𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 07

243 33 21
                                    

ඒත් ඔයා වැරදියි කූක්,ටේහ්‍යුන් කියන්නෙ ඉගෙන ගන්න ගොඩක් උනන්දු කෙනෙක් එයා අපි වගේ නෙමෙයි,ඉතින් එහෙම එකේ ඔයා ටේටවිදියට කතා කරපු එක ඇත්තටම නරකයි... එදා සිද්දිය වෙලා සතියක විතර කාලයක් ගෙවිලා ගිහින් තිබුනා...අද ඉරිදා දවසක් නිසා ජන්කූක් හිටියෙ යුන්ගිගේ ගෙදර...

මට තේරෙනවා බන්,මටවෙලාවෙ ගොඩක් කේන්ති ගියා... ජන්කූක්ට යුන්ගිගෙ පැයක විතර පැහැදිලි කිරීමත් එක්ක තේරුනා තමන් ටේහ්‍යුන්ට ඒ විදියට කතා කරපු එක වැරදියි කියලා...

එයා ඊයේ මට ඇවිදින්න යන්න කතා කරා ඒත් මම කේන්තියෙන් හිටපු නිසා ඒකටත් බැ කිව්වා බන්... ජන්කූක්ට ඇත්තටම තමන් මේ සතිය පුරාම තමන් හැසිරුන විදිය ගැන ලොකු පසුතැවීමක් ආවා...තමන් ටේහ්‍යුන්ව මගඇරපු විදිය,වෙන කෙල්ලො එක්ක කාලෙ ගතකරපු විදිය මේ වගේ ගොඩක් දේවල් එයා ටේහ්‍යුන්ට පේන්න  රිදෙන්න කරා...

ඒකනේ,හරි උඹ ටේහ්‍යුන්ගෙන් සමාව ගනින් එතකොට හරි... යුන්ගි දන්නවා ජන්කූක් කොච්චර කේන්ති අරන් කෑ ගැහුවත් එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා...

ම්ම්ම්...මේ ඒක නෙමේ බන් උඹ ටේගේ ගෙදර ගිහින් තීද? ජන්කූක් යුන්ගිගෙන් ඇහුවා...යුන්ගි ටිකක් ගැස්සුනත් එයාට පුළුවන් වුනා ඒක ජන්කූක්ට නොපෙන්වා ඉන්න...මෙ-මේ ටේගෙ අපාට්මන්ට් එකනේ නේද? යුන්ගි හිටියෙ ටිකක් නොසන්සුන් වෙලා...ඒත් ඒක ජන්කූක්ට තේරුනේ නැත්තෙ එයා මේ වෙලාවෙ හිටියෙ ටේහ්‍යුන්ව මුනගැහෙන්න ඕන කියන මානසිකත්වයෙන් නිසා...

නැ නැ බන් එයාගෙ ඔම්මා ඉන්නෙ...ජන්කූක් ආයෙමත් යුන්ගි දිහා බැලුවා... ඇයි උඹ ඒක ගැන අහන්නෙ? යුන්ගිට ඕන වුනා මේ ප්‍රශ්න වලින් පැනලා යන්න...ඒත් ඇයි?

𝐍𝐄𝐕𝐄𝐑 || Taekook || ongoing Where stories live. Discover now