After one weekEunji pov
අදට මම යුනි එකට ඇවිත් සතියක් වෙනවා. ඒ වගේම දැන් මට ඉන්න හොඳම යාලුවා හොබි...
ආ හොබි කියන්නේ හොසෙයොක්ට එදා මන් එයාව බේර ගත්ත නිසා එයා හැමවෙලෙම මන් එක්ක හිටියා. මට වඩා අවුරුද්දක් බාල වුණාට කොල්ලා හිටියේම මාත් එක්කමයි. අපි දෙන්නගේම හිනේ idol එකක් වෙන්න නිසා අපි දෙන්නා කොයිවෙලෙත් හිටියෙ ඩාන්සින් රූම් එකේ...
" නුනා "
මැරෙන්නේ නෑ ඔන්න එනවා...
" හොබි "
මම අත වැනුවම කොල්ලා සන්ශයින් හිනාවත් දාන් ආවෙ මගේ ළඟට...
" ගොඩක් වෙලාද ඇවිත් "
" ම් නෑ. ටිකක් වෙලා. ඇයි පරක්කු වුණේ "
" අනෙ සොරි නුනා. ඩාන්සින් මිස් මාව ටිකකට නවත්ත ගත්තා "
කොල්ලා ඒක කිව්වේ මූණත් එල්ලන්. හොබි හැමවෙළේම මෙහෙමයි එයාගෙ අතින් වැරැද්දක් නොවුනත් එයා ඒ දේ ගැන ගොඩක් හිතනවා...
" අයිගෝ හොබි එකට කමල් නෑ. කෝ එන්න යමු."
මන් හොබිගේ අත අල්ල ගෙන එහෙම කියනකොට එයත් මගේ අත අල්ල ගත්තෙ ගොඩක් තදින්...
අපි ටික දුරක් අත අල්ලගෙන පාර දිගේ ඇවිදන් ආවත් අපි දෙන්නගෙන් කවුරුත් කතා කරෙ නෑ. වෙනදට ඉවරයක් නැතුව කියවන හොබි අද කිසි සද්දයක් නැතුව මගේ අත අල්ලන් ඔහෙ ඇවිදිනවා. මාත් මුකුත් කතා නොකර ඉස්සරහට ඇවිද ගෙන ගියා....
" නුනා "
" හ්ම් ඇයි හොබි "
" නුනා අපි අයිස් ක්‍රීම් කමුද."
ඇත්තටම හොබි පොඩි එකෙක් අයිස් ක්‍රීම් කමුද කියලා අහනවා වගේ මගෙන් එහෙම අහනකොට මට බෑ කියලා කියන බෑ වගේ. ඒ නිසා මන් කොල්ලගේ කොන්ඩේ අවුස්සලා ඔලුව උඩ පහල වැනුවේ හා කියලා කියන්න...
මන් හා කියපු ගමන් හොබි මගේ අතින් ඇදගෙන එක්කන් ගියේ අපිට ටිකක් එහාට වෙන්න තිබ්බ ෂොප් එකක් ගාවට....
හොබි ගිහිං අපි දෙන්නටම අයිස් ක්‍රීම් ගෙනත් මට එකක් දුන්නා...
YOU ARE READING
NOONA <||JHS||> [completed]
Fanfictionආදරේට වයස් සීමාවක් තියෙනවාද? නෑ නේද? මමත් එයාට ආදරේ කරනවා... කියා ගන්න බැරි තරම්... ඒත් එයා කැමති නැත්තම්... මන් මොකද කරන්නේ... නුනා.... මම ඔයාට මටත් වඩා ආදරේ කරනවා... ~ ජන්ග් හොසොක් සහා ජොන් ඉයුන්ජි ගෙ ආදර කතාවයි මේ ~ START & END - 2023.03.12