හොබී රට ගිහින් දවස් දෙකක් වෙනවා දැන්.එදා ටේ හොබී ගියාට පස්සෙ පොඩි එකෙක් වගේ අඩ අඩ හිටපු කුකීවත් jeon මැන්ශන් එකට එක්කන් ඇවිල්ල බස්සලා හිතත් හදල තමා ආයෙ එයාගෙ මැන්ශන් එකට ගියේ..එදා යනකොට කුකීගෙ නම්බර් එකත් අරන් යන්න ටේ අමතක කරේ නෑ.හොබී යන්න කලින් කුකීට කියල ගිය නිසත් එයා නම්බරේ දුන්නෙ නැතත් එයාගෙ හියුන්ගෙන් ටේ නම්බරේ ඉල්ල ගන්න නිසා අකමැත්තෙන් උනත් එයාගෙ නම්බරේ ටේට දෙන්න උනා.මේ දවස් දෙකේම ටේ රෑට කුකීට කෝල් කරල සැප දුක් අහන්න පුරුදු වෙලා හිටියා කුකීත් හිතුව තරම් ටේගෙ වැරැද්දක් නැති නිසා ටේත් එක්ක කතා කරා හැබැයි ටේට බුරුලක්නම් දුන්නෙ නෑ එයාගෙ ආවේණික ලොකුකමෙන් තමය් ඔය හැම වෙලාවකම කතා කරේ.
අදත් කුකී wattpad එකේ update එකක් දෙන්න type කර කර ඉද්දි ටේගෙන් කෝල් එකක් ආවා.කුකී හුස්මක් පහල දාලා ලිව්ව ටික save දාලා තරහෙන් ටේගෙ කෝල් එක answer කරා.මොකද එයා කතා ලියනකොට කිසිම බාධාවක් වෙනවට එයා කැමති උනේ නෑ.දැන් ටේගෙ කෝල් එක ආපු එකටත් එයාට කේන්ති ගියා.
"යෙබුසේයෝ"
ටේගෙ ගැඹුරු කටහඩ එහා ලය්න් එකෙන් ඇහෙද්දි කුකීට වෙනසක් වගේ දැනුනත් ඒක අමතක කරල කේන්තියෙන්ම කතා කරා..
"ඇය් කතා කරේ?"
"කතා කරේ ඔයා හොදින්ද කියල බලන්න"
"මන් හොදින් ඉන්නවා අනික ඔයා මන් ගැන වද වෙන්න ඕනි නෑ mr.ටේහ්යුන්ග් ."
(ආය්ශ් මේ යකාගෙ ලොකුකම .මටත් මෙව්ව බලන්න උනානෙ හොබී හියුන් නිසානෙ මේ හැමදේම ටේ ඔහොම හිත හිතම ඇස් රෝල් කරල ආයෙ කතා කරා. )
"මට තමුසෙ ගැන කොහොමත් වද වෙන්න ඕන්නෑ.මට අර මගේ හියුන් වගේ ඉන්න හොබී හියුන්ගෙ වචනෙ අහක දාන්න බැරි නිසා තමුසෙ ගැන හොයල බැලුවෙ නැතුව මට කිසි අමාරුවක් නෑ කොහෙවත් ඉන්න උන් ගැන හොයල බලන්න.තමුසෙට මොනා හරි උනොත් මන් එපැය් වගකියන්න.නැත්නම් මට කැහිල්ලක් නෑ තමුසෙට කෝල් අරන් වද දෙන්න."
ටේත් කේන්තියෙන්ම කියවන් ගියේ එයාටත් කුකී කතා කරන විදිහ ඉවසන් ඉන්න බැරි උන නිසා.
ටේ ඒක කියල තත්පර ගානක් ගියත් කුකීගෙ ලය්න් එකෙන් කිසිම ප්රතිචාරයක් හම්බුනේ නෑ .කුකීගෙන් කිසිම සද්දයක් නැති තැන ආයෙ ටේ කතා කරා..
"හෙලෝ ඔයා..අහ"
බීප්...බීප්....
ටේ දෙයක් කියන්න ගියත් කියාගන්න බැරි උනේ එහා පැත්තෙ කුකීගෙ ලය්න් එක කට් කරපු නිසා..
ඔව් ඒ වෙලාවෙ කුකීගෙ මූනෙ එක දිගට කදුලු ගලාගෙන යමින් තිබ්බා.මූන රතු වෙලා ඇදේ බෙඩ්ශීට් එක අත් වලට තද වෙලා තිබ්බා.ඔව් එයාට ටේ කියපු වචන දරාගන්න බැරි උනා.කුකී කොච්චර පිටට තද ගතිගුණ පෙන්නුවත් ඇතුලෙන් එයා හරිම සංවේදිය්.පොඩි දේටත් දුක හිතෙනවා.එයාගෙ හියුන්වත් කවදාවත් එහෙම කතා කරල තිබ්බෙ නෑ සැරෙන්.ඉතින් කුකීට ටේ එහෙම බැනගෙන යද්දි ගොඩක් දුක හිතුනා.එයා තනි වෙලා වගේ එයාට දැනුනා.එහෙම්මම අඩන ගමන් 4න් එක off කරල කොට්ටෙත් බදාගෙන ඇදට වැටිලා අඩන ගමන්
"හියුන් ඉක්මනට එන්නකො මට පාලුය්..."
කොට්ටෙට හිමින් කොදුරන ගමන් කුකී ඇස් පියාගත්තා.ඒත් කුකීගෙ ඇස් වලින් බේරෙන කදුලු වලින් එයාගෙ කොට්ටෙ තාමත් තෙත් වෙවී තිබ්බා..."
ඔය වෙලාවෙ ටේ හිටියෙ ආයෙ කුකීට කෝල් ගන්න ගමන් ටික වෙලාවක් කුකීගෙ 4න් එක රීන්ග්ස් ගියත් දැන් off කරල කියල කියද්දි ටේට අමුත්තක් දැනුනෙ එයා කියපු දේවල් කුකීට සැර වැඩි උනාවත්ද කියල හිතල..ඒත් ඒක ගනන් ගන්නැතුව 4න් එක පැත්තකට දාල ටේත් නිදාගන්න ආවෙ තාමත් කුකී එක්ක තිබ්බ තරහ තිබ්බ නිසා.
"මන් මෙච්චර වැඩ අස්සෙ ඌට කෝල් කරද්දි මට එහෙම කතා කරල මදි.අනිවාර්යයෙන් ලොකුකමට තමා දැන් 4න් එකත් off කරන් ඉන්නවා ඇත්තෙ"
ටේ එහෙම එයාටම කියාගෙන ආයෙත් 4න් එක දිහා බලලා ඇස් රෝල් කරල ඇදට ගියේ නිදාගන්න....
හාය් චෙරීස් 🍒 ..
අද කොටස කොටය් තමා මොනා කරන්නද මේකත් කොටා ගත්තෙ හෙන ගේමක් දීලා.😒අපේ තාත්තගෙ වය්ෆ් කේස් exam ලග නිසා...
හෙටත් තව කොටසක් කොටලා දෙන්නම් ඒ හින්දා..😒මන් හොදය් නෙහ්...හරි හරි ඒනම් පරිස්සමෙන් ඉන්ටෝ....මන් ගියා..බාය්
사랑해💜️
![](https://img.wattpad.com/cover/337977181-288-k920262.jpg)
YOU ARE READING
My Wattpad Lover (Taekook)✔️
Fanficටේහ්යුන්ග් ට ඒ බකට් හැට් එකේ අය්තිකාරයා අදුරගන්න පුලුවන් වෙය්ද?