8.ජින් හියුන්ග්

47 15 3
                                    

Jungkook POV

මට ඉදිරියෙන් සිටි පුද්ගලයාව නොදැක ඔහුගේ පිටේ හැප්පෙද්දී මං ඒ කෙනා ගෙන් සමාව ඉල්ලුවා.

"අනේ සොරි.." මම හිස අතගාමින් කිව්වා, වාසනාවකට මට වැටෙන්න නොදී ඒ කෙනා මාව අල්ලා ගත්තා, ඒත්  මම කතා කරන විට ඒ කෙනා තරහින් වගේ මුහුණක් හදාගෙන ඉන්නවා දැක්කා, මම හිස ඔසවා බැලූ අතර ඔහු පිටුපසට මුහුණ ලා සිටියද ඒ කවුරුද කියා හදුනා ගැනීමට පුළුවන් වුනා.

"ජින් හියුන්!" මම ඔහුව බදාගෙන කෑගැහුවා, නමුත් මට පුදුමයට කරුණ නම් ඔහු මගෙ දිහා නොබලාම් මාව ඉවතට තල්ලු කර දැම්මා...

"ඔව්! අපි මෙහෙ වැඩ කරන්න අරන් සති තුනක් විතර වෙනවා!!  ඒත් ඔයාට මාව බලන්න එන්න එක විනාඩියක්වත් වෙන් කර ගන්න බැරි වුනා?!? කෝල් එකක් අඩුගානේ  මැසේජ් එකක් වත් නෑ !! හරිම අගෙයි මං මහන්සියෙන් උගන්නලා ඩොක්ට'  කෙනෙක් කරපු එකා!!"

ජින් හියුන්ග් ශාලාව දෙදරවන තරම් හයියෙන් කෑගහන්න ගත්තේ අපි ඉදිරියෙන් ඇවිදගෙන යන හැම කෙනෙක්ම නතර කරමිනි.

"අනේ සොරි, හියුන්ග්, මම මගෙ පේශන් එක්ක බිසී වුනා" මම බිම බලාගෙන  කෙඳිරිගෑවා, ජින් හියුන් හිනාවෙනවා ඇහුණ නිසා  මම ආපසු හිස ඔසවා බැලුවා,

"හරි, ඊළඟ වතාවේ මම ඔයාට ලේසියෙන් යන්න දෙන්නෙ නෑ! ඔහ්, ඔයාගෙ ලෙඩාගෙ නම මොකක්ද? මගෙ කෙනා  ඇත්තටම ලස්සන කෙල්ලෙක්. රෝස්" ජින් හියුන් මදහසක් නගමින් කිව්වා.

"ඔහ්, එයා...මේ...පාක් ජිමින්" මම කිව්වා, ජින් හියුන්ග්ගේ මුහුනෙ හිනාව සම්පූර්ණයෙන්ම අතුරු දහන් වෙලා ගියා

"ඔයා කියන්නේ පාක් ජිමින්??!! ජන්කුක් එයා  භයානකයි! එයා ඔයාට රිද්දුවද-"

"එයා ගැන එහෙම කතා කරන එක නවත්තන්න! ඔයා එයාව දන්නෙවත් නෑ!"
ජින් හියුන් බයෙන් ඔහුගේ පපුවට උඩින් අතක් තබා ගන්නවා මං දැක්කා

"මොකද ඔයාට වෙලා තියෙන්නේ?"
හියුන්ග්  මගේ කම්මුල් මිරිකමින් ඇහුවා මම ඔහුගේ දෑත් ඉවතට තල්ලුකර දැම්මේ ඇත්තටම මට ජිමින් ගැන තවත් මේවගේ දේවල් අහන්න ඕනෙ නැති නිසා.

Psycho 🥀✅Where stories live. Discover now