Episode 04

87 18 7
                                    

එයා ඇදගන හිටියෙ සුදු පාට ටී ෂර්ට් එකක් වගේ ම ස්පෙක්ට්ස් දෙකක් දාලා හිටියා....මං හිතන්නෙ ෆැෂන් එකටද කොහෙද...

එක පාරටම මගෙ මූණ ලගටම ඇවිත්

"මං ඔයාට ගොඩක් ආදරෙයි....මං අපේ ගෙදරට ඔයා ගැන කියලා තියෙන්නේ....ඔයා මට ආදරේ නම් කියන්න වස්තුව....මං දන්නවා අපි දෙන්නා ගොඩක් අදුරන්නෙ නෑ කියලා...
ඒත් මට පුලුවන් ඔයා කැමති වෙන දවසක් වෙනකල් ඉවසන්න....හිතලා බලන්න සුදූ"

කියලා හයියෙන් කිව්වෙ මට කලන්තෙ හැදෙන්න වගේ එද්දි.... මොන මගුලක්ද දෙයියනේ මේ මනුස්සයා කරේ....මට එක වචනයක්වත් කියා ගන්න බැරි උනත් එයා නැගිටලා ගියේ මුලු කැන්ටින් එකේ හිටිය මිනිස්සු ඔක්කොම මං දිහා කටත් ඇරන් බලාගෙන ඉන්නකොට....ඇයි යකෝ මටම වෙන්නෙ....අයියෝ මට බැරියෝ...ඒ වෙලවෙන් පස්සෙ මට එක බත් කටක්වත් කන්න බැරි උනේ හිතාගන්න බැරි විදිහට....මං සාමාන්‍යයෙන් මොන මගුල උනත් කනවා...ඒත් මගෙ බඩ පිරිලා වගේ තිබ්බෙ ගැස්ට්‍රයිටීස් හැදිලද කොහෙද....අනේ මන්දා....එතකොටම මට ආයෙත් විනුජගෙන් කෝල් එකක් ආවෙ මං ඒක ආන්ස්වර් කරන්නෙ නැතුව ඉන්නකොට...මගේ අතිජාත මිත්‍රයෝ ටික ඒක ආන්ස්වර් කරලා මදි පාඩුවට ලවුඩ්ස්පීකර්ස් දැම්මෙ මට දාඩියකුත් දාද්දි.... ඊට පස්සෙ විනුජ කිව්ව දේවල් වලට ඇයි මං එතන හාරගෙන වැලලුනේ නැත්තෙ කියලා හිතුනෙ අපරාදේ මට ආන්ස්වර් කරන්න තිබ්බෙ කියලා හිතෙද්දි....

"හෙලෝ සුදු මැණික..  ඇයි කන්නෙ නැත්තෙ...කන්නකෝ...නැත්තන් මං ආයි ඇවිත් කවලත් යනවා හොදද..."
 
මං අමාරුවෙන් කුරුමිණි සද්දෙන්

"මං කන්නම්...දැන් කට් කරන්නකෝ"

කීවේ පාප මිත්‍රයෝ සෙට් එක හැච හැච ගාද්දි....

"කන්න මගෙ වස්තුව එහෙනම්..ලව් යූ....උම්ම්වාහ්..බායි බබෝ..."

කියල විනුජ කෝල් එක කට් කරේ මගෙ රෙදි ටික ඔක්කොම ලෙෆ්ට් වෙද්දි.... මං එහෙම්ම මේසෙ ඔලුව තියාගත්තෙ අද නම් හොස්ටල් ගිහින් ඉවරයි කියලා හිතෙනකොට.....

To be coNTINUED 🥀
තව කොටසක් තව ටිකක් රෑ වෙලා දෙන්නම්....සොරී ඒක පොඩී එපිසෝඩ් එකක්🙂🥀

Are u only mine???🥀❤️Where stories live. Discover now