NOONA 4 end

140 23 4
                                    


After five years

Eunji pov

මට එයාව මතක් වෙනවා...

මට සමාවෙන්න හොබි...

මට සමාවෙන්න. මේ නුනට සමාව දෙන්න....

අදට මම හොබිව අතඇරලා ඇවිත් අවුරුදු 5ක් වෙනවා. මම ඒ වෙලාවේ කරේ කරන්න ඔන දේ. මන් කොහොමද ඒ හිතට බලාපොරොත්තු දෙන්නේ...

හොබි මට මගේ මල්ලි වගේ. ඉතිං මන් කොහොමද එයාට ආදරේ කරන්නේ...

මන් එදා එයාව දාලා ආවා. එදායින් පස්සෙ මන් එයාව දැක්කෙ නෑ. අවුරුදු 3ක් මම කොරියාවෙ ඉඳලා ආවෙ ඇමරිකාවට අවුරුදු 2ක් මන් දැන් මෙහෙ...

ඒත් මට තාම හොබිව මතක් වෙනවා...

සමාවෙන්න හොබි මට සමාවෙන්න. මගේ හිතෙත් ඔයා ගැන අමුතු හැඟීම ඇති වුණා හොබි...

ඔයා හැමදාම මගේ ළඟට වෙලා මන් ගැන හොයලා බැලුවා....

මන් මගේ පවුලේ අය ගැන කියලා අඩනකොට මට අඬන්න උරහිස්ස දිලා මාව සැනසුවේ ඔයා හොබි...

අපි හැමදාම කතා කරන බෙන්ච් එක ගාව ඉදන් කතා කරණකොට ඔයා හැමදාම මගේ උකුල උඩ ඔලුව තියන් මගේ අත ඔයාගෙ ඔළුවෙන් තියන් ඔලුව අතගාන්න කියන කොට මම හැමදාම ඒ ඔලුව අත ගන්නෙ ගොඩක් ආදරේන්.....

ඒ හැමවෙළේම මගේ හිතේ ඔයා ගැන අමුතු හැඟීම් ඇති වුණා හොබි. ඒත් මන් ඒ හැඟීම මගේ හිත ඇතුළේම අගුලු දා ගත්තා හොබි....

මට ඔයාව මතක් වෙනවා හොබි. ඒත් මට ඔයාට ආදරේ කරන්න බෑ හොබි.මට සමාවෙන්න....

ඔයා දැන් මොකද කරන්නේ හොබි හොදින් ඉන්නවා නේද....

ඔයා හොදින් ඉන්නව නම් මට ඒ ඇති.....
.

.

.

.

.

.

.

මම ආයිත් කොරියාවට යනවා. ඒත් හැමදාටම නෙමෙ. මන් ආයිත් ඉක්මනටම ඇමරිකාවට එනවා මට බෑ මට බෑ එයාව ආයිත් දකින්න....

මන් කොහොමද ඔයාට මුණ දෙන්නේ. ඔයා මාත් එක්ක තරහා වෙලා ඇති.....

මම ආයිත් කොරියාවට යන්න වෙන්නේ JHS Entertainment එකේ owner මට එන්න කියලා තියෙනවා. හේතුව එන්ටර්ටෙට්මන්ට් එකේ පුහුණුකරුවෙක් විදියට වැඩ කරන්න.මන් යන්න නෙමෙ හිටියෙ. ඒත් මම මෙහෙට වෙලා ඉඳලා හරියන්නෙත් නෑ. අනික මට එහෙට එන්න කිව්වේ අවුරුද්දකට විතරයි....
.

NOONA <||JHS||> [completed]Where stories live. Discover now