𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 02

345 64 7
                                    

ජන්කූක් හිටයේ තමන්ගෙ බයික් එකෙන් යුනි එකට යන ගමන්...ජන්කූක් එන අතරතු​රේ හිත හිත ආවෙ ඊයේ දවසෙ වුන රන්ඩුව ගැන...ඇත්තටම ජන්කූක්ට ඒක මතක් වුනාම ලස්සන හිනාවක් ආවා...

තමන් ටේහ්‍යුන් එක්ක ඒ විදියට රන්ඩු වෙන එක තමන්ට ලොකු සැනසීමක් ගේනවා කියන එක ජන්කූක්ට තේරුනා...ඇත්තටම ජන්කූක්ටම පුදුමයි ආදරේ කරන දෙන්නෙක් වෙලත් මේ හැසිරීම...

ජන්කූක් ටේ ගැන හිත හිත එන අතරෙදි ජන්කූක් දැක්කා ඈත තියාම පොඩි දරුවෙක් පාර මැද ඔලුව බදාගෙන හිටන් ඉන්නවා...ජන්කූක් කලබල වුනා මොකද ජන්කූක් ආවෙ අධික වේගයකින් නිසා...

ඩෑඩ්...

ඒ පොඩි දරුවගේ ලගටම ඇවිත් ජන්කූක් අඩි දෙක තුනක් එහෙයින් වෙන්න බයික් එක බ්‍රේක් කර පාරට පිටිපස්සෙ රෝදෙ ටිකක් ඉස්සිලා ආයෙමත් පහලට වැටුනා...

ජන්කූක් ඒත් එක්කම එයාගෙ හෙල්මට් එක ගලවලා තමන්ට ඉස්සරහා පාරේ වාඩි වෙලා ඉන්න දරුවා දිහා බැලුවා...

බබා...

ජන්කූක්ට වුන දේ ගැන කේන්ති ගියත් ඒ කිසිම දෙයක් නොතේරෙන පුංචි දරුවෙක් නිසත් ඒ දරුවා පාර මැද්දෙ බයේ ගැහි ගැහි ඉන්න විදිය දැක්කමත් තිබුන කේන්තිය නිවිලා ගියා...වාසනාවකට මේ පාරේ තවත් වාහන යමින් තිබුනේ නැ...

ජන්කූක් බයික් එක පැත්තකින් නවත්තලා අර පොඩි දරුවා ඉන්න තැනට ගියා...

අනේ මට ඩෑඩ්ව දාලා යන්න බෑ...

ජන්කූක් එයාට කතා කරත් එක්කම ඒ පුංචි දරුවා තව තවත් තමන්ගෙ ඇග තද කරගෙන වෙව්ලමින් කිව්වා...

ඔහ් බය වෙන්න එපා බේබි බලන්න ඔයා තාමත් හොඳින්...

ජන්කූක් ඒ දරුවගේ ඔලුව අතගාමින් කියනකොට හිමින් හිමින් එයා ඔලුව උස්සලා පුංචි දිගැටි ඇස් වලින් ජන්කූක් දිහා බැලුවා...ඒ ඇස් දැක්කම ජන්කූක්ගේ ඇසුත් ගැස්සුනා...ජන්කූක්ට ඒ ඇස් දැක්කම මොකක්දෝ අමුතු හුරු බවක් දැනුනා...

බබා එන්න...

ජන්කූක් තමන්ගෙ නොසන්සුන්කම පැත්තකට දාලා තවත් වාහන ඇවිත් දෙන්නත් එක්කම ස්වර්ගස්ත වෙන්න කලින් බබාවත් වඩාගෙන පාරෙන් එහා පැත්තට ආවා...

𝐍𝐄𝐕𝐄𝐑 || Taekook || ongoing Where stories live. Discover now