දින සති මාස ගොඩක් ඉක්මනට ගෙවිලා ගිහින් තිබුනා...ඒත් ටේහ්‍යුන් ජන්කූක් දෙන්නා වෙනදා වගේම ආදරෙන් හිටියා...
කවුද ඔයාගෙ ඩැඩා?ජන්කූක් හිටියෙ රූහි එක්ක කතා කරන්න ඇවිත් මාස දෙකක් ගෙවිලා ගිහිල්ලත් ජන්කූක්ට බැරි වුනා රූහිව බලන්න එන්න මොකද යුනි එකේ එක්සෑම් එක්ක ජන්කූක් ටේහ්‍යුන් දෙන්නා ගොඩක් දුරට වැඩ වලට හිර වුනා...එයාගෙ නමද? රූහි ජන්කූක්ගෙ උකුලට පැනලා ඇහුවා...
ම්ම් ඔව් බබා...ජන්කූක් රූහිගෙ ටිකක් දිගට වැවිලා තියෙන සිනිදු කලු කොන්ඩෙ අතින් හැදුවා...එයා ක්ලිම්ට්...රූහි ජන්කූක් දිහා බැලුවා...
ම්ම් එයා මොනවද කරන්නෙ?ජන්කූක් රූහිව තමන්ගෙ පැත්ත හරව ගත්තා...රූහි හිටියෙ නර්සරි ස්කූල් ඇරිලා...දන්නෙ නැ ජේක්...ජන්කූක්ට පුදුමයි...රූහි එයාගෙ ඩෑඩ් ගැන කිසිම දෙයක් දන්නෙ නැ...මෙච්චර වෙලා අහපු දේවල් වලින් රූහි දැනගෙන හිටියෙ එයාගෙ ඩෑඩ් කියන කෙනාගෙ නම විතරයි...අඩුගානෙ පෙනුමවත් දැනගෙන හිටයෙ නැහැ...
එතකොට ඔයාගෙ මමාව ඔයා දැකලා තියෙනවද?ජන්කූක් රූහිව තමන්ගෙ උකුලෙන් බස්සලා බෙන්ච් එකේ එහා පැත්තෙන් වාඩි කෙරෙව්වා...නැ,ඩැඩාවත් මම දැකලා නැ...රූහි ජේක්ට තුරුල් වෙන ගමන් කිව්වා...
මට මහන්සි...රූහි ජන්කූක්ගෙ ලොකු අතක් බදාගෙන ඒ අතරෙ ඉදන් කිව්වා...ඇයි දැන් මගේ බබාට මහන්සි...ජන්කූක් එයාගෙ තුරුලෙ හුරතල් වෙන පැටියා දිහා ලස්සනට හිනා වෙලා බැලුවා...මගේ ඩෑඩ්ගෙ වෙනස්කම් හින්දම තව ඩෑඩ් මමා දෙන්නා නැතුව ඉදලම...රූහි ජන්කූක් දිහා බැලුවා...ජන්කූක්ට හිතා ගන්න බැ එයා මොනවද මේකට කරන්නෙ කියන්න...
ඒත් එක්කම එකපාරටම වාහනයක් ඇවිත් එතනින් නැවත්තුවා...ජන්කූක් වගේම රූහිත් ටිකක් ගැස්සිලා පාර පැත්ත බැලුවා...ඩෑඩ් ඇවිත්...රූහි bench එකෙන් බැහැලා බෑග් එක අතට ගත්තා...ජන්කූක් දැක්කා කාර් එක ඇතුලෙ මාස්ක් එකකුයි කැප් එකකුයි දාගත්ත මනුස්සයෙක් ඉස්සරහම බලන් ඉන්නවා...
YOU ARE READING
𝐍𝐄𝐕𝐄𝐑 || Taekook || ongoing
Фанфик( Sinhala ff) "𝙷𝚎𝚢 𝚋𝚊𝚋𝚢𝚋𝚘𝚢 𝚢𝚘𝚞'𝚛 𝚜𝚘 𝚑𝚘𝚝" "𝙾𝚑 𝚖𝚢 𝚑𝚘𝚛𝚗𝚎𝚢 𝚋𝚘𝚢𝚏𝚒" 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬~<3 Top - ? Bottom - ? I have no idea😌 𝐒𝐦𝐮𝐭❗ 𝐋𝐨𝐯𝐞 ❗ 𝐅𝐢𝐠𝐡𝐭❗ I don't know this ff is sad ending 𝗢𝗥 happy ending😌👀 But don't...