"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ.... මනුස්සයෙක්ට එච්චරකට ලස්සන වෙන්න පුලුවන් ද?"
ටේහ්යුන් පිදුරු ගොඩේ දිගා වෙලා කල්පනාවට වැටිලා මුමුණනවා. ටේහ්යුන් හිටියෙ ඉස්තාලෙ උණුසුම් පිදුරු ගොඩක් උඩ උනාට ටේහ්යුන්ගෙ හිත නම් තාම අයිස් කුලුණු සුරදූතයා අසල නතර වෙලා ඉවරයි. ඔහුගෙ දීප්තිමත් නිල් පාට ඇස් දිලිසුනු විදිය මතක් වෙනකොටත් ටේහ්යුන් හිරි වැටෙනවා.
"ඉස්තාලෙ හියුන්ගීට පුලුවන්"
ටේහ්යුන්ට උත්තර දෙන ගමන් ජන්කුක් යෝජනා කලාම ටේහ්යුන් ජන්කුක් දිහා බැලුවේ මරාගෙන කන්න පුලුවන් විදියෙ බැල්මක්.
"ඔහෙගෙ ඉස්තාලෙ හියුන්ගී බල්ලා ට ගියාවේ. ජන්කුක් ඔය වැඩකට නැති මොලේ වෙහෙස කරලා බලනවාකෝ ටිකක්. ඒ කුලුණෙ ඇත්තටම හිටියෙ කුමාරයා නම් ඒ කොහෙත්ම මනුස්සයෙක් වෙන්න බෑ"
ටේහ්යුන් කල්පනාවට වැටෙන ගමන් කියනකොට ජන්කුක් උත්තරයක් දෙන්නත් කලින් ජන්කුක් ගෙ ඉස්තාලෙ හියුන් ලොකුම ලොකු තේ කෝප්පය දෙකකුයි තම්බපු බිත්තර දෙකකුයි උස්සගෙන ආවා. උස මහත පෙනුමක් තියන ඉස්තාලෙ හියුන්ගෙ නමක් නම් ජන්කුක් වත් ටේහ්යුන්වත් දැනගෙන හිටියෙ නැහැ. ජන්කුක් ට නම දැන ගන්න ඕනෙ උනත් ඉස්තාලෙ හියුන්ගෙ නම අහන්න ජන්කුක් ට බය හිතුනා.
දුඹුරු පාට කොන්ඩෙ මූණට වැටුනු , අලු පාට ඇස් දෙකක් තියන , හිනා වෙනකොට කම්මුල් වල ගැහෙන, උස මහත ඇගක් තියන ඉස්තාලෙ හියුන් හරිම කඩවසම්.
"මෙන්න ජන්කුකී"
ඉස්තාලෙ හියුන් හිනා වෙවී ජන්කුක් ට බිත්තරයි තේ කෝප්ප දෙකයි දෙනකොට ජන්කුක් වශී වෙලා වගෙ ඒක පිලි ගත්තේ. වෙනදා වගේම හිනා වෙනකොට ඉස්තාලෙ හියුන් ගෙ කම්මුල් ලස්සන ට වල ගැහුනා.
ජන්කුක් කටත් ඇරගෙන මල පෙරේතයා වගෙ හියුන් දිහා බලන් ඉන්නවා දැක්ක ටේහ්යුන් බිත්තරයක් අතට අරගෙන ඒකෙන් නළලට ගහගෙන ඒකෙ කට්ට කඩා ගත්තා.
"මේ හියුන්. හියුන් මොනවද දන්නෙ අයිස් කුලුනෙ ඉන්න හිම කුමාරයා ගැන"
ටේහ්යුන් බිත්තරය සුද්ද කරලා කට ඇතුලට ඔබා ගන්න ගමන් අහනකොට හියුන් ටිකක් වෙලා කල්පනා කලා.
YOU ARE READING
Be My Aladdin | vmin ✓
Fanfictionඅරාබි නිසොල්ලාසයේ තියන තියන විදියට ඇලඩින් කුමාරයා පලසක නැගලා ඇවිත් යැස්මින් කුමාරිව අරගෙන ලෝකෙ පුරා පියෑඹුවාලු. ජිමින් කුමාරයාව මේ හිර ගෙදරින් අරන් යන්න ඇලඩින් කෙනෙක් කවදා එයිද? Cover credit goes to @zeroze_00 Started date : 11 April 2023 Ended : 1...