~ ට්‍රින් ~ ට්‍රින් ~" ආ... මෙච්චර ඉක්මනට බෙල් එක වැදුණේ කොහොමද "
මන් එහෙම හිත හිත ඇඳෙන් ඉදගත්තේ මෙච්චර ඉක්මනට බෙල්ලෙක වැදුණේ කොහොමද බලන්න....
" අයියෝ 6 ත් වුණාද මෙච්චර ඉක්මනට"
ඇඳෙන් නැගිටලා නිදි ගැට කඩ කඩම මම ගියේ වොෂ් රූම් එකට....
වොෂ් එකකුත් දාගෙන උදේට කන්න කෑමත් හදලා මන් ඉක්මනටම යන්න ලැස්ති වුණේ මගේ අලුත් යුනි එකට....
_________________________________________
මේ ඉන්නෙ Jeon Eun-ji.... අවුරුදු 22ක් වෙන ඉයුන්ජි විශ්වවිද්‍යාල දෙවන වසරේ ශිෂ්‍යාවක්.... ඉයුන්ජිට අවුරුදු 5 දි ඔම්මා අප්පා වගේම ඉයුන්ජිට හිටපු එකම සහෝදරයා රිය අනතුරකින් මිය යනවා එදා ඉදන් ඉයුන්ජි ජීවත් වෙන්නේ තමන්ගෙ නැන්දනීයත් සමගයි.... පොඩි කාලෙ සිට බුසාන් වල හැදි වැඩුණ ඉයුන්ජි ශිෂ්යත්වක් මගින් සෝව්ල් නැෂනල් යුනිවසිටි එකට එනවා... බුසාන් ඉදන් සෝව්ල් ආව ඉයුන්ජි එයාටම කියලා ජීවත් වෙන්න පොඩි එපාට්මන්ට් එකක් ගත්තා වගෙම තමන්ගෙ අවශයතා සම්පූර්ණ කර ගැනීමට මුදල් අවශය නිසා ඉයුන්ජි පොඩි කොෆි ෂොප් එකක පාට් ටයිම් ජොබ් එකකුත් කරන්න පටන් ගත්තා....
ගොඩක් කරුණාවන්ත ගෑණු ළමයෙක් වුණ ඉයුන්ජි හැමකේනාගෙම හිත දිනා ගන්න ගොඩක් දක්ෂ කෙනෙක් වුණා.......
ඒ වගේම ඉයුන්ජිට පොඩි කාලෙ ඉදන් තිබ්බ ගතිගුණයක් තමයි අසාධාරණය පෙන්න බැරිකම.... ඒ නිසා කෙල්ලට ගොඩක් කරදර වලට මුහුණ දෙන්නත් වෙලා තියෙනවා....
_________________________________________මම ඉක්මනටම ගියේ යුනි එක ගාවට මොකද පලවෙනි දවසේම පරක්කු වෙන්න බැරි නිසා...
YOU ARE READING
NOONA <||JHS||> [completed]
Fanfictionආදරේට වයස් සීමාවක් තියෙනවාද? නෑ නේද? මමත් එයාට ආදරේ කරනවා... කියා ගන්න බැරි තරම්... ඒත් එයා කැමති නැත්තම්... මන් මොකද කරන්නේ... නුනා.... මම ඔයාට මටත් වඩා ආදරේ කරනවා... ~ ජන්ග් හොසොක් සහා ජොන් ඉයුන්ජි ගෙ ආදර කතාවයි මේ ~ START & END - 2023.03.12