" ජන්කුක් මොකද මේ ? "
ජීහා හිනා වෙවී කොල්ලා දිහා බලාගෙන එහෙම ඇහුවෙ මොකද කිව්වොත් ඒ වෙලාවෙ ජන්කුක් ගෙදර ඇවිත් හිටියෙ බඩු තොගයක් අරගෙන.
ජීහා එහෙම අහන ගමන් ජන්කුක්ගෙ අතේ තියෙන එක බෑග් එකක් ගන්න හැදුවත් කොල්ලා ජීහාට ගන්න දුන්නෙ නෑ." ඔයාට මහන්සි වෙන්න හොද නෑ.මන් ගිහින් ටේබල් එක උඩින් තියන්නම්."
කොල්ලා එහෙම කියන ගමන් ටේබල් එක උඩින් තමන් ගෙනාව බෑග්ස් ටික තිබ්බා.
" මොනාද මෙච්චර උස්සන් ආවෙ ? "
" මෙතන ස්ටෝබෙරි,බ්ලූබෙරි තව ගොඩක් පලතුරුත් ගෙනාවා.ඔයා කන්න කැමති ඔක්කොම ටික ගෙනවා.අන්නාසිනම් ගෙනාවෙ නෑ.තව ඔයාට කන්න ආස මොනාහරි තියෙනවනම් කියන්න.මිස්ටර් හන් කිව්ව විදිහටනම් එක එක ආසාවල් එනවලුනේ.මිස්ටර් හන් කිව්ව විදිහටනම් මන් ඔක්කොම ගෙනාවා.මොනවත් අමතක වුනාද දන්නෙ නෑ.
ආ තව හොද මියුසික් වීඩියෝ ටිකකුයි ෆිල්ම් වගේකුයි ගෙනාවා."ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ කම්මුලට ඇගිල්ලකින් තට්ටු දදා කල්පනා කරේ තමන්ට තව මොනහාරි ගේන්න අමතක වුනාද කියලා.
" ආ හරිනේ මට අමතක වුනානේ ඩොක්ටර්ටට අපොයින්මන්ට් එකක් දාන්න.ඒක නෙමේ හැමදාම චෙකප් වලට යන්න ඕනෙද නැත්තන් සතියකට සැරයක්ද නැත්තන් මාසෙකට සැරයක්ද ? "
ජන්කුක් එහෙම අහන ගමන් තමන්ගෙ ෆෝන් එක ගත්තෙ මිස්ටර් හන්ට කෝල් එකක් දීලා සෝල් වල ඉන්න හොදම ඩොක්ටර්ට අපොයින්මන්ට් එකක් දාන්න කියන්න.
" කුකී."
ජීහා ජන්කුක්ට කතා කරන ගමන් කොල්ලගෙ අතින් අල්ලද්දි .
" ඔයාට මොනාහරි ඕනෙද ? නැත්තන් දැන්ම ඩොක්ටර් හම්බවෙන්න යන්න ඕනේද ? "
ජන්කුක් පොඩි එකෙක් වගේ එක එක දේවල් අහද්දි කොල්ලා ඒ වෙලාවෙ තමා දැක්කෙ කෙල්ලගෙ අතේ තියෙන පොත.
" මේ මොකක්ද මේ ? මේවා කියවන්න හොද නෑ.ආයෙ එහෙම මගෙ කබඩ් එකෙන් හොරර් බුක්ස් අල්ලන්න හිතන්නවත් එපා.
දැන් සුරංගනා කතා ටිකක් කියවන්න.මට අරන් එන්න අමතක වුනානේ.ඉන්නකො දැන් ගිහින් අරන් එන්නම් මම."
YOU ARE READING
* My You || JJK || ( On Going )
Fanfictionඩේගු වල ඉන්න තමන්ගෙ හැල්මොනි බලන්න ගිය ජීහා ආයෙ ආවෙ තනියම නෙමේ.කෙල්ල ආපහු බූසාන් ආවෙ තමන්ගෙ එන්ගේජ්මන්ට් එකට.හැබැයි කෙල්ල ආවෙ මාසෙ දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් විදිහට . ඔයාගෙ ඔප්පගෙ බබාගෙ surrogate mother වුනාට පස්සෙ ඔයාගෙ ඔප්පයි ඔන්නියි දෙන්නා ඔය...