< අවුරුදු පහකට පසු >දින සති මාස අවුරුදු ගෙවිලා ගියේ ඇසිපය ගහන තරම් වේගෙකින්. මින් යුංගි කිම් ලියාරා ආදරේ කරන්න අරන් දැන් අවුරුදු පහක් වෙනවා. ඒ වගේම එයාලගෙ ආදරේ සංකේතයක් විදියට ඒ චුටි පවුලට තවත් එක් සාමාජිකයෙක් එක් වෙලා. ඒ යුංගිගේ වගේම ලියාරගේත් මුළු ලොකයම වුණ මින් ලීයුන්.....
මින් ලී යුන් කියන්නේ අවුරුදු පහක චුටි කොලු පැටියෙක්. යුංගිගේ කපාපු පලුව කිවුවොත් මන් හරි. මොකද ලී යුන් තනිකරම එයාගෙ ආප්පා වගේ. ඒ වගේම පොඩි යුංගිට තිබ්බෙත් යුංගිගේ ගති ගුණමයි....
මේ ගෙවිච්ච අවුරුදු පහට ගොඩක් දේවල් වෙනස් වුණා. ප්රධානම වෙනස් විම තමා යුංගි මාෆියාව අත්හැරපු එක. ලියාරගේ කීමට යුංගි මාෆියාව අතහැරලා එයාගෙ කම්පැනිය වුණ MYG එක බලාගත්ත එක...
එදා ලියාරා එයාගෙ ආදරේ යුංගිට කිව්ව දවසට සතියකට විතර පස්සෙ යුන්ගි ලියාරා දෙන්නා ආයිත් සෝව්ල් ආවා. සෝව්ල් ඇවිත් එයාලා මුලින් ගියේ ලියාරගේ ගෙදර.මොකද ලියාරට ඕන වුණා මාස ගාණක ඉදන් දැකපු නැති එයාගෙ ඔම්මා අප්පා බලන්න. යුංගිත් එකට විරුද්ද නොවි කෙල්ලත් එක්ක කිම් නිවහනට ගියා. යුංගි ලියාරා දෙන්නම මිස්ටර් කිම්ට වගේම මිසිස් කිම්ටත් කිව්වා එයාලා ආදරේ කරනවා කියලා. ඒත් කිම් දෙපළ මුලදී ඒකට අකමැති වුණත්. එයාලා පස්සෙ තේරුම් ගත්තා එයාලගෙ එකම දුව වුණ කිම් ලියාරව මලක් වගේ බලාගන්න පුළුවන් එකම මනුස්සයා මින් යුංගි කියලා....
එදා ඉදන් යුංගි ලියාරා දෙන්නා ජීවත් වුණේ යුංගිගේ ප්රධාන මැන්ශන් එක වුණ සෝව්ල් මැන්ශන් එකේ. එයාලා ගොඩක් ආදරේ හිටියා. ටික කාලයක් ගියාම තමයි ඒ චුටි පවුලට ලී යුන් ආවෙ.....
" ඔම්මාආආ "
ඔව් මේ වෙලාවේ මේ කෑ ගහන්නෙ වෙන කවුරුත් නෙමේ කිම් ලියාරා...
" මොකද ළමයෝ මේ කෑ ගහන්නෙ "
එහෙම කියාගෙන දුවන් ආවේ මිසිස් කිම්. මිසිස් කිම් වගේම මිස්ටර් කිම් අද ලියාරගේ ගෙදර ආවෙ චුටි යුන්ව බලන්න වගේම ලියාරට ගෙදර වැඩට උදව් වෙන්න....
![](https://img.wattpad.com/cover/337451646-288-k502085.jpg)
ESTÁS LEYENDO
MR.MIN SUGA <||MYG||> [completed]
Fanficමට ඔයාව ගොඩක් මතක් වෙනවා ලිලී...... මිස්ටර් මින් මට කියන්න ඔයා මට ගත්තෙ හදිස්සි වැඩකටද කියලා. එහෙම නෙමෙ නම් කරුණාකරලා ඔයා ඔය ෆෝන් එක කට් කරන්න.... ඔහො ලිලී ඔයා මට ඉස්සර යුගි කියලා කතා කරලා ඇයි එක පාට්ට මිස්ටර් මින් වුණේ. අනෙ බබා ඔයා මට එහෙම කතා කරන්...