After six months
මේ මාස හයට මොනාද වුනේ කිව්වොත් ජන්කුක් ජීහා දෙන්න දැන් මැරි කරලා මාස තුනක් වෙනවා ජීහාට ඉපදුනේ ජන්කුක් කිව්වා වගේම රෝස මලක් වගේම චූටි දුවෙක්.ජීහාගෙ ඔප්පා කැමති වුනා වගේම දුවට නම තිබ්බෙ සේහි කියලා.ජියෝන් සේහි කියලා.
ජීහාට වෙච්ච පොරොන්දුව නිසාම ජන්කුක් ජීහා එක්ක ජන්කුක්ගෙ ගෙදරට ගියා.
කොල්ල හිතුවෙ ඒ ගෙදර එක මොහොතක්වත් ඉන්න තමන්ට බැරි වෙයි කියලා.හැබැයි කොල්ල හිතුව දේ වැරදියි.ආයෙත් තමන්ගෙ ගෙදරට ගියාට පස්සෙ කොල්ලගෙ හිත ඉඩ දුන්නෙ නෑ ආපහු අපාට්මන්ට් එකට එන්න.ඒක නිසාමයි කොල්ල තීරණෙ කරේ තමන්ගෙ ගෙදරම නවතින්න.❣️ ජන්කුක් සේහිවත් තුරුල් කරන් නිදාගෙන ඉද්දි මන් වොෂ් එකකුත් දාන් රූම් එකෙන් පල්ලෙහට ආවෙ බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරන්න.සේහිට තාම මාස හයක් වුනා විතරයි.ඒ වුනාට මොකද ජන්කුක් ලග ඉන්නවනම් දුවට වෙන මොනවත් ඕනෙ නෑ .කොටින්ම මාව ඕනෙත් නෑ .
තමන්ගෙ ලේ නොවුනත් ජන්කුක් කොච්චර සේහිට ආදරේ කරනවද කියලා තේරෙන්නෙ නෑ .
ජන්කුක් සේහී දෙන්න හිත හිතම මන් කිචන් එකට ගිහින් ජන්කුක්ගෙ මිල්ක්ශේක් එක හදන්න ගත්තා .අප්පා කෙනෙක් වෙලත් මේක බොන එකනම් තාම නවත්තලා නෑනේ.වෙලාව අදාළත් නෑ තැන අදාළත් නෑ බනානා මිල්ක්ශේක් එක බොයි.ජීහා එහෙම හිතන ගමන් ජන්කුක්ගෙ මිල්ක්ශේක් එක හදද්දි කෙල්ලට දැණුනෙ කවුරුහරි පිටිපස්සෙන් ඇවිත් තමන්ව බැග් හග් කරගන්නවා.
❣️මන් මිල්ක්ශේක් එක හදද්දි ජන්කුක් ඇවිත් මාව බැග් හග් කරා.හග් එකනම් කමක් නෑ කියමුකෝ.කන පිටිපස්සට වෙට් කිස් දෙන්නත් ගත්තා.
YOU ARE READING
* My You || JJK || ( On Going )
Fanfictionඩේගු වල ඉන්න තමන්ගෙ හැල්මොනි බලන්න ගිය ජීහා ආයෙ ආවෙ තනියම නෙමේ.කෙල්ල ආපහු බූසාන් ආවෙ තමන්ගෙ එන්ගේජ්මන්ට් එකට.හැබැයි කෙල්ල ආවෙ මාසෙ දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් විදිහට . ඔයාගෙ ඔප්පගෙ බබාගෙ surrogate mother වුනාට පස්සෙ ඔයාගෙ ඔප්පයි ඔන්නියි දෙන්නා ඔය...