකාමී විදියට ගත වුණා. හොද ඕපයක් දාගෙන ඉන්නකොට තමයි මට තේරුනේ මේක තමයි මට වුණ අසරණම වැඩේ කියලා.."අහ්ම්"
කක්කල්කැසිකාරයා!! ඇයි යකෝ.. මේකා කරුමෙටම ඇවිත් මම හිටපු පෝලිමට පිටිපස්සේ පෝලිමේ කොනට ගිහින් ඉදගත්තා.දැන් ඉතින් මූට මාව හොදටම පේනවා.හිනාවෙන්නවත් බෑ ඕක දිහත් බලන් ඇති.මමත් ඉතින් ගණන් නොගෙනම මගේ වැඩ කරගෙන ගියා .. ඒත් ඇයි දෙයියෝ මෙච්චර නපුරු!!
"නාරාආආආ!! ජන්කුක් ඔයාට ආදරෙයිලු?? "
අපේ වයසේ තව කොල්ලෙක් කෑගහලා කියනකොට මම රවලා බැලුවේ ඒකා දිහා.හත්තික්කේ පැණි බැල්මක් නේද ඔය? ඇයි ඇයි ඕයි මේම කරන්නේ..
"හම්මෝඕඕඕ "
"ඕඕඕඕඕඕ "
"ආආආ නාරා "ලග හිටපු හැම එකාම මගේ නම කියලා කෑගහනකොට අරූව කන්න තරම් තරහක් මට ආවා.ඒත් ඊලග මොහොතේ ඌ මහ රස්තියාදුකාර වගේම අනිත් හැම කොල්ලෙක් වගේම කියලා මට හිතුනේ ඇහුන දේ නිසා..
"හේයි මිරේ!! මේ ජන්කුක් ඔයාට ආදරෙයිලු "
මිරේත් ඒක ගාණකට නොගෙන මම දිහා බැලුවේ සොරි කියන්න වගේ! යකෝ මම දිහා බලන්නේ මම් මොනවා කරාටද?? ඌ දිහා බැලුවාම තේරුනේ ඒ බැල්ම තාමත් මගේ දිහාවටමයි කියලා..ඇයි ඔයා මගෙ දිහාම බලන්නේ ජන්කුක්..
මූණට අහන්න තිබුණා නම් කියලා හිතුනත් මාව රත් වෙලා වගේ යනවා ඒ බැල්මට.මිරේ එක්ක පොඩි තරහක් නොආවාමත් නෙවේ! ඒත් ඒක බොරු එකක් කියලා හිතුනේ ඒ බැල්ම මටම වැටිලා තියෙනකොට..
යා ඔහොම බලන්න එපා මෝඩයෝ..!!
මට එහෙම කියන්න හිතුනා..
මොකද මට ඔයා ඔහොම බලනකොට ලැජ්ජා හිතෙනවා
ESTÁS LEYENDO
Don't Leave Me ll JJK FF ll
Fanficසමහර වැරදි තියෙනවා කවදාවත් නිවැරදි කරන්න බැරි වෙන තරම් දරුණු.. ඉතින් ඒ වගේ වැරැද්දක් කරන්න හිතනවා නම් සියවාරයක් හිතන්න ඕන.!! Nara__Jk Jk ff