5. කාඩ් සෙල්ලම

64 21 4
                                    

Jungkook POV

නර්ස්ගෙ සිද්දිය වෙලා පහුවෙනිදා මම දවල්ට කන්න ළඟ කැෆේ එකට ආවා, අද ජිමින්ව දැක්කෙ නැති නිසා මට වැඩිය කන්න හිතුනෙ නැ.

අද දවල් 12.00 විතර වෙනකල් නිදාගත්ත නිසා මට ලොකු බඩගින්නක් දැනුනා ඒ නිසා මොනවහරි බඩට දාගන්න හිතාගෙන කැෆේ එකට ආවේ. මම මගේ කොෆි සහ සැන්ඩ්විච් වල, බිල ගෙවලා ජිමින් ඉන්න Asylum එක දිහාට  ඇවිද ගෙන ගියා.

ජිමින්ගේ දොර ළඟට ගිය පසු ඇතුලෙන් විශාල ශබ්දයක් ඇසුනා.

"මට කන්න ඕන නෑ! කොහෙද. ජන්කුක්!!"

ජිමින් කෑගහන සද්දයක් ඇහුන නිසා මම ඉක්මනට දොර ඇරගෙන කාමරේට ආවා

"මොකක්ද මෙතන වෙන්නෙ??"

මට නුහුරු නුපුරුදු නර්ස් කෙනෙක් කෑම බන්දේසියක් සමඟ හිටගෙන ඉන්නවා දැක්කා.

"මම හිතුවේ ඔයා ආයෙ එන්නේ නැති වෙයි   කියලා!"

ජිමින් කිව්වේ කදුලු සලමින් පොඩි ළමයෙක් වගේ, මම එයාගේ හුරතල් කම දිහා බලාගෙන හිනාවෙලා එයාගේ කම්මුල් මිරිකුවා.

"මට සමාවෙන්න ජිමිනි, මට අද ටිකක් දවල් වෙනකල් නින්ද ගියා"
මම ජිමින්ගේ කම්මුල් හිමිහිට අතාගාන ගමන් කිව්වා.

"මං එයාට කවන්නම්...ඔයාට දැන් මෙතනින් යන්න පුළුවන්"
මම ඇයගෙ මුහුණ දිහා බලාගෙන කීවේ දවා අලුකරන බැල්මකින් ඇය මා දෙස බලා සිටියා.

"හොඳයි"

නර්ස් පිටවීමට පෙර හිස නමා කිව්වා.

"ඔයාට කන්න වෙනවා, නැත්තම් මම ආයෙ  කතා කරන්නේ නැ!"

මම තදින් කී අතර ජිමින් කීකරු වී කෑම කෑවා.

"ඔයා දන්නවනේ, මට නම්ජූන්ට ඔයාව free කරන්න කියලා කියන්න පුළුවන්... මම කිව්වේ ඔයා සාමාන්‍ය කෙනෙක් විදිහට, අනික් අයට කරදර කරන්නෙ නැතුව ඉන්නවා නම්...."

අවසානයේ ජිමින්ට නිදහස ලැබෙයි හිතන ගමන් සිනාසෙමින් කිව්වා, ඒත් ජිමින් දෙස බලන විට මා දුටුවේ හිස්බවක්.

"ඔයා ගොඩක් ලකී, ඔයාට මගෙ ඒ සයිඩ් එක පේන්නෙ නැ,ඔයා හැම වෙලේම මාව දකින්නෙ ගොඩක් අහිංසක විදිහට ඒත්.... ඔයා මගෙ අනික් සයිඩ් එක දැක්කා නම්, ඔයා  මගේ කාමරයට අඩිය තියපු මොහොතේම හැමදේම අවසන් වෙලා "

Psycho 🥀✅Where stories live. Discover now