2008 පෙබරවාරි මාසයේ තවත් එක් දවසක්...ළඟම එන වසන්තය නිසාවෙන් යන්තමින් සීතල වියැකෙමින් තිබුණද තවමත් මුලු පරිසරයම වෙලාගෙන තිබුණු ඒ සීත කාලයටම ආවේණික වූ අඳුරු ස්වභාවය ඒ ආකාරයෙන්ම පැවතියා...කඳන් පමණක් ඉතිරි වී ඇති ශාකද හිම තට්ටු මිදී තිබීම හේතුවෙන් මළානික කොල පාටක් දැරූ තෘණ භූමි ද මේ අඳුරු ස්වභාවයට හේතුවක් උණා..
උදෑසන අවදි වී සිටියත් තවමත් ඇදට වෙලා කොට්ටයකුත් බදාගෙන ජනෙල් වීදුරු වලින් පේන පරිසරය දිහා ජිමින් බලන් හිටියේ ලොකු කල්පනාවකින්... මොකද අද ඔහුට විශේෂ දවසක්...මේ වෙනකොට ජිමින් කියන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් නෙවෙයි, මුලු මහත් ලෝකයේම ආදර ගෞරවය දිනාගත් තවත් එක් දක්ෂ ලේඛකයෙක්... මේ වන විට පොත් දෙකක් පමණක් එළි දක්වා ඇති ඔහුගේ සෑම පොතක්ම ආදායම් වාර්ථා පිහිටුවමින් වැඩිම අලෙවියෙක් ඇති පොත් අතරට අයත් වන්නේ ඔහුගේ අද්විතීය භාෂා හැසිරවීමේ ශෛලියත්, වෙනස්ම ආකාරයක කතා වස්තුවත්, සියලුම කතා ආදර කතා වීමත් හා ඒවා ඛේදාන්තයකින් අවසන් වීමත් යන්න හේතු කොට ගෙන ය... මීටත් අමතරව විශේෂයෙන්ම මේ සියලුම පොත් සමලිංගිකත්වය හා සම්බන්ධ වීමත්, මේ කාලය වන විට සමලිංගිකත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් බොහෝ දෙනෙක් සටන් කරමින් සිටින කාලයක මෙවැනි පොත් එලි දැක්වීමට බොහෝ ලේඛකයෝ බිය වූ නමුත් ජිමින් ඒ වෙනුවෙන් තම පෑන හසුරවමින් පෙනී සිටීමත් ඔහුගේ පොත් වලට බොහෝ වශයෙන් ජනතාව ආකර්ශනය වීමට හේතුවක් ද විය හැක...
ඔහු විසින් රචිත 'Clair De Lune' නොහොත් 'Moonlight' නම් ග්‍රන්ථය දෙවන ලෝක යුධ සමයේ සිටි සෙබලුන් දෙදෙනෙකුගේ ආදර කතාව නිසා ඔහුට 'වර්තමාන ශේක්ස්පියර්' යන නාමයෙන් ඇමතීම ම ඔහුගේ දක්ෂතාවය හා ගෞරවය මැනවින් විදහා දක්වයි...
නමුත් ලෝකයට රහසක් වූ ඔහුගේ ආදර කතාව නිසා ඔහු තවමත් තනිකඩව තමාගේ පෙම්වතා කෙදිනක හෝ තමා සොයා පැමිණෙන බව විශ්වාස කරමින් ශෝකයෙන් කල් ගත කරන බව ලෝකයට රහසක් ය... නමුත් මේ සියලුම ග්රන්ථ වල පාදක වූ සිදුවීම තමාගේ පෙම්වතාගේ වෙන්වීම බව දැන සිටියේ ජිමින් ම පමණි...
ඔහුගේ තුන්වන පොත, 'A Daffodil Flower Fell In Love With A Blue Rose' එළි දැක්වීමට නියමිතයි...ඩැෆඩිල් මලක් නිල් රෝසමලක් වැනි විශේෂ වූ මලක් සමග ආදරයෙන් වෙලීම විය නොහැක්කකි...එසේ වුවද ඩැෆඩිල් මලට හා නිල් රෝස මලට කෙදිනකවත් එක් වීමට නොහොකි බවත් ඩැෆඩිල් මලට ගැලපෙන්නේ තවත් එක් ඩැෆඩිල් මලක් පමණක් බව හා නිල් රෝස මලකට ගැළපෙනු යේ තවත් එක් නිල් රෝස මලක් පමණක් බවත්, නොගැලපෙන දෙදෙනෙකුගේ එක් වීම ම විරහවට අත වැනීමක් බවත් ඔහු ඒ ග්‍රන්ථයෙන් මැනවින් පෙන්නුම් කරයි...ඔහු අද මේ පොත මුලු ලෝකයටම කියවීමට ඉඩ සැලැස්වීමට සූදානම් ය...එය එක් ආකාරයකට තමාගේ ජීවිතය පිළිබද හෙළිදරව්වක් ද වනු ඇත...

YOU ARE READING
Fragrance || Ji x Kook Fan Fiction || Completed
Fanficජීවිතේටත් පාට ගොඩක් එකතු වෙන එක නරකයි.. පාට ගොඩක මිශ්‍රණයක් කියන්නේ.. ඒක කලු පාටක්... සුවදත් ගොඩක් එකතු උනහම ඒකත් ගද වෙනවා නේ.. ~Mature Contents. ~BL Romance. ~Ji x Kook Fan Fiction. ~All rights reserved.. ~Do Not Copy My Works ‼️