< සතියකට පසු >සුගා ලියාරව එයා ගාවට අරන් අදට හරියටම සතියක්. කොල්ලා කෙල්ලව බලෙන් තමන් ළඟට ගත්තට ආයිත් ලියාරගෙන වැරදි විදිහට ප්‍රයෝජන ගත්තෙ නෑ. කොල්ලා බලන් හිටියෙ කෙල්ල දවසක එයාගෙ කැමැත්තෙන්ම ආයිත් එයාට ඒ දේවල් දෙනකන්. ඒත් ලියාරගේ හිතේ තාම සුගා ගැන තියෙන්නේ ලොකු තරහක්....
ඒත් කොල්ලයි කෙල්ල නිදාගන්නෙ එකට. ඒ දෙට කෙල්ල ගොඩක් අකමැති වුණත් සුගා හැමවෙළේම කිව්වෙ ' හස්බන් වයිෆ් වුණාම එකට නිදාගන්න ඔනේ හනි ' කියලා. ඉතින් කෙල්ලට සිද්ද වුණා අකමැත්තෙන් වුණත් සුගත් එක්ක නිදාගන්න. ඒත් කෙල්ල අමතක නොකර ඒ දෙන්නා මැදින් කන්දක් වගේ කොට්ට පේලියක් තියා ගත්තෙ කොල්ලට එයා ගාවට එන්න නොදි. ඒත් ඉතින් ලියාරට නින්ද ගිය ගමන් කොල්ලා කොට්ට සේරම් විසික් කරලා ලියාරව එයාගෙ තුරුලට ගන්නවා. සුගා කෙල්ලව ඒ හැඩි දැඩි පපුවට තුරුල් කරන් හැමදාම මුමුණන වචන ටිකක් තිබ්බා ඒ ' ඔයා මට ආයිත් ආදරේ කරයි ලිලී. මන් ඔයාට ගොඩක් ආදරේයි. ගුඩ් නයිට් මයි ලව් ' කොල්ලා ඒ වචන ටික ලියාරගේ ඇස් දිහා බලන් මුමුණලා ඒ නළලෙන් හාදුවක් තියන්නත් අමතක කරේ නෑ. ඒත් කවදාවත් කොල්ලගේ ඒ වචන ටික ලියාරට නම් ඇහුණේ නෑ. මොකද කොල්ලා ඒ වචන ටික මුමුණනකොට කෙල්ල ඉන්නෙ තද නින්දේ....
යුංගි ලියාරව එයා ළඟට අරන් සතියක් වුණාට කෙල්ලට එක දැනුණේ කල්පයක් වගේ. මොකද කෙල්ල ඉන්නෙ යුංගිත් එක්ක සතුටින් නෙමෙ. කෙල්ලට ඕන වුණා එයාගෙ ඔම්මා අප්පා බලන්න. ඒත් කෙල්ලට ඒක ලෙසි වුණේ නෑ. ඔව් ඉතින් ගෙදරින් එළියට බහින්න අවසර නැති කෙල්ලට ඔම්මා අප්පා බලන්න සෝව්ල් යන්න කොල්ලා අවසර දෙයිද?...
එදා වුණ සිද්දීය නිසා කෙල්ලට වත්තෙන් එහාට යන්න යුංගි තහනම් කරා. කෙල්ලත් කොල්ලගේ ඒ අණ පිළිපැද්දෙ එයා කරන මුරණ්ඩු වැඩ වලින් අන්තිමට වන්දි ගෙවන්නේ එයාගෙ අසරණ ඔම්මා අප්පා නිසා...
ඒත් කෙල්ල බලන් හිටියා දවසක එයාගෙ ඔම්මා අප්පා එයාව හොයන් එයි කියලා. ඒත් කෙල්ල දන්නව නම් ඒ දෙන්නත් කෙල්ල වගේම අසරණ වෙලා කියලා...
ඔව් යුංගි මිස්ටර් කිම්ට වගේම මිසිස් කිම්ට අනතුරු ඇගෙව්වා ඒ ' ලියාරා ඉන්නෙ මන් ළඟ. තමුන්ලා ඒ ගැන කාට හරි කියලා තිබ්බොත් අන්න එදාට උඹලගෙ ළමයව පණපිටින් දකින්න හම්බවෙන එකක් නෑ. ඒ නිසා කටපියන් වෙන දෙයක් ගැන බලා ගත්තොත් හොඳයි ' යුංගිගේ තර්ජනයට බය වුණ මිස්ටර් කිම් වගේම මිසිස් කිම් තමන්ගෙ දුව ගැන කාටවත් කියන්න ගියේ නෑ. මොකද ඒ දෙන්න බය වුණා යුංගි ඇත්තටම ලියාරව මරයි කියලා. අනික සුගා කියන්නෙ කියපු දෙයක් නොකර හිටපු මනුස්සයෙකුත් නෙමෙ...
KAMU SEDANG MEMBACA
MR.MIN SUGA <||MYG||> [completed]
Fiksi Penggemarමට ඔයාව ගොඩක් මතක් වෙනවා ලිලී...... මිස්ටර් මින් මට කියන්න ඔයා මට ගත්තෙ හදිස්සි වැඩකටද කියලා. එහෙම නෙමෙ නම් කරුණාකරලා ඔයා ඔය ෆෝන් එක කට් කරන්න.... ඔහො ලිලී ඔයා මට ඉස්සර යුගි කියලා කතා කරලා ඇයි එක පාට්ට මිස්ටර් මින් වුණේ. අනෙ බබා ඔයා මට එහෙම කතා කරන්...