වසන්ත ඍතුවේ ආරම්භයට හා සීත ඍතුවේ අවසානයට ඇත්තේ තවත් දින කීපයක් පමණි...දවල් කාලයේ විටින් විට ඇද වැටෙන වැසි වගේම රාත්‍රී කාලයේ ඇද වැටෙන ධාරානිපාත වැසි ඒකට හොද උදාහරණයක්...දිය වෙලා පාර පුරා ගලන හිම වගේම සීත ඍතුවේදී සම්පූර්ණයෙන්ම හැලී තිබූ පත්‍ර කියාපාන්නේ වසන්තයට තමනුත් සූදානම් වන බව...
රාත්‍රිය පුරාම ඇද හැලුණු වර්ෂාව නිසා සීතල ටිකක් අඩු වෙලා තිබුණත් තැනින් තැන මඩත් එක්ක එකතු උණු මිදුණු වැසි දිය පාරවල් වෙනදා තරම් ලන්ඩන් නගරයට ප්රබෝධයක් එක් කලේ නෑ...වර්ෂාව නිසා අදුරු වෙලා තිබුණ අහස නගරයට එක් කලේ මූසල බවක්..
නමුත් කෙතරම් සොබාදහමෙන් බාදා ආවත් ඒ දේවල් වලින් සැලෙන්නේ නැති ජනතාව කඩි රැලක් වගේ ලන්ඩන් නගරය වසා ගත්තේ පාට පාට විවිධ මාදිලියේ කුඩ වලින්...
මාසයකට ආසන්න කාලයක් සරසවියට නොගිය ජිමින් අද වෙනදාටත් වඩා උද්යෝගයෙන් විශ්වවිද්‍යාලයට යන්න ලෑස්ති උණේ තමන් එක්ක ජංකුකුත් යන්න ලෑස්ති වෙලා හිටිය නිසා...ජිමින්ට දැනුණේ තමන් අලුතෙන් විශ්වවිද්‍යාලයට යනවා වගේ, තමන් අලුත් ජීවිතයක් පටන් අරගෙන වගේ...කිසිම යාලුවෙක් හිටපු නැති ජිමින්ගේ අදුරු, කම්මැලි විශ්වවිද්‍යාලය ජීවිතය උද්යෝගිමත් වෙලා තියෙන්නේ ජංකුක් නිසා...
ජිමින්ගේ ජීවිතය වෙනස් උණේ එයාගේ කුක් නිසා..!
ජිමින් වෙනදට අපිළිවෙලට පීරපු කොණ්ඩය අද හොදින් පීරලා තෙල්වලින් පිටු පසට කරල රදවලා තිබුණා.. හැමදාම ඇදපු ලෙදර් කලිසම හා ලොම් කමිසය වෙනුවට අද අලුත් සුදු පාට කමිසය කලු පාට කලිසමට යට කරලා ඊට උඩින් තරමක් දිග දුඹුරු පැහැති සීත කබායක් පැළඳ සිටියා...ඒ වගේම ජිමින් ළඟින් ජංකුක් අරන් දුන්න රෝස මල් සුවද සුවද විලවුන් සුවඳත් හැමුවා...
ජංකුක්ගේ නිවසේ සිට විශ්වවිද්‍යාලයට පැය දෙකක පමණ ගමනක් තිබුණ නිසා ඔවුන් උමං ශ්රීග්රගාමී දුම්රිය තෝරා ගත්තේ බසයෙන් යන එකෙන් කාලය හුගක් නාස්ති වෙන නිසා...
පැය බාගයකින් පමණ විශ්වවිද්‍යාලයට පැමිණි ඔවුන් අසලින් තිබුණ උද්‍යානයකට ගියේ සරසවිය ආරම්භ වෙන්න තව පැය දෙකකටත් වැඩි කාලයක් තියෙන නිසා...

YOU ARE READING
Fragrance || Ji x Kook Fan Fiction || Completed
Fanficජීවිතේටත් පාට ගොඩක් එකතු වෙන එක නරකයි.. පාට ගොඩක මිශ්‍රණයක් කියන්නේ.. ඒක කලු පාටක්... සුවදත් ගොඩක් එකතු උනහම ඒකත් ගද වෙනවා නේ.. ~Mature Contents. ~BL Romance. ~Ji x Kook Fan Fiction. ~All rights reserved.. ~Do Not Copy My Works ‼️