"කුමාරයෝ මේ ඉන්න ඉස්තාලේ හියුන්ගී. ජන්කුකී කියවන්නෙ හැමතිස්සෙම මෙයා ගැන තමා"
ටේහ්‍යුන් ජිමින්ට එයාගෙ කනට කරලා කියනකොට ජිමින් ඉස්තාලෙ හියුන්ගිත් එක්ක කට පුරවලා හිනා උනා. ඒ ඉන්නෙ ජිමින් ආසාවෙන් හම්බවෙන්න බලාගෙන හිටපු ඉස්තාලෙ හියුන්ගීනෙ. හැඩි දැඩි ඇගක් තිබ්බට හියුන්ගි හරිම කරුණාවන්ත පාටයි. ඒ වගේම හරිම කඩවසම්. ජන්කුක් ට හරියටම එයා ගැලපෙනවා කියලයි ජිමින්ට නම් හිතුනෙ.
"ඔයාද එතකොට ජන්කුකී හැම තිස්සෙම කියවන ඉස්තාලෙ හියුන්ගී. හමුවීම සතුටක් ඉස්තාලෙ හියුන්ගී. මගෙ නම ජිමින්"
ජිමින් ඇඟපතට නොදැනී කියනකොට ටේහ්‍යුන් ජිමින් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. ඉස්තාලෙ හියුන් ගෙ ඇස් නිකන්ම යොමු උනෙ කුමාරයා අල්ලන්නෙ නැතිවම ගල් වෙලා වගේ ඉස්තාලෙ දොර ඉස්සරහ හිටගෙන ඉන්න ජන්කුක් දිහා. ජිමින්ව කලුකුමෙක් වගේ රෝස් කරන්න කල්පනා කරන ගමන් ජන්කුක් දත් මිටි කෑවෙ එයා චිරහත් කාලයක් රැකගෙන හිටපු 'සුදු හාවගෙ ඉස්තාලෙ හියුන්ගී' රහස ජිමින් කිසි අනුකම්පාවක් නැතිව කියලා දැම්ම නිසා.
"ජන්කුකී හැමතිස්සෙම කියවන? ජන්කුකී හැමතිස්සෙම මම ගැන කියවනවාද අලුත් යාලුවේ?"
ඉස්තාලෙ හියුන්ගී ගෙ ඇස් දෙක දිලිසෙනකොට ජිමින් දෙපාරක් හිතන්නෙ නැතිව ඔලුව වැනුවාම ඉස්තාලෙ හියුන් එයා රහසෙ ආදරය කරපු හුරතල් පොඩි කොල්ලා දිහා බලලා හිනා උනා. හුරතල් සුදු හාවා නම් ලැජ්ජාවට රතු හාවෙක් බවට පත් වෙලා ඉවරයි.
ජිමින් එක්ක ස්තූති පූර්වකව හිනා උන ඉස්තාලෙ හියුන්ගී ජන්කුක් ගාවට ටේහියුන්වයි ජිමින්වයි මග ඇරලා ඇවිදගෙන ගිහින් එයාගෙ අතින් අල්ලා ගත්තාම ජන්කුක් තව ටිකක් වැඩියෙන් රතු උනා.
"එන්න හියුන් එක්ක. හියුන්ට ජන්කුකී එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියනවා"
ඉස්තාලයෙ හියුන් ජන්කුක් වත් ඇදගෙන යනකොට ටේහ්‍යුනුයි ජිමිනුයි මූනෙන් මූණ බලා ගත්තා.
එහෙනම් ඒකත් හරි වගෙ.
ඉස්තාලෙ හියුන්ගියි සුදු හාවයි කියන්නෙ ලෝකෙ හොඳම ජෝඩුව කියලා ටේහ්‍යුන්ට සැකයක් තිබ්බෙ නැහැ.
YOU ARE READING
Be My Aladdin | vmin ✓
Fanfictionඅරාබි නිසොල්ලාසයේ තියන තියන විදියට ඇලඩින් කුමාරයා පලසක නැගලා ඇවිත් යැස්මින් කුමාරිව අරගෙන ලෝකෙ පුරා පියෑඹුවාලු. ජිමින් කුමාරයාව මේ හිර ගෙදරින් අරන් යන්න ඇලඩින් කෙනෙක් කවදා එයිද? Cover credit goes to @zeroze_00 Started date : 11 April 2023 Ended : 1...