< අවුරුදු දහයකට පෙර >
" යුගි "
පොඩි කෙල්ලෙක් තමන්ට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් පිරිමි ළමයෙක් ළඟට දුවන් ආවෙ හරි ලස්සනට හිනාවෙලා...
" ඕ ලිලී ඔයා මොකද මේ වෙලාවේ මෙතන කරන්නේ "
ඒ පිරිමි ළමයා නොහොත් ලිලිගේ යුගි එහෙම ඇහුවේ මේ වෙලාවේ එයා ලිලීව බලාපොරොත්තු නොවුණ නිසා වෙන්න ඇති...
" යුගි අපි පොඩ්ඩක් කතා කරමුද? මට ඔයාට වැදගත් දෙයක් තියෙනවා කියන්න "
ලිලී යුගිට එහෙම කිව්වේ බිම බලන් කකුලෙන් වැලි පොලොව හාරන ගමන්...
දකින ඕන කෙනෙකුට කියන්න පුළුවන් ලිලී එහෙම කරන කොට ගොඩක් හුරතල් කියලා.ඒත් යුගිට නම් එහෙම වුණේ නෑ. මොකද එයා දන්නවා ලිලී එහෙම හැසිරෙන්නේ ගොඩක් කලබල වුණාම කියලා...
ඒත් එයා ඒ ගැන වැඩි තැකීමක් නොකර ලිලිට කතා කරා...
" අනෙ ලිලී ඕක අහන්නත් දෙයක්ද ඔයා දන්නවනෙ මට ඔයා වෙනුවෙන් ඕන තරම් වෙලාව තියනවා කියලා "
යුගි එහෙම කිව්වේ ලිලීගෙ එක කම්බුලක් හරි සිනිදුවට පිරි මදින ගමන්...
කොල්ලගේ ඒ වැඩෙන් කෙල්ල රතු වෙලා ගියත් ඒ ක්ෂණිකවම ලිලිගේ මුණ දුකින් පිරිලා ගියා...
ඒ ඇස් වල ලා කඳුලු පටලයකුත් බැදිලා තිබුණා...
ලිලිගේ කඳුලු දැකලා කලබල වුණ යුගි,
" අනෙ ඇයි මැණික? මොකද වුණේ? කවුරු හරි මොනා හරි ඔයාට කිව්වද? නැත්තම් ඔයා වැටුණද මැණික? කො බලන්න. අනෙ මැණික ඇයි මේ අඬන්නේ "
යුගිගේ එක දිගට ලිලීගෙන් ප්රශ්ණ අහනකොට කෙල්ල කළේ බිම බලන් අඩපු එක....
ලිලී අඩනවට බය වුණ යුගි ලීලීව එක එක පැත්තට හරෝ හරෝ බැලුවේ කෙල්ලට තුවාලයක්වත් වෙලාදෝ කියලා බයෙන්...
ඒත් ලිලී බිම බලන් ඇඬුවා මිසක් යුගිට උත්තරයක් දුන්නෙ නම් නෑ...
" අනෙ දෙයියනේ ලිලී අඩන එක නවත්තලා මට කියන්න රත්තරං මොකද්ද වුණේ "
" ය්. යුගි "
" ඉන්න මැණික. එන්න අපි අතනින් වාඩි වෙමු. වාඩි වෙලා කතා කරමු. හ්ම් කෝ එන්නකෝ "

YOU ARE READING
MR.MIN SUGA <||MYG||> [completed]
Fanfictionමට ඔයාව ගොඩක් මතක් වෙනවා ලිලී...... මිස්ටර් මින් මට කියන්න ඔයා මට ගත්තෙ හදිස්සි වැඩකටද කියලා. එහෙම නෙමෙ නම් කරුණාකරලා ඔයා ඔය ෆෝන් එක කට් කරන්න.... ඔහො ලිලී ඔයා මට ඉස්සර යුගි කියලා කතා කරලා ඇයි එක පාට්ට මිස්ටර් මින් වුණේ. අනෙ බබා ඔයා මට එහෙම කතා කරන්...