Taehyung Pov
අවුරුදු 19 කියන්නේ තරුණ වයසේ ළමයෙක් උපරිම සතුට , ජීවිතය විඳින කාලය.
ඒත් මම , මම අවුරුදු 49 ක මනුස්සයෙක් තරමටම විඳෙව්වා.පුංචි කාලේ මට අම්මගෙනුයි තාත්තගෙනුයි ආදරේ ලැබුණා කියලා කියන්න පුළුවන් .
හැබැයි කාලයක් යද්දියි මට තේරුණේ තාත්තා කරේ මවා පෑමක් විතරයි කියලා .මට ඉන්නවා නංගි කෙනෙක්. මගේ මුළු ජීවිතේ තරම්ම මම ආදරේ කරේ ආරක්ෂා කරේ එයාව
මම හිතාගෙන හිටියේ එයාව මේ සමාජෙන් ආරක්ෂා කරගන්න ඕනේ කියලා . ඒත් ටික කලක් යද්දියි මට තේරුණේ සමාජෙට කලින් එයාව ආරක්ෂා කරගන්න ඕන මේ ගෙදරින් කියලා. මේ ගෙදර ඉන්න බේබදු ඇස් දෙකෙන් කියලා.ඒ බේබදු ඇස් වල තිබ්බේ ළමයෙක්ට තාත්තා කෙනෙක් දෙනවට වඩා එහාට ගිය අමුතු ආදරයක්. ඒ ආදරේට අම්මත්, මාත් , නංගිත් බය වුණා. ඒ ඇස් වලට අහුවෙලා හිර වෙලා හිටියේ මගේ නංගි.
අම්මා කොච්චර ඒ ඇස් වලින් මගේ නංගිව ඈත් කරන්න හැදුවත් , අම්මට ඒ වෙනුවෙන් ලැබුණේ බඩට පයින් පාරක් හරි, කම්මුල රතු වෙන්න පාරක් හරි විතරයි.
මටත් වැඩි වෙනසක් නැහැ. නංගිව වහගෙන එයාගේ ඉස්සරහා හිටගන්න වාරයක් පාරා තාත්තගේ කලිසමේ බෙල්ට් එක ලිහුණා. ඊට පස්සේ දිගට හරහට මගේ පිටට , බඩට , වදින්න පුළුවන් හැම තැනකටම වැදුණා. මට ඕනේ තරම් ඉවසගෙන ඉන්න පුළුවන් බෙල්ට් පාරවල්. හැබැයි නංගි තාත්තගේ ඇඟට යට වෙන එක නම් මට කවදාවත් කොහොමටවත් ඉවසගෙන ඉන්න බැහැ.
හැමදාම රෑට නිදාගනිද්දි මම ප්රාර්ථනා කරන්නේ තාත්තට ගෙදර එන්න බැරි වෙන්න කියලා විතරයි . ඒත් මගේ එකම ප්රාර්ථනාවත් ඉෂ්ට කරන්න දෙවියන්ට බැරි වුණා.
මේ හැම දෙයක් එක්කම මගේ ජීවිතේ ඉන්න 'හොඳ ' ළමයා නැත්තටම නැති වුණා. හොඳ ළමයා ටිකක් හරි මතු වුණේ අම්මා ගාවදියි ,නංගි ගාවදියි , අපේ කවුන්සලර් ජින් හ්යුන්ග් ගාවදි විතරයි . ජින් හ්යුන්ග්ලට මේවා අමුතු දේවල් වුණේ නැහැ. එයා මීට වඩා දේවල් කරපු අය එක්ක කතා කරලා තියෙනවා. එයාට මම තව එක මල්ලි කෙනෙක් විතරක් වුණා.
ගොඩක් දවසට මම මහ රෑට අනුන්ගේ තාප්ප පාට කර කර පාරේ ඇවිද ඇවිද හිටියා. කටේ සිගරට් එකක් නැත්තම් ලොලි පොප් එකක් හරි අනිවාර්යයෙන්ම තිබුණා. කඩවල්වලින් බියර් හොරකම් කරා. සතියකට පාරක් පොලිසියේ හිටියා. මාවත් පොලිසියට එක්තරා හුරු හොරෙක්, වදකාරයෙක් වුණා.
එක දවසක් මේ හැම දේකම අවසානෙට අපි ආවා.
මම ගෙදර එද්දි තාත්තා කියන කෙනා හිටියේ නංගිගෙ ඇඳුම් එක එක ගලව ගලව. තවත් මට ඉවසගන්න බැරි වුණා. මේ වදේ වින්දා ඇති කියලා හිතුණා. ඇඟ ඇතුලේ හැංගිලා ඉඳපු හොඳ ළමයා නැත්තටම නැති වුණා. පැත්තක තිබ්බ වීදුරු බෝතලේ අතට අරගත්ත මම ඒක බිත්තියක ගහලා බාගයක් කඩා ගත්තා.
ඒත් අර නරුමයා මාව ගණන් ගන්නේ නැතිව වෙනදා වගේම මගේ දිහාවට පුපුරන බැල්මක් හෙලලා එයාගේ වැඩේ දිගටම කරගෙන ගියා. ඒත් අද මෙතන ඉන්නේ එදා ඉඳපු කෙනා නෙමෙයි. ඇඟ ඇතුලේ ලේ රත් විගෙන එද්දි මගේ අතේ තිබුණ බෝතල් කටුව ඒ නරුමයගේ පපුව පසාරුකරගෙන ඇතුලටම කිඳා බැස්සෙ මගෙයි එයාගෙ ලේයි එකට එකතු කරලා. ඒත් ඒවා පාට දෙකක්.
වීදුරු කටුව අතෑරලා දාලා පිටිපස්සට ආපු මම ලේ ගෑවිලා තිබුණ මගේ අත් දිහා බැලුවා. තවමත් යටිගිරියෙන් කෑගහන නංගි දිහා එක පාරක් බලලා මම දුවන්න පටන් ගත්තේ මට දැන් යන්න තියෙන එකම තැනට
එයා වෙනදා වගේම කවුන්සලින් රූම් එකේ තිබුණ එකම මේසේ ගාව තිබ්බ එක පුටුවක වාඩි වෙලා හිටියා. හරිම පරිපූර්ණ විදියට. වෙනදා නම් මම එයා දිහා බලාගෙන පැය ගණන් ගත කරා. ඒත් අද දවස ගොඩක් වෙනස්.
මගේ ලේ වලින් පිරුණ අත් දිහා බලපු ජින් හ්යුන් කිව්වේ එක දෙයයි.
ඔය ඇති ටේහ්යොන්ග් දැන් අතාරින්න.
Inspired from BTS I need You , Stigma short film
To be continued
A/n
අතාරින්න කියන්නේ .... සරලයි suicide කරගන්න කියන එක
කට්ටිය එයාලගේ 1st chance එක පාවිච්චි කරා නේ ඒනම්. පරිස්සමට හිතන්න.
කට්ටිය කියනවා ජින්ලු කට්ටියක් එහෙම නෑලු.. හිකිහිකි..Lan_Kimra
VOCÊ ESTÁ LENDO
Main Character ✔️
Fanficඅපේ කතාවේ ප්රධාන චරිතය කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ.. Short chapter book Completed Don't copy my works ⚠️️