Devon pov
අද රොහාන් ආධිත්‍ය සමරදිවාකර ගේ දහ වන ගුණානුස්මරණ උත්සවය. අපේ ආධි යන්නම ගිහින් අදට අවුරුදු දහයක්. අදටත් එයාගේ සින්දු ජීවත් වෙනවා.
හර්ෂ , ඉනුකි ඩිවෝස් වුනා. හර්ෂ අනාත නිවාසයක් පවත්වගෙන යනවා.
දේෂානුයි මගේ අභියි කසාද බැන්දා එයාලට දැන් ඉන්නවා චූටි දුවක්. එයා මගේ අභී වගේමයි. නෑ මම කවදාවත්ම කිව්වේ නෑ . මම එයාට ආදරෙයි කියලා. ඒක මාත් එක්කම වැලලෙන රහසක් වෙයි.
ඉනුකි අයේ මැරි කරා. ඒ එයා ආදරේ කරන කෙනෙක්ව. එයාලටත් දැන් දුවක් ඉන්නවා.
පපා.....
මගේ ආධි ඇවිත් මගේ කරට නැග්ගා .
ආෂ් මගේ දග මල්ල. කෝ මමා ?
මමා කිව්වා පපාට කියලා ice cream ඉල්ල ගන්න කියලා.
ඒ මගේ ආධි. මගේ පුතා. ඔව් මමත් කසාද බැන්දා. මොකද මම නොබැද ඉද්දි මට ම කියලා වගකීම් නැති වෙද්දි මට අභිගේ ජීවිතේට ඇගිලි ගසන්න හිතෙයි කියලා මට බය හිතුනා. ඒ නිසා තමයි මාත් කසාද බැන්දේ. මම මගේ wife ට ඕන හැමදේම දුන්නා. හැම වගකීමක් ම ඉටු කරා. හොද සැමියෙක් වුනා. ඒකේ සංකේතේ තමා මගේ පුතා. එයා ඇත්තටම හොද බිරිදක්.
මගේ පුතා. රොහාන් ආධිත්‍ය. ඔව් අපි එයාට ඒ නම තිබ්බේ, මොකද එයාගේ ඇස් , හිනාව හැමදේම අපේ ආධි වගේ නිසා. වෙලාවකට හීතෙනවා එයා ආයෙත් ඇවිත් කියලා. මොකද එයා කොයිවෙලෙත් කැමති වුනේ හර්ෂ ගාව ඉන්න. ඒක හර්ෂටත් තේරිලා ද මන්ද ඌ හැමතිස්සෙම දරුවව මග ඇරියා.
කොහොම හරි සිතූඅභී ආදර කතාව වගේම මගේ හිතේ විතරක්ම තියෙන ඩෙවොන්අභී ආදර කතාවත් ආයේ එක් නොවෙන විදිහටම ඉවර වුනා.
ලබන ආත්මේවත් උබ මගේම වෙයන් අභි.
_නිමි_
ESTÁS LEYENDO
🥀💙ON YOUR WEDDING DAY💙🥀( Completed)
Historia Cortaඅපට අප හිමි නෑ ලොවේ. ඔබට මා හිමි නෑ. මට ද ඔබ හිමි නෑ. 🥀💙