06. හිම මල

293 105 37
                                    

ටේහ්‍යුන් උණුම උණු රතු පාට ජෑම් ගාපු බනිසයක් කන ගමන් සීතල පොලොවේ බිම වාඩි වෙලා හිටියා . කොච්චර සීතල උනත් ටෙහ්‍යුන්ට සීතල දැනූනෙ නැහැ. කොහොම දැනෙන්නද ලස්සන ශීත කුමාරයෙක් ඔහු දිහා හිනා වෙලා බලන් ඉන්නකොට එයාගෙ හදවත ගැහෙන වේගයට.

ටේහ්‍යුන් දැන් ජිමින්ව සතියක් තිස්සෙ බලන්න යනවා. ජිමින් හැමදාම උණු උණු බනිස් ටේහ්‍යුන් වෙනුවෙන් ලෑස්ති කරලා තියන්නත් අමතක කලේ නැහැ. ජිමින්ගෙ හැලමොනීත් ජිමින් දැන් කෑම ගොඩක් කන එක ගැන සතුටු උනත් හැලමොනී කොහොම දැන ගන්නද ඒවා බඩගිනි කොටි පැටියෙක් ගෙ බඩටයි යන්නෙ කියලා.

"එතකොට කුමරුනි , කුමාරයා කවදාවත් නගරයට ගිහින් නැද්ද"

ටේහ්‍යුන් බනිස් කටේ පුරෝගෙන් තොල් උල් කර කර අහනකොට ජිමින් ඔලුව දෙපැත්තට හෙලෙව්වා.

"අඩුම තරමේ මාලිගාවෙ වත් මම ඇවිදලා නෑනෙ ටේහ්‍යුන්ගී. මේ කුළුණෙන් එලියට ගිහින් නැහැ මම"

ජිමින් දුක් බර ස්වරයෙන් කියනකොට ටේහ්‍යුන්ගෙ උගුරෙ බනිස් හිරත් උනා. ටේහ්‍යුන්ට කුමාරයා ගැන ලොකු දුකක් වගේම අනුකම්පාවක් ඇති වෙනකොට ටේහ්‍යුන් බනිසෙ සම්පූර්ණයෙන්ම කටට ඔබාගෙන ටිකක් වෙලා කල්පනා කලා.


"ඉතින් මම කුමාරයාව ගෙනියන්නම්, නගරය පෙන්වන්න"

ටේහ්‍යුන් කිව්වත් ඒක කරන්නෙ කොහොමද කියලා එයාට තේරුනෙ නැහැ. ජිමින්ටත් තේරුනා ටේහ්‍යුන්ට කිසිම සැලසුමක් නැහැ කියලා. ජිමින්ට දුක හිතුනත් ටේහ්‍යුන් දුකෙන් බිම බලාගෙන ඉන්නවා කොහොමද හිත හදන් ජිමින් බලන් ඉන්නෙ

"ඒත මට මොකුත් අල්ලන්න බෑනෙ. මම කොහොමද ටේහ්‍යන්ගිත් එක්ක යන්නෙ"

ජිමින් දුක් බර ස්වරයෙන් කිව්වම ටේහ්‍යුන් තොල් දෙක උල් කර ගත්තා.

"කුමාරයා අත් දෙක තද කරලා පිටිපස්සට බැඳ ගත්තොත් බැරි වෙයිද?"

ටේහ්‍යුන් ඇහුවත් ඒක ටේහ්‍යුන්ගෙ කටින් පිට උන හැටියෙ කොච්චර මෝඩ උත්තරයක් ද කියලා ටේහ්‍යුන්ට තේරුනාම ටේහ්‍යුන් ඔලුවට එකක් ගහ ගත්තා.


Be My Aladdin | vmin ✓Where stories live. Discover now