🥀 ඔබ මම ඇය මැදිවූ 🥀

95 18 6
                                    

අවුරුදු පහක් ගියා. අපි පස් දෙනාම අපේ හීන වලට ගියා. මම යි ඉනූයි විශේෂඥ වෛද්‍යවරු. හේෂාන් රටේ නම ගිය බිස්නස්මන් කෙනෙක්. දේෂානුයි අභියි ප්‍රසිද්ධ නලුවෝ දෙන්නෙක්. ආධි ? එයා තමයි දැන් ලංකාවේ හැමෝගෙම සිහින තරුව. කෙල්ලෝ කොල්ලෝ හැමෝම උගේ සින්දු වලට පිස්සු වැටිලා. ගිය අවුරුද්දේ ඌ සිංදුවක් ගැහුවා. ඒ ඉතින් ඌ ආදරේ කරන එකාට.

♡♡♡

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්…
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්…
ඔබ නොදනී මුලු ලොවම දනී


ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්…
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී

♡♡♡

ඇයි දන්නේ  නැ උට විරහ සින්දුවක් කියන්න හිතුනේ. සමහර විට උට කලින් උගේ හිත ඇත්ත මොකක්ද කියලා  තේරුම් ගත්තද දන්නේ නෑ. කොහොම හරි ඔය සින්දුව publish කරාට පස්සේ අපි පස් දෙනා එකට ඉද්දි හර්ෂ කිව්වා.

ඒ මට දෙයක් කියන්න තියෙනවා.
මම කෙනෙක්ට ආදරේ කරනවා.

ඒ වෙලාවේ ආධි ගේ මූණ. ඌ වැඩියෙන්ම සතුටු වුන දවස වෙන්න ඇති. ඒත්.....

දන්නවද බං. මම නෙවෙ යි. ඇත්තටම එයයි මට මුලින්ම ආදරේ කරන්න අරන් තියෙන්නේ. දැන් ඇවුරුදු දෙකක විතර ඉදන් .

දෙකක් ? ඒ ආධි.

ඔව් බං ඒ අපි අතරින්ම කෙනෙක්. 

දන්නවද එදා ආධි උඩ පැනපු විදිහ. උට සතුට දරා ගන්න බැරි වුනා.

ඔ..යා.. ඔයා ඒක දන්නවා ද ? ආහ්  ? මම දැන ගත්තා ඔයා ඒක දන්නවා කියලා. මම කිව්වේ උබලට එයා ඒක දන්නවා කියලා.

🥀💙ON YOUR WEDDING DAY💙🥀( Completed)Where stories live. Discover now