Chapter 17

414 67 17
                                    

තමන්ගෙ යටිකයෙන් දැනුන වේදනාව එක්ක ඇහැරුන ජංකුක් විනාඩි කිහිපයක් සිවිලිම දිහා බලන් හිටියෙ ඇස් වලින් කඳුලු බිංදු බේරිලා යනකොට...

තමන්ගෙ එහා පැත්තෙ නිදාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා කඳුලු පිරුණු ඇස් වලින් බලපු ජංකුක්ට හිතුනෙ මේ ඉන්නෙ ඊයෙ රෑ හිටපු එයාගෙ ටේහ්‍යුන්ම කියලා.... මොකද ඊයෙ රෑ රාක්ශයෙක් වගේ හිටපු ටේහ්‍යුන් දැන් අහිංසකයෙක් වගේ නිදාගෙන ඉදියෙ....

" ඔහොම ඉන්නකොට ඔයා ගොඩක් ලස්සනයි හියුන්ග් "

ජංකුක් ටේහ්‍යුන් දිහ බලන් හෙමින් මිමිණුවා.. ටේහ්‍යුන් ජංකුක්ට කොයිතරම් නරක විදිහට සැලකුවත් ජංකුක්ගෙ හිතේ තිබුණ ආදරේ නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුනෙ නැහැ... දැනෙන වේදනාව ගැන හිතන්නෙ නැතුවම ජංකුක් හෙමිහිට නැගිටලා ඇඳුමකුත් දාගෙන කිචන් එක දිහාවට යන්න හිතාගෙන ඇදෙන් බැහැලා ගියා... ඒත් එයා නොදැක්ක එක දෙයක් තිබුනා....

.

.

ජංකුක් පඩිපෙලේ අත්වැට අල්ලගෙන කෙටි අඩි තියමින් හෙමින් හෙමින් පහළට බැහැගෙන ආවා... පඩිපෙල අන්තිම පඩියෙන් බහිනවත් එක්කම ජංකුක්ට දැනුනා එකපාරටම එයාගෙ වටේම අඳුරු වෙනවා වගේ... ඒ එක්කම ජංකුක්ව ෆේන්ට් වෙලා පඩිපෙල ලඟම ඇදගෙන වැටුනා....
.

.

.

.

.

.

.

.

ඇස් දෙකට වැටුන ඉර එළියත් එක්ක ටේහ්‍යුන් හෙමින් ඇස් ඇරලා හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වෙලා වාඩි උනා.... බීපු එකේ ප්‍රථිපලයක් විදිහට ටේහ්‍යුන්ට තද හිසේ කැක්කුමක් දැනුන නිසා ටේහ්‍යුන් ඇස් දෙක ආයෙත් වහගෙන නලල පොඩි කරගත්තෙ ඊයෙ උන දේවල් ආයෙමත් එක පෙළට මතක් වෙද්දි... ටේහ්‍යුන් ජංකුක් එක්ක හැසිරුන විදිහ ටේහ්‍යුන්ට මතක් උනා... ටේහ්‍යුන් ඒ වෙලාවෙ තමයි තමන්ගෙ එහාපැත්ත බැලුවෙ... ඒත් ජංකුක් තව දුරටත් ඇඳ උඩ හිටියෙ නැහැ...

ටේහ්‍යුන් බෙඩ්ශීට් එක අයින් කරලා ඇඳෙන් නැඟිටින්න හදනකොටම දැක්කෙ ඇඳට දාලා තිබුන අනෙක් සුදුපාට බෙඩ්ශීට් එකේ කොටසක් පුරාම ලේ පැල්ලම් තියෙනවා.... ටේහ්‍යුන්ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා... ටේහ්‍යුන් ජංකුක්ව කාමරේ පුරාම හෙව්වත් ජංකුක් හිටියෙ නැහැ... ටේහ්‍යුන්ගෙ හදවත බයෙන් පිරුනා... අතට අහු උන ඇඳුමක් ඇඳගෙන ටේහ්‍යුන් පහළට ආවෙ ජංකුක්ව හොයාගෙන....
.

𝐌𝐲 𝐀𝐥𝐢𝐞𝐧 ( Completed ) Where stories live. Discover now