"ජීහා.... ඔයාද මේ...?"
පිටිපස්සෙන් ඇහුණු කටහඬකට ජීහා හිමීට හැරිලා බැලුවේ ඇද වෙච්චි මූණෙන්මයි.
"කොහොමද ඩොක්ටර්?"
ජීහා ලා හිනාවක් දාලා එහෙම කියද්දී එයා ගාවට දෙන්නෙක් ඉක්මනට ඉක්මනට් අඩිය තිය තිය ආවේ එක්කෙනෙක්ට පුදුමයෙක් කටත් ඇරෙද්දී.
"ජීහා..!!!! ඔයා මෙහේ? ඔයා එදා ඇයි මෙහෙන් පැනලා ගියේ? ආහ්... මං අල්ලගන්නමයි හිටියේ."
එයා එහෙම කියලා ජීහා ගාවට ආවම ජීහා හිමීට අනික් කෙනා දිහා බැලුවා.
"හදිස්සියක් උනානෙ ඩොක්ටර් යුන්ගී. ඒකයි ගියේ?"
ජීහා මෝඩ හිනාවක් දාලා එහෙම කියලා බිම බලාගත්තා.
"ඒක නෙමේ... මෙහෙ මොකෝ කරන්නේ?"
"ඩොක්ටර් චෝයිව හම්බෙන්න ආවේ ඩොක්ටර් කිම්. මං දැන් යන්න කියලා."
ජීහා මූණත් දෙක කරගෙන එහෙම කිව්වේ බොරු හිනාවකුත් දාලා එයා දිහා බලලා.
"නෝ ග්වෙන්චානායෝ?"
"දේ ඩොක්ටර් යුන්ගී. මට ප්රශ්නයක් නෑ."
"ජීහා. අපි මේ කැෆටේරියා එකට යන ගමන්. එනවද අපි එක්කම?"
"ආහ්... මේ.. ඩොක්ටර් කිම්..."
"බෑ කියන්න එපා. ටේ මං කිව්ව නේ මෙයාව මට ආයේ හම්බෙයි කියලා. එහෙම ලේසියෙන් යන්න දෙන්නේ කොහොමද? යං යං...."
ඩොක්ටර් යුන්ගි එහෙම කිව්වේ දිලිසෙන ඇස් දෙකකින් ජීහා දිහා බලලා එයාගේ උරිස්සෙන් අතකුත් දාගෙන ඉස්සරහට යද්දී. ජීහා අඬන්න ඔන්න මෙන්න වගේ ඩොක්ටර් කිම් දිහා බැලුවේ ඉස්සරහට මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව. ඒක දැක්ක ඩොක්ටර් කිම් ඇස් දෙක වහලා ඔලුව වැනුවේ බයවෙන්න එපා කියන්න වගේ.
තුන් දෙනාම කැෆටේරියා එකෙ තිබ්බ මේසෙකින් වාඩි වෙද්දී ඩොක්ටර් කිම් ගිහින් තුන් දෙනාටම බොන්න ලටේ අරගෙන ආවා. ඒත් ජීහා ඒක දිහා බලාගෙන කල්පනා කර කර හිටියා මිසක් ඒක බොන්න අදහසක් තිබ්බේ නෑ.
"ජීහා... මොනාද කල්පනා කරන්නේ? ඔයාට මොකක්හරි ප්රශ්නයක් ද?"
ESTÁS LEYENDO
I am not a Prophet || MYG || COMPLETED ||
Fanficමං දිවැසිවරයෙක් නෙමෙයි. සුපිරි බලයක් තියෙන හීරෝ කෙනෙකුත් නෙමෙයි. මං මගේ පාඩුවේ ජීවත් වෙන මල් කඩේක කෙල්ලෙක් විතරයි. මට තාමත් හිතාගන්න බෑ මේ ලැබිලා තියෙන දේ මට ලැබිලා තියෙන්නේ හොඳකට ද එහෙම නැත්තං නරකට ද කියලා... මං දන්නෑ මට මොනාද මේ පේන්නේ කියලා... ම...