🅛︎

224 63 2
                                    

ඊලග දවසේ උදේම ජිමින් ඇහැරුනා.

"ආර්හ් මගේ ඔලුව රිදෙනවා"

එතකොටයි ජිමින් ට ඊයේ වෙච්ච දේවල් මතක් වුනේ.

"අනේ නෑ ජන්කුක් "   ජිමින් ඉක්මනට ඇදෙන් බැහැලා පහලට දුවන් ගියා.

"ජින් හියුන් ඔයා දැක්කද ජන්කුකීව"

"සොරි ජිමිනී ජන්කුක් දැන් ගිහින් ගොඩක් වෙලා"

ජිමින්ට දැනුනේ එයාගේ මුලු ලෝකෙම කඩන් වැටුනා වගේ.ජිමින් එතනම දණගහගෙන අඩන්න ගත්තා ජින් ඉක්මනට ජිමින් ගාවට ගිහින් ජිමින්ව තුරුල් කරගත්තා.

"ශ් ජිමිනී දැන් අඩන්න එපා ඇයි ඔයා අඩන්නේ එයා ගියේ සදහටම නෙමේ නේ එයා ආයේ එයි අඩන්න එපා දැන් යන්න ඔයා ටිකක් රෙස්ට් කරන්න මම කෑම අරන් එන්නම් ඔයාට"

"හරි" ජිමින් කෙටි උත්තරයක් දීගෙනම කාමරේට ගියා ජිමින් දැක්කා එයාගේ කාමරේ නයිට් ස්ටෑන්ඩ් එක උඩ ලියුමක් තියෙනවා .ජිමින් ඒක අතට අරගෙන බැලුවා.

ආදරණීය ජිමිනි හියුන්,

                  ඔයා මේක කියවනකොට මන් මෙහෙන් ගිහින් ගොඩක් වෙලා.ඒත් දුක් වෙන්න එපා මම අවුරුද්දකින් ආයෙමත් එනවා.මට හිතාගන්න බෑ මම අවුරුද්දකින් එද්දි ඔයා කොයි වගේ ඉදීද කියලා .මම අවුරුද්දකින් ආවාම මුලින්ම කරන්නේ ඔයා ගාවට ඇවිත් ඔයාව තද කරලා තුරුල් කරගන්න එක.ඔයා බලනවා ඇති නේ මන් ඒක දැන්ම කියන්නේ ඇයි කියලා .උත්තරේ තියෙන්නේ ඔයාව මෙච්චර අමාරුවේ දැම්මට මට මටම දඩුවම් දෙන්න ඕනේ නිසා සහ මම දඩුවම ගැන සෑහීමකට පත් වුනාම මම ආපහු එනවා.

                   ප්ලීස් අවුරුද්දකට පස්සේ මන් එද්දි උස ගිහින් ඉන්න එපා මන් ආසයි අපි දෙන්නගේ උස වෙනසට මගේ ශෝර්ටී.

                                                        මීට,
                                                   ජන්කුක්.

ජිමින් එතන බිම ඉදගෙන හදවතින් අඩන්න ගත්තා කෙදිරි ගාමින් හිටියා.ජින් හියුන් එවෙලෙම හැමෝටම කතා කලා.

"හැමෝම පහලට එන්න කෑම කන්න"

ජින් හැමෝටම කන්න කතා කලත් ජිමින්ට නම් කෑම කන්නවත් ආසාවක් තිබ්බේ නෑ ජිමින් ඉන්න තැනින් නැගිටලා ගිහින් ඇදේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා.ජිමින්ට තිබ්බේ එකම එක ප්‍රශ්නයයි.

"ඇයි ජන්කුකී ඇයි "

"කෝ ජිමින් "  ටේ ඇහුවා.

"මම දන්නේ නෑ මන් හිතුවා එයත් පහලට එනවා කියලා" ජින් කිව්වා.

"එයාට එහෙම ඉන්න දෙන්න එයාට ගොඩක් මතක් වෙනවා ඇති ජන්කුක්ව .ඒ නිසා එයාට ටිකක් තනියම ඉන්න දෙන්න"

නම්ජුන් කිව්වේ එයාගේ ප්ලේට් එකේ තිබ්බ පෑන්කේක් කැල්ල ගෑරප්පුවෙන් කඩා ගන්න ගමන්.

"ආයිශ් නම්ජුන් ඇයි ඔයා ඔහොම මෙසී විදිහට කන්න අනේ" ජින් කේන්තියෙන් කෑගැහුවා.

"හොදයි එහෙනම් ඇයි ඔයා නරක විදිහට උයන්නේ"  නම්ජුන් එහෙම ඇහුවට පස්සේ ජින් නම්ජුන්ගෙ පස්සෙන් කිචන් එක වටේ දුවන්න ගත්තා.

"මන් ඔයාව අල්ලගත්තොත් ඇත්තමයි නම්ජුන් ඔහෙව මකලා දානවා"  ජින් මූනත් රතු කරගෙන කෑගහලා කිව්වා.

______________________________________

Words: 345

Words: 345

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
I DO CARE - (SINHALA TRANSLATION ) [COMPLETED]Wo Geschichten leben. Entdecke jetzt